Showing posts with label Birds. Show all posts
Showing posts with label Birds. Show all posts

Tuesday, December 30, 2025

Crimson-backed Flameback (Chrysocolaptes stricklandi)

Rather uncommon breeding resident inhabiting forests and nearby well-wooded areas throughout the island, but more common in the wet zone and the hills. It occurs mainly in pairs and feeds on ants, termites, and other insects found beneath tree bark. The breeding season extends from October to March, with an additional breeding period sometimes from August to September. One to three white eggs are laid in a tree hole of a dead tree or a large branch.



Monday, December 29, 2025

දික්පෙඳ සබරිත්තා/ගුරු ඇස්පටියා (Lanius schach)

 ප්‍රධාන වශයෙන් උතුරු සහ වයඹ දිග වියලි සහ ශුෂ්ක කලාප වල එතරම් සුලභ නොවන ලෙස දැකිය හැකි දේශීය පක්ෂියෙකි. උතුරු මැද පලාතේ ඇතැම් ප්‍රදේශ වලද දුර්ලභ ලෙසින් හමුවේ. විවෘත භූමි, වනාන්තර මෙන්ම ලඳු කැලෑ වලද තනිව හෝ ජෝඩු ලෙසින් දිවි ගෙවන දික්පෙඳ සබරිත්තා පඳුරක විවෘත අත්තක් මත හෝ කණුවක් මත සිට ඉගිලෙමින් අහසේ සැරිසරන පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමීන් ගොදුරු කර ගනී. තවද කුඩා උරගයන් සහ ගෙම්බන්ද, ඇතැම් අවස්ථා වලදී කූඩුවල සිටින කුරුළු පැටවුන්ද දඩයම් කරයි. වසරේ පෙබරවාරි සිට ජූනි දක්වා කාලයේ තණකොළ, ශාක මුල්, වැල් ආදිය උපයෝගි කරගනිමින් ඇකේෂියා වැනි කටු සහිත  ගසක් මත තනන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි. 

English Post >>

Sunday, December 28, 2025

Mongolian Short-toed Lark (Calandrella dukhunensis)

A rare vagrant to the open, dry grassy and weedy habitats of the low country. During its stay in Sri Lanka, it occurs either as solitary individuals or in small flocks. It feeds mainly on small invertebrates such as insects, beetles, caterpillars, grasshoppers, and spiders, as well as on plant material including seeds, buds, grasses, and occasionally fruits and flowers. It forages on the ground, often sitting still for long periods or running about, sometimes digging into the soil with its bill. The Mongolian Short-toed Lark breeds on the steppes of eastern Mongolia and adjoining regions of China and Russia.

Friday, December 26, 2025

Green Warbler (Phylloscopus nitidus)

A common winter migrant to forests and wooded gardens throughout the island. During its stay in the island it occurs as a solitary, territorial bird, feeding on insects among the foliage—usually in the tree canopy and only rarely descending into the undergrowth—while constantly uttering its characteristic thirririp call. Green Warbler breeds in Caucasus mountains to the Afghanistan

Thursday, December 25, 2025

ගෙල සුදු වී කුරුල්ලා (Lonchura malabarica)

ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ මන්නාරම, යාපනය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ශුෂ්ක වෙරල තීරයේ තෘණ භූමි, කුඹුරු සහ වෙනත් වගා බිම් වල එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. වියලි කලාපයේ සමහර ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් හුදකලා සමූහයන්ද ඇතැම් විට දැක ගත හැක. තෘණ බීජ, වී ආදි දේ ආහාරයට ගන්නා මෙම වී කුරුල්ලා බොහෝවිට 10-12 පමණ රංචු ලෙසින් හමුවන මුත් ඇතැම් අවස්ථා වලදී විශාල රංචු ලෙසින්ද දැකගත හැක. ගෙල සුදු වී කුරුල්ලා වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ වෙනත් වී කුරුල්ලන් මෙන් තෘණ භාවිතයෙන් ගෝලාකාර කූඩුවක් තනා එහි බිත්තර 4 සිට 6 දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය සිදු කරයි.

