පහත රට තෙත් කලාපයේ සිට උස් කඳුකරය දක්වා වනාන්තර සහ හොඳින් ගහකොළ සහිත ස්ථාන වල යටි වියනේ හමුවන මෙරටට ආවේනික දුර්ලභ පක්ෂියෙකි. ස්ථානීය වශයෙන් දුර්ලභව වියලි කලාපයේ ගංගාධර වනාන්තර වලද වාර්තා වේ. කෘමීන්, පණුවන් වැනි භූමිය මත වසන සතුන් ගොදුරු කරගන්නා මෙම පක්ෂියා තනිව හෝ ජෝඩු වශයෙන් කොළ රොඩු අවුස්සමින් පොළොව මත එහෙ මෙහෙ යමින් එවැනි සතුන් ආහාරය ගනී. මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කෝටු කෑලි, පාසි සහ තණකොල රැසක් එක් කර මීවන ගසක මුදුනේ හෝ ලපටි ගසක අතු දෙබලක තනන කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනය කරයි.
No comments:
Post a Comment