English Post >>
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Sunday, March 29, 2026
මහ ගිනි-කුරුල්ලා/ලෝහවන්නිච්චා (Harpactes fasciatus)
Monday, March 9, 2026
මහ රන් කෑරලා/සුදුගෙලැසි මහ කෑරලා(Chrysocolaptes festivus)
එතරම් සුලභ නොවන ලෙස පහතරට වියලි කලාපයේ, ප්‍රධාන වශයෙන් පොල් වතු වල දැකිය හැකි දේශිය පක්ෂියෙකි. ගම්පහ වැනි තෙත් කලාපයේ ඇතැම් ප්‍රදේශ වලද විසිරුණු කුඩා ගහණයන් ස්ථානීය වශයෙන් හමුවේ. ප්‍රධාන වශයෙන් ගස් කඳන් සහ අතු වල දැව තුල ගුල් හාරා වෙසෙන කෘමීන් ආහාරයට ගන්නා මෙම කෑරලා පොල් වැනි ගසක කඳ තුලට හාරන ලද බෙනයක බිත්තර දෙකක් දමා අභිජනනය කරයි. අභිජනන සමය ජනවාරි සිට මාර්තු දක්වා සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා මාස වල සිදුවේ.
English Post >>
Tuesday, March 3, 2026
ගෝමර කෑරලා/කහ සිළු පිරි කෑරලා (Leiopicus maharattensis)
Sunday, February 22, 2026
මහා ලිහිණි ඔලෙය්යා/පෙරදිගු ජවසැරියා (Glareola maldivarum)
English Post >>
Monday, December 29, 2025
දික්පෙඳ සබරිත්තා/ගුරු ඇස්පටියා (Lanius schach)
English Post >>
Thursday, December 25, 2025
ගෙල සුදු වී කුරුල්ලා (Lonchura malabarica)
ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ මන්නාරම, යාපනය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ශුෂ්ක වෙරල තීරයේ තෘණ භූමි, කුඹුරු සහ වෙනත් වගා බිම් වල එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. වියලි කලාපයේ සමහර ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් හුදකලා සමූහයන්ද ඇතැම් විට දැක ගත හැක. තෘණ බීජ, වී ආදි දේ ආහාරයට ගන්නා මෙම වී කුරුල්ලා බොහෝවිට 10-12 පමණ රංචු ලෙසින් හමුවන මුත් ඇතැම් අවස්ථා වලදී විශාල රංචු ලෙසින්ද දැකගත හැක. ගෙල සුදු වී කුරුල්ලා වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ වෙනත් වී කුරුල්ලන් මෙන් තෘණ භාවිතයෙන් ගෝලාකාර කූඩුවක් තනා එහි බිත්තර 4 සිට 6 දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය සිදු කරයි.
English Post >>Thursday, November 6, 2025
කොණ්ඩ කවුඩා/ශ්‍රී ලංකා සිළු කවුඩා (Dicrurus lophorinus)
English Post >>
Monday, November 3, 2025
බඩරතු රාජාලියා/කුසරත් සිළුකුස්සා (Lophotriorchis kienerii)
දිවයින පුරාම පාහේ වනාන්තර සහ හොඳින් ගහ කොළ සහිත ප්‍රදේශ වල දුර්ලභ ලෙසින් හමුවන දේශීය පක්ෂියෙකි. ජෝඩු ලෙසින් හෝ තනි තනි පක්ෂීන් ලෙසින් දිවි ගෙවන මෙම රාජාලියා ප්‍රධාන වශයෙන් වෙනත් පක්ෂීන්, විශේෂයෙන් පරවියන් ගොදුරු කර ගනී. අහසේ ඉහල සිට වේගයෙන් එවන් පක්ෂීන් හඹා ගොස් අල්ලා ගන්නා අතර එයට අමතරව කුඩා ක්ෂිරපායින් සහ උරගයන්ද ආහාරයට ගනී. වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ ගසක් මත කෝටු කැබැලි ගොඩ ගසා වටේට ශාක පත්‍ර යොදා තනන කූඩුවක එක් බිත්තරයක් දමා අභිජනනය කරයි.
