Showing posts with label Sandpipers and allies. Show all posts
Showing posts with label Sandpipers and allies. Show all posts

Sunday, April 20, 2025

වැලි සිලිවටුවා/වැලි හින්නා (Calidris alba)

ප්‍රධාන වශයෙන් උතුරු, වයඹ සහ ගිණිකොණදිග වෙරළ තීරයන්හි එතරම් සුලභ නොවන ලෙස හමුවන සංචාරක පක්ෂියෙකි. කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ රංචු ලෙසින් වෙරළේ මුහුදු රල වෙරළ සමග හැපී ආපසු යනවිට ඒ සමග වේගයෙන් ඇවිදිමින් වෙරළට ගොඩගසන කුඩා අපෘෂ්ඨවංශී සතුන් ගොදුරු කරගනිමින් වාසය කරයි. වැලි සිලිවටුවා උතුරු අර්ධගෝලයේ ඈත තුන්ද්‍රා බිම් වල අභිජනනය කරයි.

English Post >>

 

Monday, April 14, 2025

Great Knot (Calidris tenuirostris)

 Rather rare winter migrant to tidal mud-flats, lagoons and salt-pans of dry zone coastal areas, mainly in the northern part of the country.  It lives as solitary birds or as small flocks and feeds by probing. Great Knot breeds in north-eastern Siberia

Sunday, April 13, 2025

Red Knot (Calidris canutus)


Rare winter migrant to mud and sand flats as well as the borders of lagoons and estuaries of the dry zone coastal areas. Even though very gregarious birds, both in feeding and flight, in Sri Lanka it is most likely to be found as solitary individuals or as flocks of 2-3 birds. Red Knot breeds in  far northern lands. 

Thursday, April 10, 2025

Terek Sandpiper (Xenus cinereus)

 Rather uncommon winter migrant to lagoons, estuaries, tidal creeks, saltpans and mudflats of lowland coastal areas, mainly in the dry zone. It lives as solitary birds or as few to several scattered birds, usually associating with other sandpipers and plovers. It feeds on various small shore-line animals and has a habit of  carrying them to the water edge and washing them before swallowing. It breeds in the high north of Europe and Asia.  

Saturday, March 29, 2025

දාර මහවටුවා/වයිර පෙඳ ගොහොදුවිත්තා (Limosa lapponica)

 දිවයිනේ උතුරු ප්‍රදේශයේ වෙරළබඩ කලපු, මඩ වගුරු, ගංගා මෝය වැනි පරිසර පද්ධති වලට ලෝකයේ උතුරු අර්ධගෝලයේ රටවල ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේදී පැමිණෙන දුර්ලභ සංචාරක පක්ෂියෙකි. කලාතුරකින් දිවයිනේ දකුණු ප්‍රදේශයේ වෙරළබඩ ප්‍රදේශ වලින්ද පක්ෂීන් වාර්තා වී ඇත. නොගැඹුරු ජලයේ බැස ගමන් කරමින් පණුවන්, කකුළුවන් සහ වෙනත් එවැනි කුඩා ජලජ සත්වයන් ගොදුරු කරගන්නා දාර මහවටුවා තනි තනි පක්ෂීන් ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් හමුවේ.

English Post >>

Thursday, February 6, 2025

Eurasian Curlew (Numenius arquata)

An uncommon winter migrant to the coastal areas, lagoons, tidal mudflats, estuaries, creeks, and grasslands of mainly the dry lowlands. Rarely occurs also in the wet zone coastal areas. It lives as solitary birds or as small to large scattered flocks, often in company with other waders, gulls, terns and likes.  Eurasian Curlew feeds on marine worms, shellfish and crustaceans by probing the mud, mostly when the tide begins to ebb. It breeds in Central and Northern Asia.

 

Saturday, December 21, 2024

සිඟිති සිලිවටුවා/ටෙමින් හින්නා (Calidris temminckii)

දිවයිනේ පහත රට ප්‍රදේශ වල තණකොල සහ එවන් මිටි ශාක සහිත නොගැඹුරු දියපාරවල් ඉවුරු වල සහ මඩ වගුරු අද්දර තරමක් දුර්ලභ ලෙස හමුවන සංචාරක පක්ෂියෙකි. නිතර පක්ෂීන් 3 ක් හෝ 4 ක් සහිත රංචු වශයෙන් හමුවන අතර ඇතැම් විට වෙනත් සිලිවටුවන්/හින්නන් සහ පුංචි මාල ඔලෙවියන් හෝ වන සිලිබිල්ලන්/වන සිලිවටුවන් වැනි පක්ෂීන් සමගද හැසිරේ. සිඟිති සිලිවටුවා උතුරු යුරෝපයේ සහ ආසියාවේ අභිජනනය කරයි.

