Wednesday, May 27, 2020

බඹර උකුස්සා/සිළු බඹරකුස්සා (Pernis ptilorhynchus)

තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකු වන බඹර උකුස්සා දිවයින පුරාම පාහේ දැකිය හැකි පක්ෂියෙකි. දේශීය පක්ෂීන්ට අමතරව සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන නොවැම්බර සිට අප්‍රේල් දක්වා මාස වල විදේශයන්හි සිට මෙරටට පැමිණෙන බඹර උකුස්සන්ද සිටින බව හඳුනාගෙන ඇත. බොහෝවිට මෙරටදී දැකිය හැකි බහුතරයක් පක්ෂීන් සංක්‍රමණික පක්ෂීන් බවට විශ්වාස කෙරේ. මෙරට තුල අභිජනනය සඳහා බඹර උකුස්සන් කූඩු හදන අවස්ථා සුළු ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, කූඩු සෑදීම උදෙසා අමුද්‍රව්‍ය රැස් කරන පක්ෂීන් මෙන්ම කුඩා පැටවුන්ද නිරීක්ෂණය කර ඇත. එපමණක් නොව පූර්ව සංවාස හැසිරිම් වල යෙදෙන සහ සංවාසයේ යෙදෙන බඹර උකුස්සන් ජෝඩු ද දුටු බවට වූ වාර්තා ඇත. ප්‍රධාන වශයෙන් වනාන්තර වල සැරිසරන පක්ෂියෙකු වන අතර කලාතුරකින් විවෘත ප්‍රදේශ වලද හමුවේ. ප්‍රධාන වශයෙන් මීමැස්සන්ගේ සහ බඹරුන්ගේ වද සහ ඒවායේ සිටින පිළවුන් ආහාරයට ගන්නා බඹර උකුස්සන් ඊට අමතරව විවිධ කෘමීන්, කටුස්සන් සහ කුඩා ක්ෂීරපායීන්ද ගොදුරු කර ගනී. ඉන්දියන් වාර්තා වලට අනුව බඹර උකුස්සන් කෝටු කෑලි, රිකිලි සහ කොල උපයෝගි කරගනිමින් වනාන්තරයේ ගසක් මත හදන කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>