මෙරට සියළුම දේශගුණික කලාප වල පාහේ වනාන්තර සහ හොදින් ගහ කොළ සහිත ගෙවතු සහ වගා බිම් වල සුලභ දේශීය පක්ෂියෙකි. ඉහල කදුකරයේ දුර්ලභ වන අතර වියලි කලාපයේ එතරම් සුලභ නොවේ. විවිධ ධාන්‍ය වර්ග, ශාක බීජ සහ ගෙඩි වර්ග ආහාරයට ගන්නා නීලකොබෙයියා තනිව හෝ ජෝඩු වශයෙන් බොහෝවිට භූමිය මත දැකිය හැක. වසර පුරාම පාහේ අභිජනන ක්‍රියාවලියේ නිරත වන මුත් පෙබරවාරි-මාර්තු සහ බොහෝවිට නැවතත් සැප්තැම්බර් මාසයේ අභිජනන ක්‍රියාවලියේ වැඩිවීමක් නිරීක්ෂණය කල හැක. වනාන්තරයේ කුඩා ගසක් හෝ පදුරක් මත තනන කූඩුවක බිත්තර දෙකක් පමණ දමා නීලකොබෙයියා අභිජනනය කරයි.
English Post >>
No comments:
Post a Comment