දිවයිනේ උතුරු සහ වයඹ දිග වෙරළබඩ කලපු, ලුණු ලේවායන් සහ උදම් වගුරු බිම් වලට කුඩා හෝ විශාල රංචු වශයෙන් උතුරු අර්ධගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේදී පැමිණෙන සුලභ සංචාරක පක්ෂියෙකි. එසේම වරායන් අවට කසල සොයමින් හැසිරෙන පක්ෂීන් මෙන්ම ධීවර බෝට්ටු පසු පස පැමිණෙන පක්ෂීන්ද ඇතැම්විට දැක ගත හැක. ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන් සහ වෙනත් කුඩා මුහුදු ජීවින් ගොදුරු කරගන්නා මෙම පක්ෂියා ඊට අමතරව මියගිය සත්වයන් මෙන්ම නැව් සහ ධීවර බෝට්ටු පසු පස ගොස් ඒවායින් ඉවත දමන කසල ආහාරයට ගැනීමද සිදු කරයි. පිටකළු මුහුදු කපුටා සයිබීරියාවේ සහ උතුරු යුරෝපයේ අභිජනනය කරයි.
No comments:
Post a Comment