එතරම් සුලභ නොවන ලෙසට පහත රට තෙත් කලාපයේ සිට කදුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත හොදින් ගහ කොළ සහිත ගෙවතු සහ වගාබිම් ආදියේ ස්ථානීය වශයෙන් හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. ජෝඩු හෝ කුඩා රංචු වශයෙන් වනාන්තර උඩු වියනේ සැරිසරමින් පළතුරු සහ කුඩා ගෙඩි වර්ග ආහාරයට ගන්නා මෙම සැළලිහිණියා වසරේ පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගස් බෙනයක බිත්තර දමා අභිජනනය කරයි.