 English Post >>

Saturday, December 20, 2025

Amur Falcon (Falco amurensis)

A rare but regular passage migrant, and occasionally a winter visitor, occurring in open country mainly in the dry lowlands. It breeds in eastern Asia and winters in eastern Africa. The Amur Falcon typically hovers or flies just above treetops, capturing insects on the wing and often consuming them while in flight. It is a gregarious species, frequently seen in flocks during migration, sometimes mixed with other species. It commonly perches on power lines, fences, bushes, and similar structures.


Saturday, December 6, 2025

Indian Cuckoo/කෝන කොහා/ඉන්දු කෝකිලයා [Kona Koha/Indu Kokilaya] (Cuculus micropterus)

An uncommon breeding resident of forests and well-wooded areas in the dry lowlands, supplemented by migrant populations in the lowlands and mid-hills. It is mostly lives as solitary birds and typically inhabits the tops of tall trees. The species is brood-parasitic, its probable hosts being orioles, flycatchers, and drongos. Its breeding season likely extends from January to May.

Sunday, November 16, 2025

මාතුඩු ගස්රැවියා/මහතුඩු හම්බු කුරුල්ලා (Phylloscopus magnirostris)

 පහත රට ප්‍රදේශ වල සිට ඉහල කඳුකරය දක්වා තෙත් සහ වියලි කලාපීය වනාන්තර සහ හොඳින් ගහ කොළ සහිත ගෙවතු වල සුලභව හමුවන සංචාරක පක්ෂියෙකි. තනි තනි පක්ෂීන් වශයෙන් හෝ එකම ප්‍රදේශයක විසිරුණු සමූහයක් ලෙසට වනාන්තර උඩු වියනේ ආහාර සොයමින් හැසිරෙන මෙම පක්ෂියා හිමාලය ප්‍රදේශයේ අභිජනනය කරයි.

English Post >>

Monday, November 10, 2025

Dollarbird /හොට පළල් දුම්බොන්නා/දුම්කාවා (Eurystomus orientalis)

A rare breeding resident found in forests, forest clearings, and adjoining open areas from the lowlands to the lower hills. It lives either solitarily or in pairs and usually perches on the tops of tall trees, from where it flies out to catch insects in flight. The breeding season lasts from February to April. The nest is built in a cavity of a dead tree, often in an abandoned woodpecker hole, which the bird enlarges to suit its needs. A clutch consists of three to four eggs.

Saturday, November 8, 2025

Legge's Hawk-Eagle/මහ කොණ්ඩරාජාලියා/හෙල් කොණ්ඩකුස්සා [Maha Kondarajaaliya/Hel Kondakussa] (Nisaetus kelaarti)

A rather rare breeding resident found in forested areas from the foothills to the higher hills. It lives either solitarily or in pairs and feeds on rats, hares, fowls, and lizards. The breeding season lasts from December to March. The nest, a large mass of sticks lined with green leaves, is built high in a tall tree within dense forest. It lays a single egg.

Thursday, November 6, 2025

කොණ්ඩ කවුඩා/ශ්‍රී ලංකා සිළු කවුඩා (Dicrurus lophorinus)

පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා උස් වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත හොඳින් ගහ කොළ සහිත ගෙවතු සහ වෙනත් එවැනි පරිසර පද්ධති වල ස්ථානීය වශයේන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. ජෝඩු හෝ කුඩා රංචු වශයෙන් හැසිරෙන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් ඉගිලෙන කෘමීන් ගොදුරු කර ගනී. අප්‍රියෙල් සිට මැයි දක්වා කාලයේ උස් ගසක උඩු වියනේ අත්තක් මත කෝප්පයක හැඩැති කූඩුවක් තනා අභිජනනය කරයි.

