Showing posts with label Endemic Fauna. Show all posts
Showing posts with label Endemic Fauna. Show all posts

Sunday, May 3, 2026

මූකලන් ලේනා (Funambulus layardi)

 

නිරිත දිග තෙත් කලාපයේ පහත රට ප්‍රදේශ වල සිට මීටර් 1200 ක් පමණ වන කඳුකරය දක්වා, දුම්බර කදුකරයද ඇතුලත්ව ඝන කැලෑ වල එතරම් සුලභ නොවන ලෙස හමුවන මෙරටට ආවේනික ක්‍ෂීරපායීයෙකි. දිවා කාලයේ බොහෝවිට වනාන්තරයේ වියන් ස්ථරයේ ආහාර සොයමින් ගතකරන මූලකන් ලේනා ඇතැම් විට පොළොව මතද දැකගත හැක.ප්රධාන වශයෙන් පළතුරු, ඇට වර්ග, ලයිකන, දලු මෙන්ම කුඩා කෘමීන් සහ දළඹුවන්ද ආහාරට ගන්නා මෙම ලේනා විවිධ වර්ගයේ පක්ෂි විශේෂ එකතු වී ආහාර සොයමින් ගමන් කරන මිශ්‍ර විශේෂ කුරුළු නඩ සමගද ගමන් කරයි. ජෝඩු වශයෙන් දිවි ගෙවන මූකලන් ලේනා මැයි සිට ජූලි දක්වා කාලයේ අභිජනනය කරයි. 

English Post  >>

Monday, April 27, 2026

අලු ගිරවා (Psittacula calthropae)

 පහත රට තෙත් කලාපයේ සිට කදුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වාත්, පහත රට වියලි කලාපයේ කදුකරයේ පහල මට්ටම් වලත් වනාන්තර සහ හොදින් ගහ කොළ සහිත ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. කෙසේ නමුත් අලු ගිරවා වඩාත් සුලභ ලෙස හමුවන්නේ කදු පාමුල සිට මීටර 1500 උස් මට්ටම් දක්වා ප්රදේශ වලය. ජෝඩු ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් දිවි ගෙවන මේ පක්ෂියා ප්‍රධාන වශයෙන් පළතුරු, මල් වර්ග සහ මල් පැණි ආහාරයට ගනී. අලු ගිරවා ජනවාරි සිට මැයි දක්වාත්, නැවත ජූලි සිට සැප්තැම්බර් දක්වාත් ගසක කදක ඇති බෙනයක බිත්තර 2 හෝ 3 ක් දමා අභිජනනය කරයි. 

English Post >>

Thursday, April 23, 2026

Ashy-headed Laughingthrush/හිස අළු දෙමළිච්චා/ශ්‍රී ලංකා හිසළු උප-දෙමළිච්චා (Argya cinereifrons)

An endemic and uncommon species, it is locally occurs in dense forests of the wet lowlands and adjacent hills. It typically forages on the forest floor in small flocks, feeding mainly on insects. The Ashy-headed Laughingthrush often joins mixed-species feeding flocks. Breeding occurs primarily during the first part of the year—most likely from March to May—as well as from August to January. The nest is a rather untidy structure of twigs and leaves, with a neat nest-cup on top, in which three eggs are laid. 


 

Tuesday, April 21, 2026

White-faced Starling/හිස සුදු මයිනා/ශ්‍රීලංකා වත සුදු ශාරිකාවා (Sturnornis albofrontatus)

An endemic species, locally uncommon to rare in occurrence, inhabiting forests and adjacent well-wooded areas from the wet lowlands to the adjoining higher hills. It lives as pairs or as small flocks, feeding mainly on wild fruits in the canopy of tall trees. It also supplements its diet probably with insects and is particularly fond of nectar from flowers such as the red cotton tree. It nests in tree cavities, laying two eggs, with breeding recorded in April.

