Thursday, December 31, 2020

ගෝමර සිටිබිච්චා/ගෝමර බට්ටි කුරුල්ලා (Saxicola caprata atrata)

 තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකු වුවත් කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා තෘණ භූමි, පතන් බිම්, ගෙවතු සහ විවෘත භූමි වල සුලභව දැකිය හැක. ජොඩු වශයෙන් හමුවන ගෝමර සිටිබිච්චන් මිටි පඳුරු සහ එවන් ස්ථාන වල සිට ඉගිලෙමින් කෘමි සතුන් ගොදුරු කරගනී. ගෝමර සිටිබිච්චා වසරේ පෙබරවාරි සිට මාර්තු මාස වල තණකොළ පත්‍ර, කුඩා මුල් සහ වෙනත් එවැනි දෑ උපයෝගි කරගනිමින්  කඳු බෑවුමක හෝ කණ්ඩියක් මත මනාව සැඟවුන ස්ථානයක සාදන විවෘත කෝප්පයක හැඩය සහිත කූඩුවක බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>