 English Post >>

Monday, November 3, 2025

බඩරතු රාජාලියා/කුසරත් සිළුකුස්සා (Lophotriorchis kienerii)

දිවයින පුරාම පාහේ වනාන්තර සහ හොඳින් ගහ කොළ සහිත ප්‍රදේශ වල දුර්ලභ ලෙසින් හමුවන දේශීය පක්ෂියෙකි. ජෝඩු ලෙසින් හෝ තනි තනි පක්ෂීන් ලෙසින් දිවි ගෙවන මෙම රාජාලියා ප්‍රධාන වශයෙන් වෙනත් පක්ෂීන්, විශේෂයෙන් පරවියන් ගොදුරු කර ගනී. අහසේ ඉහල සිට වේගයෙන් එවන් පක්ෂීන් හඹා ගොස් අල්ලා ගන්නා අතර එයට අමතරව කුඩා ක්ෂිරපායින් සහ උරගයන්ද ආහාරයට ගනී. වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ ගසක් මත කෝටු කැබැලි ගොඩ ගසා වටේට ශාක පත්‍ර යොදා තනන කූඩුවක එක් බිත්තරයක් දමා අභිජනනය කරයි.

English Post >>

Sunday, November 2, 2025

Plum-headed Parakeet/පණු ගිරවා [Panu Girawa] (Psittacula cyanocephala)

A rather uncommon breeding resident found in forests and well-wooded areas of villages and towns, ranging from the wet lowlands to the mid-hills, as well as the foothills of the dry lowlands. It is usually seen in pairs or small flocks and feeds on fruits, buds, seeds, grains, and the nectar of certain flowers. The breeding season extends from February to May and again from August to September. It lays two to four eggs in a tree cavity—often an adapted Barbet’s or Woodpecker’s hole, or a natural hollow, usually in a dead tree.

Wednesday, October 22, 2025

ලය තැඹිලි මැසිමාරා/ලය රන් නිල් මැසිමාරා (Niltava tickelliae jerdoni)


දිවයිනේ සෑම දේශගුණික කලාපයකම පාහේ වනාන්තර මෙන්ම ගෙවතු  සහ වගා බිම් වල හොඳින් වදුල සහිත ස්ථාන වල සුලභ දේශීය පක්ෂියෙකි. බොහෝවිට දිය පාරවල් දෙපස හමුවන මෙම පක්ෂියා හවස් කාලයේදී ඉතාමත් ක්‍රියාශීලි වේ. යටිරෝපනයේ එහෙ මෙහෙ ඉගිලෙමින් ප්‍රධාන වශයෙන් කුඩා ඉගිලෙන කෘමීන් ආහාරයට ගන්නා ලය තැඹිලි මැසිමාරා වසරේ පෙබරවාරි සිට ජූනි දක්වා මාස වල පාසි, ශාක පත්‍ර වල නටු, දිරාගිය කොළ කැබලි, කුඩා කෙඳි වැනි දේ භාවිතා කරමින් කණ්ඩියක වූ කුහරයක හෝ නොඋස් කොටයක සාදනු ලබන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.  

English Post >>

Sunday, October 19, 2025

Sri Lanka Drongo/කොණ්ඩ කවුඩා/ශ්‍රී ලංකා සිළු කවුඩා [Konda Kawuda/Sri Lanka Silu Kawuda] (Dicrurus lophorinus)

An endemic bird, locally common in tall forests, adjoining woodland habitats, and well-wooded gardens across a range of elevations from the wet lowlands to mid-hills. This drongo is observed either in pairs or small flocks and is primarily insectivorous, specializing in catching flying insects. Its breeding season occurs from April to May, during which it builds a small, cup-shaped nest in the canopy of a tall tree.

සිංහලෙන් කියවන්න >>

Wednesday, October 15, 2025

මූකලන් කොට්ටෝරුවා (Megalaima rubricapillus)


 පහත රට තෙත් කලාපීය ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර සහ ගස් කොළන් සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ ආවේනික පක්ෂියෙකි. නැගෙනහිර කඳුකර ප්‍රදේශ වල සහ ඉහල කඳුකර එවන් පරිසර පද්ධති වලද එතරම් සුලභ නොවන ලෙසින් හමුවේ. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරට ගන්නා මූලකන් කොට්ටොරුවා පෙබරවාරි සිට මැයි දක්වා මාස වල සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරයි. එහෙත් වසරේ වෙනත් මාස වලද කලාතුරකින් අභිජනනය කරන බව නිරීක්ෂණය කර ඇත. මියැදුනු ගසක මෘදු කඳේ හෝ අත්තක හාරන ලද බෙනයක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.