Sunday, April 12, 2026

සැළලිහිණියා (Gracula ptilogenys)

එතරම් සුලභ නොවන ලෙසට පහත රට තෙත් කලාපයේ සිට කදුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත හොදින් ගහ කොළ සහිත ගෙවතු සහ වගාබිම් ආදියේ ස්ථානීය වශයෙන් හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. ජෝඩු හෝ කුඩා රංචු වශයෙන් වනාන්තර උඩු වියනේ සැරිසරමින් පළතුරු සහ කුඩා ගෙඩි වර්ග ආහාරයට ගන්නා මෙම සැළලිහිණියා වසරේ පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගස් බෙනයක බිත්තර දමා අභිජනනය කරයි. 

English Post >>

Thursday, November 6, 2025

කොණ්ඩ කවුඩා/ශ්‍රී ලංකා සිළු කවුඩා (Dicrurus lophorinus)

පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා උස් වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත හොඳින් ගහ කොළ සහිත ගෙවතු සහ වෙනත් එවැනි පරිසර පද්ධති වල ස්ථානීය වශයේන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. ජෝඩු හෝ කුඩා රංචු වශයෙන් හැසිරෙන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් ඉගිලෙන කෘමීන් ගොදුරු කර ගනී. අප්‍රියෙල් සිට මැයි දක්වා කාලයේ උස් ගසක උඩු වියනේ අත්තක් මත කෝප්පයක හැඩැති කූඩුවක් තනා අභිජනනය කරයි.

 English Post >>

Sunday, October 19, 2025

Sri Lanka Drongo/කොණ්ඩ කවුඩා/ශ්‍රී ලංකා සිළු කවුඩා [Konda Kawuda/Sri Lanka Silu Kawuda] (Dicrurus lophorinus)

An endemic bird, locally common in tall forests, adjoining woodland habitats, and well-wooded gardens across a range of elevations from the wet lowlands to mid-hills. This drongo is observed either in pairs or small flocks and is primarily insectivorous, specializing in catching flying insects. Its breeding season occurs from April to May, during which it builds a small, cup-shaped nest in the canopy of a tall tree.

සිංහලෙන් කියවන්න >>

Wednesday, October 15, 2025

මූකලන් කොට්ටෝරුවා (Megalaima rubricapillus)


 පහත රට තෙත් කලාපීය ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර සහ ගස් කොළන් සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ ආවේනික පක්ෂියෙකි. නැගෙනහිර කඳුකර ප්‍රදේශ වල සහ ඉහල කඳුකර එවන් පරිසර පද්ධති වලද එතරම් සුලභ නොවන ලෙසින් හමුවේ. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරට ගන්නා මූලකන් කොට්ටොරුවා පෙබරවාරි සිට මැයි දක්වා මාස වල සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරයි. එහෙත් වසරේ වෙනත් මාස වලද කලාතුරකින් අභිජනනය කරන බව නිරීක්ෂණය කර ඇත. මියැදුනු ගසක මෘදු කඳේ හෝ අත්තක හාරන ලද බෙනයක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.

English Post >> 

Tuesday, July 9, 2024

ශ්‍රී ලංකා කොට්ටෝරුවා/හීන් කොට්ටෝරුවා (Psilopogon rubricapillus)


පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර, ගහකොළ සහිත විවෘත බිම්, ගෙවතු සහ වගා බිම් වල සුලභ ආවේනික පක්ෂියෙකි. වියලි කලාපයේද ස්ථානීය වශයෙන් හමුවේ. වෙනත් කොට්ටෝරුවන් මෙන්ම ශ්‍රී ලංකා කොට්ටෝරුවාද ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගන්නා අතර, අභිජනන සමය නොවන කාලයේදී බෝ, නුග වැනි පළතුරු හට ගන්නා ගස් වල විසිරුණු රංචු වශයෙන් හමුවේ. එසේ නොවන විට තනි තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු ලෙසින් දැකගත හැක. ජනවාරි සිට ජූලි දක්වා කාලයේ ගසක ආනතාකාර අත්තක පහල පෘෂ්ඨයේ හාරන ලද බෙනයක් තුල බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි. 

