පහත රට තෙත් කලාපයේ සිට කදුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වාත්, පහත රට වියලි කලාපයේ කදුකරයේ පහල මට්ටම් වලත් වනාන්තර සහ හොදින් ගහ කොළ සහිත ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. කෙසේ නමුත් අලු ගිරවා වඩාත් සුලභ ලෙස හමුවන්නේ කදු පාමුල සිට මීටර 1500 උස් මට්ටම් දක්වා ප්රදේශ වලය. ජෝඩු ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් දිවි ගෙවන මේ පක්ෂියා ප්‍රධාන වශයෙන් පළතුරු, මල් වර්ග සහ මල් පැණි ආහාරයට ගනී. අලු ගිරවා ජනවාරි සිට මැයි දක්වාත්, නැවත ජූලි සිට සැප්තැම්බර් දක්වාත් ගසක කදක ඇති බෙනයක බිත්තර 2 හෝ 3 ක් දමා අභිජනනය කරයි.
No comments:
Post a Comment