Wednesday, March 13, 2024

සුදු මහ කොකා/මහ සුදු කොකා (Casmerodius alba)


පහත රට වියලි කලාපයේ කුඹුරු, වැව්, ගංගා, කලපු සහ කඩොලාන පරිසර වල සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අතර, කලාතුරකින් කඳුකරයේද හමුවේ. බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් හෝ පක්ෂීන් කිහිප දෙනෙක් වෙනත් කොකුන් විශේෂද සමග හැසිරෙමින් මාළුන්, ඉස්සන් වැනි ජලජ සතුන් මෙන්ම පොළොව මත සිටින තණකොලපෙත්තන් වැනි කෘමීන්ද ගොදුරු කරගනී. මහ සුදු කොකා දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ ජලයට ආසන්නව පිහිටි ගසක කෝටු කෑලි එකතු කර තනන නොගැඹුරු වේදිකාවක් වැනි කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය සිදුකරයි. බොහෝවිට  වෙනත් කොකුන්, විශේෂ සහ දියකාවන් විශේෂ සමග සාමූහිකව එකම ගසක හෝ ආසන්න ගස් කිහිපයක මෙම කොකාද කූඩු තැනීම සිදු කරයි.

 English Post >>