English Post >>

Monday, July 8, 2024

ගිරාමලිත්තා (Loriculus beryllinus)

පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වනාන්තර සහ හොඳින් ගහකොළ සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. තවද පහත රට වියලි කලාපයට අයත් කඳුකරයේ පහල ප්‍රදේශ වලද හමුවේ. තනි තනි පක්ෂීන් වශයෙන් හෝ ජෝඩු වශයෙන් හමුවන ගිරාමලිත්තා තනිකරම ගස් මත වසන පක්ෂියෙකි. පළතුරු, මල් පැණි, ඇට වර්ග ආදිය ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා මෙම පක්ෂියා පොල් සහ කිතුල් ගස් වල රා මදින්නන් විසින් මුට්ටි වල එකතු කරන තෙලිජ්ජ බීමටද රුචිකත්වයක් දක්වයි. ආහාර ගැනීමේදි කඩිසර ලෙස විවිධ කෝණ වලින් අතු අතර එල්ලී සිටීමේ පුරුද්දක් සහිත ගිරාමලිත්තා රාත්‍රී කාලයේදී සිහින් අතු කැබැල්ලක හිස පහලට සිටින සේ එල්ලී නිදා ගනී. මාර්තු සිට ජූනි දක්වා සහ ඇතැම්විට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගස් බෙනයක ගැහැණු පක්ෂියා විසින් කොළ වල අග්ගිසි සිහිනියට ඉරා ගත් කැබැලි එකතු කර තනන කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය සිදුකරයි. 

English Post >>

Saturday, April 13, 2024

Sri Lanka Warbler/කඳු හම්බූ කුරුල්ලා/ශ්‍රී ලංකා වනරැවියා [Kandu Hambu Kurulla/Sri Lanka Wanaraviya] (Elaphrornis palliseri)

 An endemic bird inhabiting dense forest undergrowth and sometimes in adjoining tea estates from mid hills to higher hills, while local and rather uncommon in the higher hills and rare in mid hills. It is territorial and lives as pairs. Sri Lanka Warbler feeds on small insects like crickets by skulking low among bushes of the undergrowth, while flying seldom only when needed to move from one patch of undergrowth to another. It breeds from February to May and again in September by building a large nest (Comparatively to its size) with a deep cup by moss, grass, bamboo leaves etc. and lines with fine fibres. The nest usually place in a dense shrub, about two or three feet from the ground where it lays two eggs. 

Tuesday, April 9, 2024

අරංගයා (Myophonus blighi)

මෙරටට ආවේනික දුර්ලභ එසේම ඉතාම කුලෑටි පක්ෂියෙකි. කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා ඝන වනාන්තර සහ වගා බිම් වල යටි රෝපනයේ  වේගයෙන් ගලායන දිය කඳුරු සහ පොකුණු ආශ්‍රිතව ජෝඩු වශයෙන් දිවිගෙවන මෙම පක්ෂියා උදෑසන සහ සන්ධ්‍යා කාලයේ ක්‍රියාකාරී වේ. අරංගයා ප්‍රධාන වශයෙන් කෘමීන් ගොදුරු කරගන්නා අතර එයට අමතරව ගෙම්බන්, හූනන් සහ වෙනත් එවැනි කුඩා සතුන් ආහාරයට ගනී. ජනවාරි සිට මැයි දක්වා කාලයේ ගැඹුරු කෝප්පයක හැඩැති කූඩුවක් කොළ පැහැති පාසි, කෝටු කැබැලි, වියලි කොළ ආදිය සිහින් මුල් සහ කෙඳි ආදියෙන් එකතු කර තනා එහි බිත්තර එකක් හෝ දෙකක් දමා අභිජනනය සිදුකරයි. කූඩුව බොහෝවිට වේගයෙන් ගලා යන ජල පහරක හෝ දිය ඇල්ලක පිහිටි ශිලා ගැට්ටක හෝ කුහරයක් තුල තනන මුත් ඇතැම් අවස්ථා වලදී ගසක දෙබලක් තුල හෝ වනාන්තරය තුල හෝ වනාන්තර මායිමක පිහිටි කණුවක තනන අවස්ථාද හමුවේ. 

