Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Friday, February 14, 2025
Greater Sand Plover/මහ වැලි ඔලෙය්යා/රජ වැලි ඔලෙවියා[Maha Weli Oleiya/Raja Weli Olewiya] (Charadrius leschenaultii)
Rather rare winter migrant to seashore, lagoons, shores of estuaries and mudflats of the coastal areas, mostly to the dry zone. It lives as solitary birds or as small flocks. Greater Sand Plover feeds on small ground insects, crustaceans and worms. It breeds in far-eastern Asia and Japan.
Thursday, January 4, 2024
අළු ඔලෙයියා/අළු මහ ඔලෙවියා(Pluvialis squatarola)
Sunday, March 27, 2022
රන් ඔලෙයියා/සෙත්කර රන් මහ ඔලෙවියා (Pluvialis fulva)
පහත රට කලපු, වැව් වැනි විශාල ජලාශ අසල පිහිටි තෘණ භූමි, වගුරු බිම් සහ මඩ වගුරු වල මෙන්ම ගොයම් කපා අවසාන වූ වියලි කුඹුරු වලද හමුවන සුලභ සංචාරක පක්ෂියෙකි. වියලි කලාපයේ වඩාත් සුලභව හමුවේ. කුඩා හෝ විශාල විසිරුණු රංචු වශයෙන් දැකිය හැකි මෙම පක්ෂියා පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමීන් මෙන්ම පණුවන් සහ කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන්ද ආහාරයට ගනී. කුඩා දුරවල් දුවමින් එකවර නතර වෙමින් එවන් සතුන් අහුලාගන්නා රන් ඔලෙයියා උතුරු සයිබීරියාවේ සහ ඇලැස්කාවේ අභිජනනය කරයි.
English Post >>
Saturday, March 26, 2022
කුඩා වැලි ඔලෙයියා/හීන් වැලි ඔලෙවියා (Charadrius mongolus)
ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ වෙරළට ආසන්න ලේවායන්, කලපු, මඩ වගුරු වැනි විවිධ තෙත් බිම් සහ තෙත් තෘණ භූමි වල සුලභව හමුවන සංචාරක පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද ඇතැම් සුදුසු පරිසර පද්ධති වල ඇතැම් විට දැකිය හැක. කුඩා හෝ විශාල රංචු වශයෙන් එවන් පරිසර වල කුඩා පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමින් සහ කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන් ආහාරයට ගනී.කුඩා වැලි ඔලෙයියා මධ්‍යම ආසියනු ප්‍රදේශ වල අභිජනනය කරයි.
English Post >>
Monday, March 21, 2022
බෝල ඔලෙයියා/කෙන්ටි ඔලෙවියා (Charadrius alexandrinus)
C. a. seebohmi උප විශේෂය පහත රට වියලි කලාපයේ සුලභ දේශීය පක්ෂියෙකු වන අතර C. a. curonicus උප විශේෂයේ සංක්‍රමණික පක්ෂීන් සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල හමුවන කාල සීමාවේදී පහත රට වියලි හා තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අයුරින් හමුවේ. කලපු, විශාල වැව්, මඩ වගුරු, වගුරු බිම් සහ වෙරළ ආසන්නයේ ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් බොහෝවිට වෙනත් එවන් පරිසර වල හමුවන කරදිය ආශ්‍රිත පක්ෂීන් (Waders/Shorebirds) සමග දැක ගත හැක. ඉතාම ක්‍රියාශීලී ලෙසින් එහෙ මෙහෙ දුවමින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන කෘමින් අහුලා ගනිමින් හැසිරෙන මෙම ඔලෙවියාගේ අභිජනන සමය වසරේ මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සිදුවේ. වතුරට ආසන්න ස්ථානයක නොඋස් තණකොල අතර කුඩා වලක (ඉහල දකුණු පස රූපය) බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Monday, February 28, 2022
