ලබු ගිරවා පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඇතැම් ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභව දැකිය හැක. ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ හමුවන මුත් තෙත් කලාපයේද කලාතුරකින් දැකිය හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා හෝ විශාල රංචු වශයෙන් වනාන්තර සහ ගහ කොළන් සහිත පරිසර පද්ධති වල සැරිසරමින් පළතුරු, බීජ වර්ග සහ ධාන්‍ය ආහාරයට ගන්නා ලබු ගිරවා නොවැම්බර් සිට මැයි දක්වා කාලයේ විශාල මැරුණ හෝ එසේ නොවන ගසක ස්වාභාවිකව ඇතිවූ හෝ කෑරළුන් විසින් තැනූ කුහරයක් තම අවශ්‍යතාවය පරිදි විශාල කරගෙන තැනූ බෙනයක බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි
English Post >>
No comments:
Post a Comment