දිවයිනේ උතුරු අන්තයේ, ප්‍රධාන වශයෙන් වෙරළබඩ ප්‍රදේශ වල විශේෂයෙන් වෙරළබඩ නගර වල එතරම් සුලභ නොවන ලෙස දැකිය හැකි දේශිය පක්ෂියෙකි. එසේම එම ප්‍රදේශ වලටම සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පැමිණෙන මෙරට අභිජනනය නොකරන පක්ෂීන්ද සිටින බව නිරීක්ෂණය කර ඇත. කලාතුරකින් දිවයිනේ වෙනත් ප්‍රදේශ වලද වාර්තා වේ. කුඩා රංචු වශයෙන් හෝ තනි තනි පක්ෂීන් වශයෙන් ප්‍රධාන වශයෙන් මිනිස් වාසස්ථාන ආශ්‍රිතව ඉවත දමන ආහාර මත යැපෙමින් දිවි ගෙවයි. දෙසැම්බර් සිට අප්‍රියෙල් දක්වා කාලයේ ගසක උඩු වියනේ හෝ පොල් ගසක පොල් අත්ත කඳට සවිවන ස්ථානයේ කෝටු කැබලි ගොඩ ගසා තනන කූඩුවක බිත්තර දෙකේ සිට හතර දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය සිදු කරයි.
No comments:
Post a Comment