English Post >>
Wednesday, October 22, 2025
ලය තැඹිලි මැසිමාරා/ලය රන් නිල් මැසිමාරා (Niltava tickelliae jerdoni)
දිවයිනේ සෑම දේශගුණික කලාපයකම පාහේ වනාන්තර මෙන්ම ගෙවතු සහ වගා බිම් වල හොඳින් වදුල සහිත ස්ථාන වල සුලභ දේශීය පක්ෂියෙකි. බොහෝවිට දිය පාරවල් දෙපස හමුවන මෙම පක්ෂියා හවස් කාලයේදී ඉතාමත් ක්‍රියාශීලි වේ. යටිරෝපනයේ එහෙ මෙහෙ ඉගිලෙමින් ප්‍රධාන වශයෙන් කුඩා ඉගිලෙන කෘමීන් ආහාරයට ගන්නා ලය තැඹිලි මැසිමාරා වසරේ පෙබරවාරි සිට ජූනි දක්වා මාස වල පාසි, ශාක පත්‍ර වල නටු, දිරාගිය කොළ කැබලි, කුඩා කෙඳි වැනි දේ භාවිතා කරමින් කණ්ඩියක වූ කුහරයක හෝ නොඋස් කොටයක සාදනු ලබන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.
Wednesday, October 15, 2025
මූකලන් කොට්ටෝරුවා (Megalaima rubricapillus)
පහත රට තෙත් කලාපීය ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර සහ ගස් කොළන් සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ ආවේනික පක්ෂියෙකි. නැගෙනහිර කඳුකර ප්‍රදේශ වල සහ ඉහල කඳුකර එවන් පරිසර පද්ධති වලද එතරම් සුලභ නොවන ලෙසින් හමුවේ. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරට ගන්නා මූලකන් කොට්ටොරුවා පෙබරවාරි සිට මැයි දක්වා මාස වල සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරයි. එහෙත් වසරේ වෙනත් මාස වලද කලාතුරකින් අභිජනනය කරන බව නිරීක්ෂණය කර ඇත. මියැදුනු ගසක මෘදු කඳේ හෝ අත්තක හාරන ලද බෙනයක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.
English Post >>
Friday, August 29, 2025
උකුසු බස්සා/දුඹුරු උකුසු බස්සා(Ninox scutulata)
දිවයින පුරා වනාන්තර, වගා බිම් සහ ගහ කොළ සහිත නගර සහ ගම්මාන ආශ්‍රිතවද හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඉහල කඳුකරයේ එතරම් සුලභ නොවේ. තරමක් දුරට තුරු වදුලින් යුත් කොළඹ සහ ඒ අවට ප්‍රදේශද ඇතුලත් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වල විදුලි හෝ දුරකතන කණු මත හෝ වහලවල් මත තිබෙන රූපවාහිනි ඇන්ටෙනා මත රාත්‍රී කාලයේදී වසා සිටින මෙම බස්සාගේ දර්ශනය එතරම් දුලභ දසුනක් නොවේ. බොහෝවිට සඳ එළිය සහිත රාත්‍රී වලදීත් වෙනත් දිනවලත් ඇසෙන කූක්..කූක් නාදය මගින් මෙම පක්ෂියා එම ප්‍රදේශයේ සිටින බව පහසුවෙන් හඳුනාගත හැක. රාත්‍රී කාලයේදී ක්‍රීයාකාරි උකුසු බස්සා යම් ස්ථානයක සිට වරින් වර ඉගිලී ගොස් ගොදුරු කරගන්නා කෘමීන් ආහාරයට ගනී. උකුසු බස්සා මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සහ නැවතත් නොවැම්බර් මාසයේ ගස් බෙනයක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනය කරයි.
