පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වියලි සහ තෙත් යන කලාප දෙකේම පාහේ වනාන්තර සහ ඒ ආශ්‍රිත හොඳින් ගහ කොළන් සහිත ගෙවතු වල එතරම් සුලභ නොවන ලෙස හමුවන පක්ෂියෙකි. ජෝඩු වශයෙන් ජීවත් වෙමින් ගස් වල පොත්ත තුල ජීවත් වන කුහුඹුවන්, වේයන්, වැනි කෘමීන් ගොදුරු කරගනී. බොහෝවිට ගස් මුදුන් වල ඇති හීනි අතු වල මේ ආකාරයෙන් කෘමින් සොයමින් යන මෙම කෑරලා නිතර සිය සහකරුවා සමග නාද කරමින් සම්බන්ධතාවය පවත්වා ගනී. පෙබරවාරි සිට ජූලි දක්වා කාලයේ දිරා ගිය අත්තක පහල මතුපිට හෝ කොටයක බෙනයක් හාරා එහි බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.
No comments:
Post a Comment