Saturday, December 23, 2023

ශ්‍රී ලංකා බටගොයා/පිට දම් බටගොයා (Treron pompadora)


පහත රට ප්‍රදේශ වල සිට පහල කඳුකරය දක්වා වනාන්තර, හොඳින් ගහ කොළ සහිත වගා බිම් සහ ගෙවතු වල තරමක් සුලභ ලෙස හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වාද ස්ථානීය වශයෙන් දුර්ලභ ලෙසින් දිවි ගෙවයි. කුඩා සහ විශාල රංචු ලෙසින් මෙන්ම ඇතැම් විට ජෝඩු ලෙසින්ද දැක ගත හැක. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගන්නා ශ්‍රි ලංකා බටගොයා දෙසැම්බර් සිට ජූනි දක්වා සහ ඇතැම්විට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වාත් ඝනව අතු විහිදි ඇති කුඩා ගසක් මත කුඩා කෝටු කෑලි එකතු කර වේදිකාවක් මෙන් තනන කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනය කරයි. ගැහැණු සහ පිරිමි පක්ෂීන් දෙදෙනාම බිත්තර රැකීම සිදු කරයි.
    
English Post >>

No comments:

Post a Comment