Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Monday, February 10, 2025
පිටකළු මුහුදු කපුටා/හීන් පිටකළු ගලුවියා (Larus fuscus)
Wednesday, January 29, 2025
අළු මුහුදුලිහිණියා/පොදු මුහුදුලිහිණියා (Sterna hirundo)
ශ්‍රී ලංකාව අවට සාගර කලාපයට සහ වෙරළබඩ වෙරළබඩ ප්‍රදේශවලට පැමිණෙන සුලභ සංචාරක පක්ෂියෙකි.එසේම දිවයින අවට සාගර කලාපයේ වූ කුඩා දූපත් වලද අළු මුහුදුළිහිණියා අභිජනනය කරන බවට නිරීක්ෂණය කර ඇත. කුඩා හෝ විශාල රංචු ලෙසින් දිවිගෙවන මෙම මුදුළිහිණියා මුළුමනින්ම පාහේ මුහුදේ වෙසෙන මත්ස්‍යයන්, කකුළුවන් සහ බෙල්ලන් ආදී ජීවින් ගොදුරු කරගනී.
English Post >>
Sunday, January 19, 2025
පුංචි මුහුදුළිහිණියා (Sternula albifrons)
ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ වෙරළබඩ තෙත් බිම් වල සහ රට අභ්‍යන්තරයට වන්නට පිහිටි ඇතැම් වැව් වල සුලභව හමුවන දේශීය පක්ෂියෙකි. ඇතැම්විට තෙත් කලාපයේ එවන් ස්ථාන වලටද පැමිණේ. මෙරට සිටින කුඩාම මුහුදුලිහිණි විශේෂය වන මෙම මුහුදු ලිහිනිණියා ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන් සහ ඉස්සන් වැනි සතුන් ගොදුරු කරගන්නා අතර, බොහෝවිට ජලයේ වසන වෙනත් කෘමීන්ද ආහාරයට ගන්නවා විය හැක. බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් හමුවන මුත් එකම ප්‍රදේශයක විසිරුණු රංචු ලෙසද ගොදුරු සොයමින් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක. මැයි සිට අගෝස්තු දක්වා කාලයේ කුඩා සමූහ වශයෙන් මුහුදු වෙරලේ, වියලි මඩ වගුරු වල මෙන්ම වැව් අද්දරද අභිජනනය කරන මෙම මුහුදු ලිහිණියා විවෘත භූමියේ නොගැඹුරු ලෙස සූරාගත් වලක බිත්තර 2 හො 3 ක් දමා පැටවුන් බිහිකරයි.
English Post >>
Sunday, January 12, 2025
Common Tern/අළු මුහුදුලිහිණියා/පොදු මුහුදුලිහිණියා [Alu Muhudhulihiniya/Podhu Muhudulihiniya] (Sterna hirundo)
Sunday, December 29, 2024
හිස කළු මුහුදුළිහිණියා/ගලුතුඩු සයුරුළිහිණියා (Gelochelidon nilotica)
වියලි කලාපීය කලපු, ලේවායන්, වෙරළබඩ විශාල වැව්, වැලි තුඩු සහ ගංගා මෝය ආදියෙහි සුලභ ලෙස හමුවන සංචාරක පක්ෂියෙකි. තෙත් කලාපීය වෙරළබඩ ප්‍රදේශ වල සහ රට අභ්‍යන්තරයේ පිහිටි තෙත් බිම් වල දුර්ලභය. ප්‍රධාන වශයෙන් උත්තර අර්ධ ගෝලයේ රටවලට ශීත සෘතුව බලපවත්වන කාලයේදී මෙරට අවට මුහුදු තීරයට පැමිණෙන මුත් එම රට වලට ගිම්හාන සෘතුව බලපවත්වන කාලයේදීද මෙරට අවට සැරිසරන පක්ෂීන් ඇතැම් විට දැකිය හැක. ලංකාව සහ ඉන්දියාව අතර පිහිටි ආදම්ගේ පාලම ලෙසින් හැඳින්වෙන වැලි පර දූපත් වල අභිජනනය කරන පක්ෂීන්ද ඇතැම්විට සිටින බව විශ්වාස කෙරේ. තනි තනි පක්ෂීන් ලෙසින් හෝ විසිරුණු රංචු ලෙසින් ජල පෘෂ්ඨයට ආසන්නව පියාසර කරමින් වරින් වර ජලය මතු පිට ගිලෙමින්, ජලජ කෘමීන්, ගෙම්බන්, මත්ස්‍යයන්, කකුළුවන්, ඉස්සන් වැනි සතුන් ගොදුරු කරගන්නා මෙම මුහුදු ලිහිණියා ආහාර සොයමින් නොයන අවස්ථා වලදී බොහෝවිට වෙනත් මුහුදු ලිහිණි විශේෂ සමගින් වැලි පර මත ගිමන් හරින ආකාරය නිරීක්ෂණය කල හැක. සමූහ වශයෙන් අප්‍රියෙල් සිට ජූනි දක්වා කාලයේ කලපු වෙරල වල හෝ වැලි පර දූපත් වල අභිජනනය කරයි.
