උප විශේෂ තුනක් ලෙසින් සුදුසු පරිසර තත්වයන් ඇති ප්‍රදේශ වල දිවයින පුරාම පාහේ ව්‍යාප්තියක් දක්වන ක්ෂීරපායී සත්වයෙකි දඬු ලේනා. වනාන්තර හෝ වනාන්තර මායිම් වල පිහිටි ගස් කොළන් සහිත ගම්මාන වල දැකිය හැකි දඬු ලේනා ගස් මත සැරිසරන දිවා කාලයේ ක්‍රියාකාරී වන සත්වයෙකි. ගස් වල කොළ, පොතු, දළු මෙන්ම පළතුරු සහ වෙනත් කුඩා ගෙඩි වර්ගද ආහාරයට ගන්නා මෙම සත්වයා එයට අමතරව ඇතැම් විට කෘමීන්, පිළවුන් මෙන්ම පක්ෂි බිත්තරද ගොදුරු කරගනී. තනි සත්වයෙකු හෝ ජෝඩුවක් විසින් වෙන් කරගන්නා වපසරියක උස ගස් වල අතු පතර කුඩා අතු සහ කෝටු කැබලි උපයෝගි කරගනිමින් කූඩු තුනක් හතරක් පමණ තනන දඬු ලේනා එම කූඩු පැටවුන් බිහිකිරීම උදෙසා මෙන්ම රාත්‍රියේදී නිදාගැනිම උදෙසාද භාවිතා කරයි.
No comments:
Post a Comment