දිවයිනේ වියලි කලාපීය උතුරු අර්ධයේ වෙරලබඩ ප්‍රදේශ වලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරලබඩ තෙත් බිම් සහ වැව් ආදියට සංක්‍රමණය කරන සුලභ මුහුදුළිහිණියෙකි. තෙත් කලාපයේද ඇතැම්විට දැකිය හැක. ආදම්ගේ පාලමේ දූපත් වල අභිජනනය කරන බවටද, අවුරුද්ද පුරාම දැකිය හැකි ගහණයක් මීගමු කලපුවේ සිටිනා බවටද වාර්තා ඇත. තනිව හෝ ජෝඩු වශයෙන් පියාසර කරන මෙම මුහුදුළිහිණියන් බොහෝවිට වෙනත් විශේෂ වල මුහුදුළිහිණින් සමග වැලි පර වල ගිමන් හරින ආකාරය නිරීක්ෂණය කල හැක.
English Post >>
No comments:
Post a Comment