Wednesday, October 15, 2025

මූකලන් කොට්ටෝරුවා (Megalaima rubricapillus)


 පහත රට තෙත් කලාපීය ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර සහ ගස් කොළන් සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ ආවේනික පක්ෂියෙකි. නැගෙනහිර කඳුකර ප්‍රදේශ වල සහ ඉහල කඳුකර එවන් පරිසර පද්ධති වලද එතරම් සුලභ නොවන ලෙසින් හමුවේ. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරට ගන්නා මූලකන් කොට්ටොරුවා පෙබරවාරි සිට මැයි දක්වා මාස වල සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරයි. එහෙත් වසරේ වෙනත් මාස වලද කලාතුරකින් අභිජනනය කරන බව නිරීක්ෂණය කර ඇත. මියැදුනු ගසක මෘදු කඳේ හෝ අත්තක හාරන ලද බෙනයක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.

English Post >> 

Sunday, October 12, 2025

Red faced Malkoha/වත රතු මල්කොහා [Wata Ratu Malkoha] (Phaenicophaeus pyrrhocephalus)

 An endemic and fairly rare bird found locally in the dense, tall forests of the wet zone, ranging from the lowlands to the mid-hills. It is very rare in the dry lowland forests and the higher hills. Red-faced Malkoha is usually seen alone, in pairs, or in small parties. A shy bird by nature, it inhabits mainly the canopy of tall, dense forests. Red-faced Malkoha feeds primarily on the berries of forest trees. Its breeding season occurs during the first half of the year, with a possible second breeding period from August to September. The nest is a shallow saucer made of grass, roots, and twigs, placed in high bushes within thick forest undergrowth, where it lays two or three eggs.

Saturday, September 20, 2025

Kuruna debilis [Syn: Arundinaria debilis]

An endemic, bamboo-like vine found on upper mountain slopes at elevations of 1,500–2,000 m. It is locally common, often hanging from small trees and other vegetation, sometimes draping them thickly.

Saturday, August 30, 2025

Jungle Owlet/වයිරම් බස්සා/වන උපබස්සා[Wayiram Bassa/Wana Upabassa] (Glaucidium radiatum)

The Jungle Owlet is a relatively uncommon breeding resident, found locally in dense forests, wooded areas, and nearby well-wooded home gardens, ranging from dry lowlands to dry mid-hills. It is typically solitary or seen in pairs and remains active both day and night. This territorial bird primarily feeds on insects, beetles, and other invertebrates, but it also preys on small birds, rats, and lizards. Breeding occurs during the first half of the year, with the owlet laying 3-4 eggs in a tree hole, directly on the floor of the cavity.

Friday, August 29, 2025

උකුසු බස්සා/දුඹුරු උකුසු බස්සා(Ninox scutulata)

 දිවයින පුරා වනාන්තර, වගා බිම් සහ ගහ කොළ සහිත නගර සහ ගම්මාන ආශ්‍රිතවද හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඉහල කඳුකරයේ එතරම් සුලභ නොවේ. තරමක් දුරට තුරු වදුලින් යුත් කොළඹ සහ ඒ අවට ප්‍රදේශද ඇතුලත් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වල විදුලි හෝ දුරකතන කණු මත හෝ වහලවල් මත තිබෙන රූපවාහිනි ඇන්ටෙනා මත රාත්‍රී කාලයේදී වසා සිටින මෙම බස්සාගේ දර්ශනය එතරම් දුලභ දසුනක් නොවේ. බොහෝවිට සඳ එළිය සහිත රාත්‍රී වලදීත් වෙනත් දිනවලත් ඇසෙන  කූක්..කූක් නාදය මගින් මෙම පක්ෂියා එම ප්‍රදේශයේ සිටින බව පහසුවෙන් හඳුනාගත හැක. රාත්‍රී කාලයේදී ක්‍රීයාකාරි උකුසු බස්සා යම් ස්ථානයක සිට වරින් වර ඉගිලී ගොස් ගොදුරු කරගන්නා කෘමීන් ආහාරයට ගනී. උකුසු බස්සා මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සහ නැවතත් නොවැම්බර් මාසයේ ගස් බෙනයක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනය කරයි.

English Post >>


Sunday, July 13, 2025

Drongo-cuckoo/Fork-tailed Drongo-cuckoo/කවුඩු කොහා[Kawudu Koha] (Surniculus dicruroides)

Rather uncommon breeding resident of open forests, wooded areas and adjoining open scrublands from lowland to higher hills. Fork-tailed Drongo-cuckoo feeds on various insects such as caterpillars and beetles and probably some fruits and seeds. Not much is known about its breeding in Sri Lanka but believed to be parasitized in Common Iora and Dark-fronted Babbler nests. 

Saturday, July 12, 2025

ලබු ගිරවා (Psittacula eupatria)

ලබු ගිරවා පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඇතැම් ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභව දැකිය හැක. ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ හමුවන මුත් තෙත් කලාපයේද කලාතුරකින් දැකිය හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා හෝ විශාල රංචු වශයෙන් වනාන්තර සහ ගහ කොළන් සහිත පරිසර පද්ධති වල සැරිසරමින් පළතුරු, බීජ වර්ග සහ ධාන්‍ය ආහාරයට ගන්නා ලබු ගිරවා නොවැම්බර් සිට මැයි දක්වා කාලයේ විශාල මැරුණ හෝ එසේ නොවන ගසක ස්වාභාවිකව ඇතිවූ හෝ කෑරළුන් විසින් තැනූ කුහරයක් තම අවශ්‍යතාවය පරිදි විශාල කරගෙන තැනූ බෙනයක බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි 

English Post >>
 

Saturday, June 28, 2025

පන් වඩුකුරුල්ලා (Ploceus manyar flaviceps)

පන් වඩුකුරුල්ලා පහත රට වියලි කලාපයේ වගුරු බිම් සහ වැව් ඉවුරු වල දැකිය හැකි උස් පන් ගාල් වල ස්ථානීය වශයෙන් සුලභ දේශීයව අභිජනනය කරන පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් වෙරළාශ්‍රිත එවන් පරිසර පද්ධති වල දැකිය හැක. කලාතුරකින් පහත රට තෙත් කලාපයේ එවන් ස්ථාන වලටද සංක්‍රමණය වේ. රංචු වශයෙන් හැසිරෙන පන් වඩුකුරුල්ලා කුඹුරු සහ වගුරු බිම් වල බීජ වර්ග සහ කෘමින් ආහාරයට ගනිමින් ජීවත් වේ. පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා මාස වල පන් ගාල් වල විසිරුණු කොලනි වශයෙන් ගෝලාකාර කූඩු තනා අභිජනනය කරයි. පන් වඩු කුරුල්ල සිය කූඩුව රුක් වඩු කුරුල්ලාගේ කූඩුවට වඩා කෙටි පිවිසුමක් සහිතව පන් වලින් තනයි.  

English Post >>