English Post >> 

Sunday, October 12, 2025

Red faced Malkoha/වත රතු මල්කොහා [Wata Ratu Malkoha] (Phaenicophaeus pyrrhocephalus)

 An endemic and fairly rare bird found locally in the dense, tall forests of the wet zone, ranging from the lowlands to the mid-hills. It is very rare in the dry lowland forests and the higher hills. Red-faced Malkoha is usually seen alone, in pairs, or in small parties. A shy bird by nature, it inhabits mainly the canopy of tall, dense forests. Red-faced Malkoha feeds primarily on the berries of forest trees. Its breeding season occurs during the first half of the year, with a possible second breeding period from August to September. The nest is a shallow saucer made of grass, roots, and twigs, placed in high bushes within thick forest undergrowth, where it lays two or three eggs.

Saturday, August 30, 2025

Jungle Owlet/වයිරම් බස්සා/වන උපබස්සා[Wayiram Bassa/Wana Upabassa] (Glaucidium radiatum)

The Jungle Owlet is a relatively uncommon breeding resident, found locally in dense forests, wooded areas, and nearby well-wooded home gardens, ranging from dry lowlands to dry mid-hills. It is typically solitary or seen in pairs and remains active both day and night. This territorial bird primarily feeds on insects, beetles, and other invertebrates, but it also preys on small birds, rats, and lizards. Breeding occurs during the first half of the year, with the owlet laying 3-4 eggs in a tree hole, directly on the floor of the cavity.

Friday, August 29, 2025

උකුසු බස්සා/දුඹුරු උකුසු බස්සා(Ninox scutulata)

 දිවයින පුරා වනාන්තර, වගා බිම් සහ ගහ කොළ සහිත නගර සහ ගම්මාන ආශ්‍රිතවද හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඉහල කඳුකරයේ එතරම් සුලභ නොවේ. තරමක් දුරට තුරු වදුලින් යුත් කොළඹ සහ ඒ අවට ප්‍රදේශද ඇතුලත් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වල විදුලි හෝ දුරකතන කණු මත හෝ වහලවල් මත තිබෙන රූපවාහිනි ඇන්ටෙනා මත රාත්‍රී කාලයේදී වසා සිටින මෙම බස්සාගේ දර්ශනය එතරම් දුලභ දසුනක් නොවේ. බොහෝවිට සඳ එළිය සහිත රාත්‍රී වලදීත් වෙනත් දිනවලත් ඇසෙන  කූක්..කූක් නාදය මගින් මෙම පක්ෂියා එම ප්‍රදේශයේ සිටින බව පහසුවෙන් හඳුනාගත හැක. රාත්‍රී කාලයේදී ක්‍රීයාකාරි උකුසු බස්සා යම් ස්ථානයක සිට වරින් වර ඉගිලී ගොස් ගොදුරු කරගන්නා කෘමීන් ආහාරයට ගනී. උකුසු බස්සා මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සහ නැවතත් නොවැම්බර් මාසයේ ගස් බෙනයක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනය කරයි.

English Post >>


Sunday, July 13, 2025

Drongo-cuckoo/Fork-tailed Drongo-cuckoo/කවුඩු කොහා[Kawudu Koha] (Surniculus dicruroides)

Rather uncommon breeding resident of open forests, wooded areas and adjoining open scrublands from lowland to higher hills. Fork-tailed Drongo-cuckoo feeds on various insects such as caterpillars and beetles and probably some fruits and seeds. Not much is known about its breeding in Sri Lanka but believed to be parasitized in Common Iora and Dark-fronted Babbler nests.