පන් වඩුකුරුල්ලා පහත රට වියලි කලාපයේ වගුරු බිම් සහ වැව් ඉවුරු වල දැකිය හැකි උස් පන් ගාල් වල ස්ථානීය වශයෙන් සුලභ දේශීයව අභිජනනය කරන පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් වෙරළාශ්‍රිත එවන් පරිසර පද්ධති වල දැකිය හැක. කලාතුරකින් පහත රට තෙත් කලාපයේ එවන් ස්ථාන වලටද සංක්‍රමණය වේ. රංචු වශයෙන් හැසිරෙන පන් වඩුකුරුල්ලා කුඹුරු සහ වගුරු බිම් වල බීජ වර්ග සහ කෘමින් ආහාරයට ගනිමින් ජීවත් වේ. පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා මාස වල පන් ගාල් වල විසිරුණු කොලනි වශයෙන් ගෝලාකාර කූඩු තනා අභිජනනය කරයි. පන් වඩු කුරුල්ල සිය කූඩුව
රුක් වඩු කුරුල්ලාගේ කූඩුවට වඩා කෙටි පිවිසුමක් සහිතව පන් වලින් තනයි.
English Post >>
No comments:
Post a Comment