English Post >>
Sunday, January 14, 2024
කුඩා කොණ්ඩ මුහුදු ලිහිණියා/හීන් කොණ්ඩ සිළුසුවා (Thalasseus bengalensis)
මෙරට වෙරළබඩ ප්‍රදේශ වල පිහිටි ලුණු ලේවායන් සහ වැලි පර වලට මෙන්ම කලපු සහ ගං මෝයවල් වලටද උතුරු අර්ධගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේ පැමිණෙන සංචාරක පක්ෂියෙකි. ඇතැම්විට ගිම්හාන කාලයේ පැමිණෙන පක්ෂීන්ද කලාතුරකින් නිරීක්ෂණය කල හැක. ස්ථානීය වශයෙන් සුලභ පක්ෂියෙක් වන අතර කුඩා හෝ විශාල රංචු ලෙසින් බොහෝවිට වෙනත් මුහුදු ලිහිණින් විශේෂ සමගින් හමුවේ. මාළුන් ප්‍රධාන වශයෙන් ගොදුරු කරගන්නා අතර ජල මතුපිටට ආසන්නව පියාඹා යමින් එක්වර තෝරාගත් මාළුවෙකු වෙත වේගයෙන් කිමිදී අල්ලා ගන්නා මත්ස්‍යයා ගුවනේදීම ගිල දමයි.
English Post >>
Tuesday, January 9, 2024
හිස දුඹුරු මුහුදුකපුටා/බොර හිස් ගලුවියා (Larus brunnicephalus)
English Post >>
Friday, March 10, 2023
රත්තුඩු මුහුදුළිහිණියා/කැස්පියා සාගරළිහිණියා (Sterna caspia)
English Post >>
Thursday, January 19, 2023
රැවුල් මුහුදුළිහිණියා/අළුපිය කාඟුල්ළිහිණියා (Chlidonias hybrida)
පහත රට වෙරළට ආසන්න වැව්, කුඹුරු, වගුරු බිම් සහ වෙනත් එවැනි පරිසර වල ඉතාමත් සුලභව හමුවන සංචාරක පක්ෂියෙකි. එහෙත් ඇතැම් අවස්ථා වලදී රට අභ්‍යන්තරයේ ඇති ජලාශ ආශ්‍රීත පරිසර වලද හමුවන අතර, කඳුකරයේ පහල ප්‍රදේශ දක්වාම ගමන් කරන බවටද නිරීක්ෂණය කර ඇත. එසේම සංචාරක පක්ෂීන් මෙරට තුල දැකිය නොහැකි මාස වල පවා ඇතැම් පක්ෂීන් මෙරට තුල රැදී සිටී. ජලජ කෘමීන්, කුඩා මාළුන්, ඉස්ගෙඩියන් වැනි සතුන් ගොදුරු කරගන්නා මෙම මුහුදුළිහිණියා එවන් ගොදුරු සොයමින් ජලාශ වලට ඉහලින් හොට පහලට යොමුකරගෙන පහල මට්ටමින් පියාසර කරන ආකාරය සුලභ දසුනකි. වෙහෙස වූ විට නියරක් මත, වැටක, විදුලි රැහැන් මත හෝ වෙනත් එවැනි තැනක වසා සිටී. රැවුල් මුහුදුළිහිණියා උතුරු ඉන්දියාවේ සහ කාශ්මීර් වල ඇති වගුරු බිම් වල සමූහ වශයෙන් අභිජනනය කරයි.
English Post >>
Thursday, March 12, 2015
Greater Crested Tern (Sterna bergii velox)
*Race thalassina is considered as a vagrant to western coastal areas.
Thursday, March 5, 2015
Lesser Black-backed Gull/Heuglin's Gull(Larus fuscus)
Monday, November 17, 2014
Vagrant Gulls and Terns (Family: Laridae) recorded in Sri Lanka
Confirmed vagrants
Sudheera Bandara, Kiran Kumaranayagam and Udaya Sirivardena reported 43 Slender-billed gulls near the Sangupiddi Bridge, Pooneryn-Navatkuli road on the 8th and 9th February of 2015. Shalinka De Silva also reported some unusual gulls with photographs on 2nd February 2015 at the same location and those were later on identified as of the same species. This is the seconds record of it in Sri Lanka (http://www.ceylonbirdclub.org/the_ceylon_bird_club_news.php)
Sunday, May 19, 2013
Lesser Crested Tern (Thalasseus bengalensis)
Monday, April 22, 2013
Little Tern/පුංචි මුහුදුළිහිණියා[Punchi Muhudhulihiniya] (Sternula albifrons)
Tuesday, April 16, 2013
Black-winged Tern (Chlidonias leucopterus)
Sunday, March 17, 2013
Gull-billed Tern (Gelochelidon nilotica)
Monday, March 5, 2012
Great Black-headed Gull/Pallas’s Gull (Ichthyaetus ichthyaetus)

Common winter migrant to the lagoons, sand spits and tidal flats of Northern and North-western coastal areas. Its food mainly consists of fish but also feeds on any small animal it can catch and also carrion. Though usually encounters as solitary birds during November to April period, sometimes large flocks of several hundreds resting on sand-spits or tidal flats can be observed. It breeds in