Sunday, March 31, 2024

වල් ඌරා (Sus Scrofa)


වෙරලබඩ තැනිතලා බිම් වල සිට කඳුකරයේ ඉහල මට්ටම දක්වා දිවයින පුරාම පාහේ, වියලි කලාපීය ලඳු කැලෑ වල සහ තෙත් කලාපීය වනාන්තර වල සැඟවී සිටීම සඳහා ප්‍රමාණවත් තත්වයන් පවතී නම්, හමුවන ක්ෂීරපායී සත්වයෙකි වල් ඌරා. වියලී කලාපීය ජාතික උද්‍යාන වලදී නම් ඇතැම් විට සාමාජිකයින් 30 පමණ හෝ ඊටත් වඩා සිටින රංචු ලෙසින්ද, තෙත් කලාපීය වනාන්තර වලදී ඊට වඩා අඩු සතුන් සංඛ්‍යාවක් සිටින කුඩා රංචු ලෙසින් හෝ තනි තනි සතුන් ලෙසින් දිවි ගෙවන සර්වභක්ෂක සතෙකු වන වල් ඌරා  මැරිච්ච සතුන්ගේ මලකුණු ආහාරයට ගන්නා අතරම, සර්පයන්, පණුවන් වැනි සතුන්ද ගොදුරු   කරගනී. තවද භූමිය මත කූඩු තනන පක්ෂීන්ගේ බිත්තර සහ පැටවුන් මෙන්ම ගස් මතින් පතිත වූ පළතුරු සහ ගස් උදුරා සොයා ගන්නා අල වර්ගද වල් ඌරාගේ ආහාර අතර ප්‍රධාන තැනක් ගනී. රාත්‍රීයේදී ආහාර සොයා යන විට මිනිසාගේ හේන් වගාවන්, කුඹුරු, වෙනත් වගාවන් සහ ගෙවතු වලට විශාල ලෙස හානි කරන සත්වයෙකු ලෙස වල් ඌරා සැලකේ. වර්ෂයක් තුලදී අවම වශයෙන් දෙවතාවක්වත් පැටවුන් බිහි කරන වල් ඌරන් බොහෝවිට විශාල සත්වයන් අතරින් වනාන්තර හෙලි කරන ලද ප්‍රදේශ වලින් අවසානයේ වඳවී යන සත්වයා බව W.W.A. පිලිෆ්ස් සඳහන් කරයි. වල් ඌරු රංචුවක ප්‍රධාන වශයෙන් ඊරියන් සහ ඔවුන්ගේ විවිධ වයස් වල පැටවුන් සිටින අතර වැඩිහිටි පිරිමි සතුන් තනිව හෝ ඔවුන්ගේම කුඩා රංචු වශයෙන් සැරිසරමින් අභිජනන සමයේදී පමණක් ගැහැණු සතුන් සිටින රංචු සමග එක්වේ. අලුයම කාලයේ සහ සවස් යාමයේ ක්‍රියාකාරී වන මෙම සත්වයා උණුසුම් දහවල් කාලයේ සෙවන ඇති තැනක වැතිරී ගිමන් හරී. එසේම රාත්‍රී කාලයේද ආහාර සොයමින් සැරිසරයි. මිනිසා හැරුණ විට පිඹුරන්, කිඹුලන් සහ කොටි වල් ඌරාගේ සතුරන් ලෙස සැලකිය හැකි වන අතර, කොටියා බොහෝවිට අවස්ථාවක් ලදවිට ඌරු පැටවුන් ගොදුරු කර ගනී. එවන් අවස්ථාවලදී ඇතැම් විට වැඩිහිටි ඌරන් සහ කොටියා අතර ඇතිවන දරුණු සටනින් කොටින් මියගිය අවස්ථා පවා වාර්තා වී ඇත. 
 