English Post >>

Wednesday, March 27, 2024

Sri Lanka Whistling Thrush/අරංගයා [Arangaya] (Myophonus blighi)


 An endemic and rather uncommon shy bird occurs locally in fast flowing mountain streams and ponds in the dense jungles and undergrowth of  plantations from mid hills to higher hills. It lives as pairs and active at dawn and late into dusk. Sri Lanka Whistling Thrush feeds mainly on insects. But it also hunts frogs, geckos and such small animals. The breeding season is from January to May and it build a deep cup shape nest with large mass of green moss, twigs and dead leaves, lined with fine rootlets, fibres etc. The nest usually placed on a ledge or in a crevices of a rock beside a torrent or waterfall, but sometimes in a fork of a tree or on a stump in forest or forest borders where it lays one or two eggs. 

සිංහලෙන් කියවන්න >>

Tuesday, March 26, 2024

ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා/පුල්ලි වල් අවිච්චියා (Geokichla spiloptera)

පහත රට තෙත් කලාපයේ සිට උස් කඳුකරය දක්වා වනාන්තර සහ හොඳින් ගහකොළ සහිත ස්ථාන වල යටි වියනේ හමුවන මෙරටට ආවේනික දුර්ලභ පක්ෂියෙකි. ස්ථානීය වශයෙන් දුර්ලභව වියලි කලාපයේ ගංගාධර වනාන්තර වලද වාර්තා වේ.  කෘමීන්, පණුවන් වැනි භූමිය මත වසන සතුන් ගොදුරු කරගන්නා මෙම පක්ෂියා තනිව හෝ ජෝඩු වශයෙන් කොළ රොඩු අවුස්සමින් පොළොව මත එහෙ මෙහෙ යමින් එවැනි සතුන් ආහාරය ගනී. මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කෝටු කෑලි, පාසි සහ තණකොල රැසක් එක් කර මීවන ගසක මුදුනේ හෝ ලපටි ගසක අතු දෙබලක තනන කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනය කරයි. 

 English Post  >>

Saturday, December 23, 2023

ශ්‍රී ලංකා බටගොයා/පිට දම් බටගොයා (Treron pompadora)


පහත රට ප්‍රදේශ වල සිට පහල කඳුකරය දක්වා වනාන්තර, හොඳින් ගහ කොළ සහිත වගා බිම් සහ ගෙවතු වල තරමක් සුලභ ලෙස හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වාද ස්ථානීය වශයෙන් දුර්ලභ ලෙසින් දිවි ගෙවයි. කුඩා සහ විශාල රංචු ලෙසින් මෙන්ම ඇතැම් විට ජෝඩු ලෙසින්ද දැක ගත හැක. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගන්නා ශ්‍රි ලංකා බටගොයා දෙසැම්බර් සිට ජූනි දක්වා සහ ඇතැම්විට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වාත් ඝනව අතු විහිදි ඇති කුඩා ගසක් මත කුඩා කෝටු කෑලි එකතු කර වේදිකාවක් මෙන් තනන කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනය කරයි. ගැහැණු සහ පිරිමි පක්ෂීන් දෙදෙනාම බිත්තර රැකීම සිදු කරයි.
    
English Post >>

Tuesday, July 4, 2023

රෙදි දියන්/හිස දුඹුරු දෙමළිච්චා/ශ්‍රි ලංකා බොරග පිරී දෙමළිච්චා (Pellorneum fuscocapillus)

හිස දුඹුරු දෙමළිච්චා පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල ස්ථානිය වශයෙන් තරමක් දුර්ලභ ලෙස හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. වනාන්තර යටි වියනේ වැඩි වශයෙන් කාලය ගත කරන මෙම පක්ෂියා බොහෝවිට ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් කොළ රොඩු අතර කෘමීන් සොයමින් හැසිරේ.  හිස දුඹුරු දෙමළිච්චාගේ නොනැවතී ඇසෙන නාදය රෙදි දියන් ලෙසින් ඇසෙන හෙයින් ගැමියන් අතර රෙදි දියන් ලෙසින් හැඳින්වෙන මෙම පක්ෂියා වසරේ නොවැම්බර් සිට මාර්තු අතර කාලයේ හෝ නැවතත්  සැප්තැම්බර් මාසයේ ඝන වනාන්තරයේ ගසක් හෝ පඳුරක් පාමුල වියලි කොළ වලින් අපිලිවෙලකට තැනූ ගෝලාකාර කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ.

