දේශීය පක්ෂියෙකු වන නිල් මහගොයා මෙරට තුල හමුවන පරවි කුලයේ විශාලතම සාමාජිකයාද වේ. පහතරට සිට කඳුකරයේ පහල ප්‍රදේශය දක්වාම වූ වනාන්තර සිය වාසභූමිය කරගන්නා නිල් මහාගොයා නිතර වනාන්තරයේ උඩු වියනේ ගස් මත දැකිය හැක. යුගල වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් ජීවත් වන අතර විශේෂයෙන්ම පළතුරු හටගන්නා කාලයේ රංචු ලෙස එම ගස් මත දැකගත හැක. උදෑසන සහ සවස් කාලයේ වඩාත් ක්‍රියාකාරී වන අතර ප්‍රධාන වශයෙන් පළතුරු ආහාර කර ගනී. දිය කඩිති වල රැදී ඇති ජලය පානය කිරීමට පමණක් බිමට බසින නිල් මහගොයන් අන් අවස්ථා වල තුරු මත පමණක් සිටින පක්ෂියෙකි. දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ කුඩා ගසක් මත කොටු කැබැලි වලින් කූඩුවක් සාදා එක් බිත්තරයක් පමණක් දමා අභිජනනයේ යෙදෙයි.
Today one died and fell 😭
ReplyDeleteKapupo ketuwa.thatuwak thuwala wela.monawada dana beheth
ReplyDeleteMehe ekanam bathuth hoo gala gilinawa
ReplyDelete