English Post >>

Saturday, March 30, 2024

ගළුගුඩු කොණ්ඩයා/බැම සුදු කොණ්ඩයා (Pycnonotus luteolus)


පහත රට වියලි සහ තෙත් කලාපයේ මෙන්ම කඳුකරයේ මීටර 1000 ක පමණ උස් මට්ටම දක්වා සුලභව හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් පහත රට වියලි කලාපයේ වඩාත් සුලභය. ගෙවතු, ද්වීතීයක වනාන්තර, වගා බිම් සහ ලඳු කැලෑ වල දිවි ගෙවන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් කුඩා ගෙඩි වර්ග සහ කෘමීන් ආහාරයට ගනී. පෙබරවාරි සිට මාර්තු දක්වා කාලයේ කුඩා කෝටු කැබැලි සහ මුල් ආදීය උපයෝගි කරගනිමින් පඳුරක් මත අඩි 2 ක් හෝ 3 ක් පමණ උසින් තනන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ.   

English Post >>

Friday, March 29, 2024

Yellow Crowned Woodpecker/Yellow Fronted Pied Woodpecker/ගෝමර කෑරලා/කහ සිළු පිරි කෑරලා [Gomara Kerala/Kaha Silu Piri Kerala] (Leiopicus maharattensis)


 Rather uncommon breeding resident inhabiting forests, well wooded areas and open wooded areas of the dry lowlands up to dry mid hills. Also a small scattered populations occurred in the wet lower hills near Kandy. It lives as pairs or as small family parties and mainly feeds on ants. The breeding season is from February to July and it lays two or three eggs in a hole dug by the birds in a tree trunk or underside of a branch.  

Thursday, March 28, 2024

පුංචි සිලිවටුවා/පුංචි හින්නා (Calidris minuta)


වසරේ සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී ප්‍රධාන වශයෙන් වියලි කලාපීය වෙරලාසන්න කලපු, මඩ වගුරු, ලුණු ලේවායන් සහ වැව් අද්දර සුලභව දැකිය හැකි පක්ෂියෙකි. තෙත් කලාපයේ එවන් පරිසර වලද කලාතුරකින් හමුවේ. කුඩා සහ විශාල රංචු වශයෙන් දිවි ගෙවන මෙම පක්ෂියා ජලාශ අද්දර ක්‍රියාකාරී ලෙසින් එහෙ මෙහෙ දුවමින් පහතට යොමු කර ගත් තුඩෙන් මඩේ සිටින කුඩා ජලජ සත්වයන් ගොදුරු කරගනී. 
 
English Post >>

Wednesday, March 27, 2024

Sri Lanka Whistling Thrush/අරංගයා [Arangaya] (Myophonus blighi)


 An endemic and rather uncommon shy bird occurs locally in fast flowing mountain streams and ponds in the dense jungles and undergrowth of  plantations from mid hills to higher hills. It lives as pairs and active at dawn and late into dusk. Sri Lanka Whistling Thrush feeds mainly on insects. But it also hunts frogs, geckos and such small animals. The breeding season is from January to May and it build a deep cup shape nest with large mass of green moss, twigs and dead leaves, lined with fine rootlets, fibres etc. The nest usually placed on a ledge or in a crevices of a rock beside a torrent or waterfall, but sometimes in a fork of a tree or on a stump in forest or forest borders where it lays one or two eggs. 

සිංහලෙන් කියවන්න >>

Tuesday, March 26, 2024

ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා/පුල්ලි වල් අවිච්චියා (Geokichla spiloptera)

පහත රට තෙත් කලාපයේ සිට උස් කඳුකරය දක්වා වනාන්තර සහ හොඳින් ගහකොළ සහිත ස්ථාන වල යටි වියනේ හමුවන මෙරටට ආවේනික දුර්ලභ පක්ෂියෙකි. ස්ථානීය වශයෙන් දුර්ලභව වියලි කලාපයේ ගංගාධර වනාන්තර වලද වාර්තා වේ.  කෘමීන්, පණුවන් වැනි භූමිය මත වසන සතුන් ගොදුරු කරගන්නා මෙම පක්ෂියා තනිව හෝ ජෝඩු වශයෙන් කොළ රොඩු අවුස්සමින් පොළොව මත එහෙ මෙහෙ යමින් එවැනි සතුන් ආහාරය ගනී. මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කෝටු කෑලි, පාසි සහ තණකොල රැසක් එක් කර මීවන ගසක මුදුනේ හෝ ලපටි ගසක අතු දෙබලක තනන කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනය කරයි. 