කහ යටිමල් කිරලා/කහ තැලි කිරලා (Vanellus malabaricus)
පහත රට වියලි කලාපයේ බොහෝවිට ඉතාමත් වියලි ප්‍රදේශ වල හමුවන තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකි. පුත්තලමේ සිට යාපනය දක්වා වූ වෙරල තීරයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුලභව හමුවේ. තවද නැගෙනහිර පලාතේ මෙන්ම උඩවලව සහ අනුරාධපුරද අභිජනනය කරන ගහන වාර්තා වී ඇත. කුඩා රංචු ලෙසින් හෝ ජෝඩු ලෙසින් ශුෂ්ක තෙත් බිම්, පුරන් බිම්, වියලි කුඹුරු වල මෙන්ම ගල් සහිත තණබිම් වලද පලගැටියන්, කුහුඹුවන්, වේයන්, කුරුමිණියන් වැනි භූමිය මත සිටින කුඩා සතුන් ගොදුරු කරගනිමින් දිවි ගෙවන මෙම පක්ෂියා වසරේ මැයි සිට ජූලි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. කුරුසයක ආකාරයට බිත්තර 4 ක් ගල් සහිත බිමක පස් පිඩලි සහ ගල් අතර මනාව සඟවා තබා බිත්තර රැකීමේ යෙදෙන මෙම පක්ෂියාගේ 'කූඩුව' පහසුවෙන ඇස නොගැටේ. බොහෝවිට ඉතාමත් පහලින් පියාසර කරන පක්ෂියෙකි.
English Post >>
Tuesday, February 22, 2022
Common Ringed Plover (Charadrius hiaticula tundrae)
Very rare but regular winter migrant to tidal mudflats, shores, lagoons and salt-pans of the dry zone coastal areas. During its stay in the island Common Ringed Plover lives as solitary birds or as scattered flocks with other small waders. It breeds in Northern Eurasia and Northeastern part of the North America.
Friday, February 11, 2022
පුංචි මාල ඔලෙවියා (Charadrius dubius jerdoni)
English Post >>
Wednesday, October 27, 2021
කිරළා/යටිමල් කිරළා (Vanellus indicus)
පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශ වල වැව් අසල, කුඹුරු වල සහ බොහෝවිට ජලය සහිත ස්ථානයකට එතරම් නුදුරු වෙනත් විවෘත භූමි වල සුලභව හමුවන දේශීය පක්ෂියෙකු වන කිරළා හෙවත් රත් යටිමල් කිරළා වියලි කලාපයේදී වඩාත් සුලභව දැක ගත හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් එහෙ මෙහෙ ඇවිදිමින් පොළව මත හමුවන පලගැටියන්, කුරුමිණියන්, වේයන්, කුහුඹින් වැනි කෘමීන් අල්ලන් කන කිරළන් එවන් ස්ථාන වල නිබදව දැක ගත හැක. කිරළන් අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලයේ භූමියේ ගල් සහ වෙනත් එවන් සුන්බුන් අතර පොළව සූරා තනාගත් නොගැඹුරු වලක බිත්තර හතරක් පමණ දමා අභිජනනයේ යෙදේ. එවන් ස්ථාන වලට කිසිවෙකු හෝ ලගාවන විට ශබ්ද නගමින් ඔහු වටා ඉගිලෙමින් අනතුර පහව යන තෙක් හැසීරීම කිරළුන්ගේ විශේෂ ලක්ෂණයකි.
Thursday, February 5, 2015
Grey Plover (Pluvialis squatarola)
Saturday, March 30, 2013
Kentish Plover (Charadrius alexandrinus)
Thursday, March 28, 2013
Pacific Golden Plover (Pluvialis fulva)
Saturday, December 29, 2012
Kaha-yatimal Kirala/Yellow-wattled Lapwing (Vanellus malabaricus)
Wednesday, May 2, 2012
Lesser Sand Plover/Mongolian Plover/Heen Wali Oliviya (Charadrius mongolus)
Sunday, November 20, 2011
කිරලා[Kirala]/Red-wattled Lapwing/Did-he-do-it (Vanellus indicus)
