මුහුදු වෙරළ, කලපු, ගංගා මෝය වල ඉවුරු සහ වෙරළාශ්‍රිත මඩ වගුරු ආදියෙහි තරමක් දුර්ලභ ලෙස හමුවන සංචාරක පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් වියලි කලාපයෙහි එවන් පරිසර පද්ධති වල හමුවේ. තනි තනි පක්ෂීන් වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් කුඩා භෞමික කෘමීන්, කකුළුවන්, ඉස්සන් වැනි ක්‍රස්ටේෂීයන් පවුලේ සතුන් සහ පණුවන් ගොදුරු කරගනිමින් වෙසේ. ඈත පෙරදිග ආසියානු ප්‍රදේශවල සහ ජපානයේ අභිජනනය කරයි.
English Post >>
No comments:
Post a Comment