දිවයිනේ උතුරු ප්‍රදේශයේ හැර අනෙකුත් පහත රට සහ කඳුකර ප්‍රදේශ වල වනාන්තර, වගා බිම් සහ ගෙවතු වල සුලභ ලෙස හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. ජෝඩු වශයෙන් දිවි ගෙවන මෙම කෑරලා ගස් පොතු තුල සිටින කුහුඹුවන් වැනි කුඩා කෘමීන් ආහාරයට ගනී. කලාතුරකින් භූමිය මතද වසා එවැනි කෘමින් ගොදුරු කරගන්නා ආකාරය දැකිය හැක. මාර්තු සිට ජූනි දක්වා සහ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක අත්තක් හෝ කඳ තුලට හෑරු බෙනයක බිත්තර දමා අභිජනනයේ යෙදේ.
English Post >>
No comments:
Post a Comment