 English Post  >>

Friday, March 22, 2024

Marshall's Iora/White-tailed Iora/පෙඳසුදු අයෝරාවා (Aegithina nigrolutea)

 An uncommon breeding resident, locally inhabiting forests, open wooded areas and scrub lands with scattered trees in the dry lowlands from east to south. It lives as pairs and breeds in first half of the year. The open cup shape nest, made out of fibers and small sticks is placed low on a bush, attached to a twig(s) or in a fork. 

Thursday, March 21, 2024

උල්පෙඳ කැස්වටුවා (Gallinago stenura)


උත්තර අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේදී මෙරට වගුරු බිම්, තෙත් තණබිම් සහ කුඹුරු වැනි පරිසර පද්ධති වලට පැමිණෙන සංක්‍රමණික පක්ෂියෙකි.  දිවයින පුරාම පාහේ වාර්තා වන මුත් පහත රට ප්‍රදේශ වල වඩාත් සුලභ ලෙස හමුවේ. මෙරට තුල සිටින කාලයේදී ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වන මුත් බාදා රහිත ප්‍රදේශ වලදී උදෑසන සහ හවසත් ආහාර සොයමින් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක. මූලිකව කෘමීන්, කීටයන් සහ බිම් පණුවන් ගොදුරු කරගන්නා උල්පෙඳ කැස්වටුවාගේ දික්  වූ හොටෙහි අග ඉතාමත් සංවේදී වන අතර එම කොටස හොටෙහි අනෙක් කොටස වැසී පවතින විටද පුළුල් ලෙස විවර කිරීමේ හැකියාව ඇත. 

English Post >> 


Wednesday, March 20, 2024

ගේ කුරුල්ලා (Passer domesticus)


මිනිස් වාසස්ථාන වලට ආසන්නව රට පුරාම පාහේ දැකිය හැකි දේශීයව අභිජනනය කරන සුලභ පක්ෂියෙකි. රංචු වශයෙන් හැසිරෙමින් පලගැටියන්, සලබයන් වැනි කෘමීන් සහ මිනිසුන් විසින්  ඉවත දමන ආහාර මත යැපේ. මෙම පක්ෂියා ගොඩනැගිලි වල පිහිටි කුහරයක් තුල තණකොළ, පිදුරු වැනි ද්‍රව්‍ය රැසක් එකතු කර ඒවා පිහාටු වලින් වටකර තනන කූඩුවක බිත්තර හතරක් හෝ පහක් දමා වසර පුරාම පාහේ අභිජනනය කරයි. එහෙත් බොහෝවිට මිනිසුන් විසින් සිය නිවෙස් වල බිත්ති මත ඒ සඳහාම එල්ලා තබන සිදුරක් විදින ලද මැටි මුට්ටි තුල සිය කූඩුව තැනීම සඳහා ගේ කුරුල්ලන් පුරුදු වී ඇත. 

English Post >>

Tuesday, March 19, 2024

බ්‍රාහ්මණ මයිනා (Sturnia pagodarum)

උත්තර අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවෙත්වෙන කාලයේ මෙරටට පැමිණෙන සංක්‍රමණික පක්ෂියෙකි. එම මාස වලදී මෙම පක්ෂියා එතරම් සුලභ නොවන ලෙස පහත රට වියලි කලාපයේ, ප්‍රධාන වශයෙන් වෙරලට ආසන්න විවෘත බිම්, ලඳු කැලෑ සහිත ප්‍රදේශ වල සහ වගා බිම් වල දැකිය හැක. කලාතුරකින් තෙත් කලාපයේද දුටු බවට වූ වාර්තා හමුවන අතර බොහෝවිට එම පක්ෂීන් ඉන්දියාවේ සිය අභිජනනය කරන ප්‍රදේශ වල සිට මෙරට වියලි කලාපීය ප්‍රදේශ වෙත පැමිණෙමින් සිටියදී දක්නට ලැබූ පක්ෂීන් විය හැක. රංචු වශයෙන් දිවි ගෙවන බ්‍රහ්මණ මයිනන් භූමිය මත සිටින පලගැටියන් වැනි කෘමින් ගොදුරු කරගනී. එසේම පළතුරු සහ ඇතැම් මල් වල පැණිද ආහාරයට ගන්නා මෙම පක්ෂියා රාත්‍රිය ගත කිරීම සඳහා වෙනත් ඇතැම් මයිනන් මෙන්ම පොදු ස්ථානයක් තෝරාගන්නා අතර හවස් යාමයේදී එම ස්ථානය කරා විශාල රංචු ලෙසින් පැමිණේ. 
 