English Post  >>

Saturday, June 17, 2023

කෑරලා (Dinopium psarodes)

දිවයිනේ උතුරු ප්‍රදේශයේ හැර අනෙකුත් පහත රට සහ කඳුකර ප්‍රදේශ වල වනාන්තර, වගා බිම් සහ ගෙවතු වල සුලභ ලෙස හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. ජෝඩු වශයෙන් දිවි ගෙවන මෙම කෑරලා ගස් පොතු තුල සිටින කුහුඹුවන් වැනි කුඩා කෘමීන් ආහාරයට ගනී. කලාතුරකින් භූමිය මතද වසා එවැනි කෘමින් ගොදුරු කරගන්නා ආකාරය දැකිය හැක. මාර්තු සිට ජූනි දක්වා සහ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක අත්තක් හෝ කඳ තුලට හෑරු බෙනයක බිත්තර දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Friday, April 14, 2023

Sri Lanka Green Pigeon/ශ්‍රී ලංකා බටගොයා/පිට දම් බටගොයා (Treron pompadora)


 Rather common endemic bird lives in forests and well wooded cultivations and home gardens from lowlands to lower hills, while local and uncommon up to mid hills. It lives as small or large flocks and sometimes as pairs. Sri Lanka Green Pigeon feeds mainly on fruits and fruiting tree may attracts the birds from miles around. The breeding season is from December to June and and sometimes also from August to September. The nest is a nearly flat platform of small twigs placed in a small bushy tree, where it lays two eggs and both sexes incubate them. 

සිංහලෙන් කියවන්න >>

Tuesday, March 14, 2023

අලු කෑදැත්තා (Ocyceros gingalensis)

වියලි කලාපයේ මෙන්ම තෙත් කලාපයේත් පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වනාන්තර සහ ගස් කොළන් සහිත ගෙවතු වල  දැකිය හැකි මෙරටට ආවේනික සුලභ පක්ෂියෙකි අලු කෑදැත්තා. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් ජීවත් වල අලු කෑදැත්තන් ඇතැම් විට විශාල රංචු වශයෙන්ද පළතුරු බහුල ගස් වල නිරීක්ෂණය කල හැක. කුඩා ගෙඩි වර්ග, කටුස්සන්, ගස් ගෙම්බන්, සහ කෘමීන් ආහාර කරගන්නා මෙම පක්ෂියා අප්‍රියෙල් සිට අගෝස්තු දක්වා කාලයේ විශාල ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනය කරයි. 

English Post >>

Monday, February 27, 2023

පුල්ලි දත් කැටියා (Oligodon sublineatus)


 වැඩුණු සතුන් සෙන්ටිමීටර 26 සිට 31 පමණ දිග කුඩා, නිර්විෂ, මෙරටට ආවේනික භෞමික සර්පයෙකි පුල්ලි දත් කැටියා. දිවා කාලයේ හැසිරෙන සර්පයෙකු වන අතර හවස් යාමයේ බොහෝවිට ක්‍රියාශීලී වේ. පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල මෙන්ම මිනිස් ජනාවාස ආශ්‍රිතවද  හමුවේ. වියලි කලාපයේ ඇතැම් ස්ථාන වලින්ද වාර්තා වූ බවට වූ පැරණි වාර්තා තිබේ. දිරායන කොළරොඩු, ගල් යට, ගස් කොටන් යට මෙන්ම රොන්මඩ සහිත කාණු වලද සැඟවී සිටී. උරග බිත්තර, කෘමීන්, මකුළුවන් මෙන්ම කුඩා උරගයන්ද ආහාර කර ගන්නා පුල්ලි දත් කැටියා කලබල වූ විට බෝලයක් මෙන් ගුලිවී ඇතැම්විට ශරීරයේ ඉදිරි කොටස තරමක් විශාල කර, හිස පැතලි කර  එය ත්‍රිකෝණාකාර ආකාරය දක්වා පොළොඟුන් අනුකරණය කරයි.

English Post >>