English Post >>
Saturday, July 12, 2025
ලබු ගිරවා (Psittacula eupatria)
ලබු ගිරවා පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඇතැම් ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභව දැකිය හැක. ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ හමුවන මුත් තෙත් කලාපයේද කලාතුරකින් දැකිය හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා හෝ විශාල රංචු වශයෙන් වනාන්තර සහ ගහ කොළන් සහිත පරිසර පද්ධති වල සැරිසරමින් පළතුරු, බීජ වර්ග සහ ධාන්‍ය ආහාරයට ගන්නා ලබු ගිරවා නොවැම්බර් සිට මැයි දක්වා කාලයේ විශාල මැරුණ හෝ එසේ නොවන ගසක ස්වාභාවිකව ඇතිවූ හෝ කෑරළුන් විසින් තැනූ කුහරයක් තම අවශ්‍යතාවය පරිදි විශාල කරගෙන තැනූ බෙනයක බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි
English Post >>Saturday, June 28, 2025
පන් වඩුකුරුල්ලා (Ploceus manyar flaviceps)
English Post >>
Sunday, April 27, 2025
මහ වැලි ඔලෙය්යා/රජ වැලි ඔලෙවියා (Charadrius leschenaultii)
English Post >>
Sunday, April 20, 2025
වැලි සිලිවටුවා/වැලි හින්නා (Calidris alba)
English Post >>
Saturday, March 29, 2025
දාර මහවටුවා/වයිර පෙඳ ගොහොදුවිත්තා (Limosa lapponica)
English Post >>
Wednesday, March 26, 2025
කකුළු ඔලෙවියා (Dromas ardeola)
උතුරු සහ වයඹ දිග මුහුදු වෙරළ, කලපු, ගංගා මෝයවල්, වැලි පර සහ කොරල් පර වල ස්ථානීය වශයෙන් දුර්ලභ ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. කලාතුරකින් වෙනත් එවැනි වියලි කලාපීය වෙරල තීරයන්ගේද හමුවේ. තනි තනි පක්ෂීන් ලෙසින්, ජෝඩු වශයෙන් මෙන්ම කුඩා රංචු වශයෙන්ද දිවි ගෙවන මෙම පක්ෂියා කලපු වල නොගැඹුරු ජලයේ මෙන්ම මුහුදු වෙරලේ උදම් සීමාවේ ඇවිදිමින් හෝ ජලයේ බැස ගමන් කරමින් ප්‍රධාන වශයෙන් කකුළුවන් සහ බොහෝවිට සමුද්‍රිය වැලි පණුවන් සහ මොලුස්කා විශේෂ ගොදුරු කරගැනීම සිදුකරයි. කකුළු ඔලෙවියා මැයි සිට ජූනි දක්වා කාලයේ වෙරල තීරයට ආසන්න වැලි පරයක අඩි 2 සිට 4 දක්වා දුරකට හාරන ලද උමගක කෙලවර තනන කුඩා කුටීරයක එක් බිත්තරයක් දමා අභිජනනය කරයි.
English Post >>Monday, February 10, 2025
පිටකළු මුහුදු කපුටා/හීන් පිටකළු ගලුවියා (Larus fuscus)
Wednesday, January 29, 2025
අළු මුහුදුලිහිණියා/පොදු මුහුදුලිහිණියා (Sterna hirundo)
ශ්‍රී ලංකාව අවට සාගර කලාපයට සහ වෙරළබඩ වෙරළබඩ ප්‍රදේශවලට පැමිණෙන සුලභ සංචාරක පක්ෂියෙකි.එසේම දිවයින අවට සාගර කලාපයේ වූ කුඩා දූපත් වලද අළු මුහුදුළිහිණියා අභිජනනය කරන බවට නිරීක්ෂණය කර ඇත. කුඩා හෝ විශාල රංචු ලෙසින් දිවිගෙවන මෙම මුදුළිහිණියා මුළුමනින්ම පාහේ මුහුදේ වෙසෙන මත්ස්‍යයන්, කකුළුවන් සහ බෙල්ලන් ආදී ජීවින් ගොදුරු කරගනී.
English Post >>
Sunday, January 19, 2025
පුංචි මුහුදුළිහිණියා (Sternula albifrons)
ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ වෙරළබඩ තෙත් බිම් වල සහ රට අභ්‍යන්තරයට වන්නට පිහිටි ඇතැම් වැව් වල සුලභව හමුවන දේශීය පක්ෂියෙකි. ඇතැම්විට තෙත් කලාපයේ එවන් ස්ථාන වලටද පැමිණේ. මෙරට සිටින කුඩාම මුහුදුලිහිණි විශේෂය වන මෙම මුහුදු ලිහිනිණියා ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන් සහ ඉස්සන් වැනි සතුන් ගොදුරු කරගන්නා අතර, බොහෝවිට ජලයේ වසන වෙනත් කෘමීන්ද ආහාරයට ගන්නවා විය හැක. බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් හමුවන මුත් එකම ප්‍රදේශයක විසිරුණු රංචු ලෙසද ගොදුරු සොයමින් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක. මැයි සිට අගෝස්තු දක්වා කාලයේ කුඩා සමූහ වශයෙන් මුහුදු වෙරලේ, වියලි මඩ වගුරු වල මෙන්ම වැව් අද්දරද අභිජනනය කරන මෙම මුහුදු ලිහිණියා විවෘත භූමියේ නොගැඹුරු ලෙස සූරාගත් වලක බිත්තර 2 හො 3 ක් දමා පැටවුන් බිහිකරයි.
English Post >>