English Post >>

Wednesday, March 13, 2024

සුදු මහ කොකා/මහ සුදු කොකා (Casmerodius alba)


පහත රට වියලි කලාපයේ කුඹුරු, වැව්, ගංගා, කලපු සහ කඩොලාන පරිසර වල සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අතර, කලාතුරකින් කඳුකරයේද හමුවේ. බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් හෝ පක්ෂීන් කිහිප දෙනෙක් වෙනත් කොකුන් විශේෂද සමග හැසිරෙමින් මාළුන්, ඉස්සන් වැනි ජලජ සතුන් මෙන්ම පොළොව මත සිටින තණකොලපෙත්තන් වැනි කෘමීන්ද ගොදුරු කරගනී. මහ සුදු කොකා දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ ජලයට ආසන්නව පිහිටි ගසක කෝටු කෑලි එකතු කර තනන නොගැඹුරු වේදිකාවක් වැනි කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය සිදුකරයි. බොහෝවිට  වෙනත් කොකුන්, විශේෂ සහ දියකාවන් විශේෂ සමග සාමූහිකව එකම ගසක හෝ ආසන්න ගස් කිහිපයක මෙම කොකාද කූඩු තැනීම සිදු කරයි.

 English Post >>

Sunday, March 10, 2024

Peperomia tetraphylla


 An indigenous perennial herb locally common on mossy rocks and trees in montane forests above 1000 m altitudes. 


Saturday, March 9, 2024

ගල් වෙරළු (Elaeocarpus glandulifer)

 An endemic tree common in lower montane zone from 1000 to 2000 m elevations. Flowering from September to March and fruiting from June to December.

Friday, March 8, 2024

Thursday, March 7, 2024

Robiquetia virescens

An endemic epiphyte on branches of trees in sub montane to montane wet evergreen forests up to 2150 m elevations. 

Flower Size: 4mm across and 1.2 cm long

Wednesday, March 6, 2024

කළු රාජාලියා/කළුකුස්සා (Ictinaetus malayaensis)

 පහත රට තෙත් කලාපයේ සිට ඉහල කඳුකරය දක්වා  වනාන්තර සහ වනාන්තර ආශ්‍රීත විවෘත බිම් වල එතරම් සුලභ නොවන ලෙසින් හමුවන දේශීය පක්ෂියෙකි. ඉහල කඳුකරයේ වඩාත් සුලභ වන අතර පහත රට වියලි කලාපයේද රිටිගල වැනි හුදකලා කඳු ප්‍රදේශ වල දැක ගත හැක. බොහෝවිට ජෝඩු වශයෙන් කඳු අතරින්, වනාන්තර උඩු වියනට ආසන්නව සෙමින් පාවෙමින් ගොදුරු සොයන කළු රාජාලියා තුරු මුදුන් අතරින් පියාඹමින් කුරුළු කූඩු සහ වැඩුණු කුරුල්ලන් සිටීදැයි විමසිලිමත් වේ. ගස් අතර ඇති කුඩා විවර ඔස්සේ රවුම් කැරකෙමින් පියඹා යෑම සඳහා කළු රාජාලියාට විස්මිත හැකියාවත් ඇත. කුරුළු බිත්තර, කුරුළු පැටවුන් මෙන්ම කොණ්ඩ කුරුල්ලන්, පරෙවියන්, වී කුරුල්ලන් වැනි වැඩුණු පක්ෂීන්ද ගොදුරු කරගන්නා මෙම රාජාලියා ඊට අමතරව කුඩා ක්ෂීරපායීන්ද ආහාරයට ගනී. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයේ  බොහෝවිට කඳු බෑවුමක වූ උස් ගසක මුදුනේ කෝටු කෑලි විශාල ප්‍රමාණයක් ගොඩගසා තනන කූඩුවක එක් බිත්තරයක් දමා අභිජනනය කරයි.

English Post >>