වැඩුණු සතුන් සෙන්ටිමීටර 26 සිට 31 පමණ දිග කුඩා, නිර්විෂ, මෙරටට ආවේනික භෞමික සර්පයෙකි පුල්ලි දත් කැටියා. දිවා කාලයේ හැසිරෙන සර්පයෙකු වන අතර හවස් යාමයේ බොහෝවිට ක්‍රියාශීලී වේ. පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල මෙන්ම මිනිස් ජනාවාස ආශ්‍රිතවද හමුවේ. වියලි කලාපයේ ඇතැම් ස්ථාන වලින්ද වාර්තා වූ බවට වූ පැරණි වාර්තා තිබේ. දිරායන කොළරොඩු, ගල් යට, ගස් කොටන් යට මෙන්ම රොන්මඩ සහිත කාණු වලද සැඟවී සිටී. උරග බිත්තර, කෘමීන්, මකුළුවන් මෙන්ම කුඩා උරගයන්ද ආහාර කර ගන්නා පුල්ලි දත් කැටියා කලබල වූ විට බෝලයක් මෙන් ගුලිවී ඇතැම්විට ශරීරයේ ඉදිරි කොටස තරමක් විශාල කර, හිස පැතලි කර එය ත්‍රිකෝණාකාර ආකාරය දක්වා පොළොඟුන් අනුකරණය කරයි.
English Post >>
No comments:
Post a Comment