English Post >>
Pages
▼
▼
Sunday, February 22, 2026
මහා ලිහිණි ඔලෙය්යා/පෙරදිගු ජවසැරියා (Glareola maldivarum)
එතරම් සුලභ නොවන ලෙස ස්ථානීය වශයෙන් වෙරළබඩ වියලි විවෘත භූමි සහ තෘණ භූමි වලත් පහත රට වියලි කලාපයේ වැව් ඉවුරු ආශ්‍රිතවත් හමුවන දේශීය පක්ෂියෙකි. එසේම උත්තර අර්ධගෝලයේ රටවල ශීත සෘතුව පවතින මාස වලදී මෙරටට සංචාරය කරන පක්ෂීන්ද සිටින අතර, ඇතැම් විට ඔවුන් විශාල රංචු ලෙසින්ද හමුවේ. කුඩා සහ විශාල රංචු ලෙසින් දිවිගෙවන මහ ලිහිණි ඔලෙයියන් උදෑසන සහ සවස් කාලයේදී ක්‍රියාශීලි වන අතර කුරුමිණියන්, සලබයන් වේයන් වැනි පියාඹන කෘමීන් බොහෝවිට රංචු ලෙසින් ඉගිලී ගොස් ගොදුරු කරගනී. දිවා කාලයේදී පොළව මත විවේකීව සිටින අතර ඇතැම් අවස්ථා වලදී ඔලෙවියන් මෙන් එහෙ මෙහෙ දුවන අයුරු නිරීක්ෂණය කල හැක. මාර්තු සිට ජූලි දක්වා කාලයේ කූඩුවක් නොසාදා පොළොව මත, බොහෝවිට වියලි ගොම ගොඩක් මත බිත්තර දෙකක් දමා අභිජනනය කරයි.
No comments:
Post a Comment