English Post >>
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Showing posts with label Trogonidae. Show all posts
Showing posts with label Trogonidae. Show all posts
Sunday, March 29, 2026
මහ ගිනි-කුරුල්ලා/ලෝහවන්නිච්චා (Harpactes fasciatus)
එතරම් සුලභ නොවන ලෙසට පහත රට තෙත් කලාපයේ සිට කදුකරය දක්වා ඝන කැලෑ වල දැකිය හැකි දේශීය පක්ෂියෙකි. වියලි කලාපීය වනාන්තර වලද ස්ථානීය වශයෙන් දුර්ලභ ලෙස හමුවේ. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙස දිවි ගෙවන මෙම පක්ෂියා, කුරුමිණියන්, සලබයන්, දරමිටියන් වැනි පියාඹන කෘමීන් ආහාරයට ගන්නා අතර, බොහෝ විට උදෑසන හෝ සවස් කාලයේ නිසොල්මන්ව ගසක අත්තක් මත වසාසිට එක්වරම ඉගිලී ගොස් එවන් සතුන් දඩයම් කරයි. එකම මගක දිනපතා විවිධ වර්ගයේ පක්ෂීන් එකතු වී ආහාර සොයා යන පක්ෂි රංචු සමගද ගමන් ගන්නා මෙම මහ ගිනි කුරුල්ලා පෙබරවාරි සිට ජූනි දක්වා කාලයේ දිරාගිය හෝ මැරිච්ච ගසක කදේ බෙනයක් තුල බිත්තර 2ත් 3ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි. ගැහැණු සහ පිරිමි පක්ෂීන් දෙදෙනාම එක්ව බිත්තර රැකීමේ නිරත වේ.
Monday, April 20, 2015
Malabar Trogon [Ceylon Trogon]/මහ ගිනි-කුරුල්ලා/ලෝහවන්නිච්චා[Maha Gini Kurulla/Lohawannichcha] (Harpactes fasciatus fasciatus)
An uncommon breeding resident inhabiting dense forests from wet lowlands to hills while local and rare in the dry zone forests. It lives in fairs or as small flocks. Feeds on flying insects such as beetles, moths, stick insects, etc darting out from the perched location where it stays motionless without noticing any casual observers. Often feeds during dawn and dusk. It join feeding flocks. Malabar Trogon breeds from February to June. The nest is a cavity in a tree trunk, usually a rotten dead one and where it lays 2-3 eggs. Both male and female incubate.
සිංහලෙන් කියවන්න >>
Subscribe to:
Comments (Atom)
