Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Sunday, November 2, 2025
Plum-headed Parakeet/පණු ගිරවා [Panu Girawa] (Psittacula cyanocephala)
Saturday, July 12, 2025
ලබු ගිරවා (Psittacula eupatria)
ලබු ගිරවා පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඇතැම් ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභව දැකිය හැක. ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ හමුවන මුත් තෙත් කලාපයේද කලාතුරකින් දැකිය හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා හෝ විශාල රංචු වශයෙන් වනාන්තර සහ ගහ කොළන් සහිත පරිසර පද්ධති වල සැරිසරමින් පළතුරු, බීජ වර්ග සහ ධාන්‍ය ආහාරයට ගන්නා ලබු ගිරවා නොවැම්බර් සිට මැයි දක්වා කාලයේ විශාල මැරුණ හෝ එසේ නොවන ගසක ස්වාභාවිකව ඇතිවූ හෝ කෑරළුන් විසින් තැනූ කුහරයක් තම අවශ්‍යතාවය පරිදි විශාල කරගෙන තැනූ බෙනයක බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි
English Post >>Monday, July 8, 2024
ගිරාමලිත්තා (Loriculus beryllinus)
Sunday, March 26, 2023
රෑන ගිරවා/මාල ගිරවා (Pstittacula krameri)
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරය ආරම්භ වන උස මට්ටම දක්වාම ඉතාමත් සුලභව හමුවන දේශීය පක්ෂියෙකි. බොහෝවිට රංචු වශයෙන් ඉතාමත් වේගයෙන් ශබ්ද නගමින් පියාඹන රෑන ගිරවුන් පළතුරු, මල් පොහොට්ටු, ශාක බීජ ආදිය ප්‍රධාන වශයෙන් අහාරයට ගනී. එසේම වී වගාවට විශාල හානියක් කරමින් පැසුණු වී කරල් කා දමයි. නොවැම්බර් සිට ජූනි දක්වා කාලයේ දිරාගිය ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනයේ යෙදේ.
English Post >>