 English Post >>

Saturday, November 9, 2024

අවන්පෙඳ කැස්වටුවා/පොදු කැස්වටුවා (Gallinago gallinago)

තරමක් දුර්ලභ ලෙසින් වුවත් අවුරුදු පතා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙකි. මෙම කැස්වටුවා මෙරට තුල සිටින කාලයේදී පහත රට වියලි සහ තෙත් කලාපයේ වගුරු, වැව් අසබඩ පිහිටි තණකොල සහිත පරිසර පද්ධති සහ තෙත් කුඹුරු වැනි ස්ථාන වල වාසය කරයි. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වෙමින් මඩ සහිත ස්ථාන වල සිටින පණුවන්, කෘමින්ගේ පිළවුන් වැනි සතුන් ගොදුරු කර ගනී. බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් හැසිරෙන අතර මඩ තුල ගැඹුරට ඔවුන්ගේ දිගු, එමෙන්ම සංවේදී හොට දමා එවන්  සතුන් සොයාගනී. මෙම කැස්වටුවා යුරෝපයේ ආසියාවේ මෙන්ම උතුරු ඇමෙරිකාවේද අභිජනනය කරයි.

 English Post >>

Thursday, March 28, 2024

පුංචි සිලිවටුවා/පුංචි හින්නා (Calidris minuta)


වසරේ සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී ප්‍රධාන වශයෙන් වියලි කලාපීය වෙරලාසන්න කලපු, මඩ වගුරු, ලුණු ලේවායන් සහ වැව් අද්දර සුලභව දැකිය හැකි පක්ෂියෙකි. තෙත් කලාපයේ එවන් පරිසර වලද කලාතුරකින් හමුවේ. කුඩා සහ විශාල රංචු වශයෙන් දිවි ගෙවන මෙම පක්ෂියා ජලාශ අද්දර ක්‍රියාකාරී ලෙසින් එහෙ මෙහෙ දුවමින් පහතට යොමු කර ගත් තුඩෙන් මඩේ සිටින කුඩා ජලජ සත්වයන් ගොදුරු කරගනී. 
 
English Post >>

Thursday, March 21, 2024

උල්පෙඳ කැස්වටුවා (Gallinago stenura)


උත්තර අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේදී මෙරට වගුරු බිම්, තෙත් තණබිම් සහ කුඹුරු වැනි පරිසර පද්ධති වලට පැමිණෙන සංක්‍රමණික පක්ෂියෙකි.  දිවයින පුරාම පාහේ වාර්තා වන මුත් පහත රට ප්‍රදේශ වල වඩාත් සුලභ ලෙස හමුවේ. මෙරට තුල සිටින කාලයේදී ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වන මුත් බාදා රහිත ප්‍රදේශ වලදී උදෑසන සහ හවසත් ආහාර සොයමින් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක. මූලිකව කෘමීන්, කීටයන් සහ බිම් පණුවන් ගොදුරු කරගන්නා උල්පෙඳ කැස්වටුවාගේ දික්  වූ හොටෙහි අග ඉතාමත් සංවේදී වන අතර එම කොටස හොටෙහි අනෙක් කොටස වැසී පවතින විටද පුළුල් ලෙස විවර කිරීමේ හැකියාව ඇත. 

English Post >> 


Friday, January 5, 2024

පෙඳ කලු මහාවටුවා/කලු පෙඳ ගොහොදුවිත්තා (Limosa limosa)

 වියලි කලාපීය වෙරලාසන්න වගුරු බිම්, මඩ වගුරු, කලපු, කුඹුරු, වැව් ආදියේ මෙන්ම ඇතැම්විට රට අභ්‍යන්තරයට වන්නට පිහිටි එවැනි ස්ථාන වලටද පැමිණෙන සුලභ සංචාරක පක්ෂියෙකි. තනිව හෝ කුඩා හෝ විශාල රංචු ලෙසින් පණුවන්, කෘමීන් සහ ක්‍රස්ටේෂියාවන් ගොදුරු කර ගනී. යුරෝපයේ සහ බටහිර ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.

English Post >>

Saturday, March 11, 2023

පොදු රත්පා සිලිබිල්ලා/පා රතු සිලිවටුවා (Tringa totanus)

සංක්‍රමණික පක්ෂියෙකු වන පොදු රත්පා සිලිබිල්ලා වියලි කලාපයේ වෙරළබඩ ප්‍රදේශ වල නොගැඹුරු මඩ වගුරු, ලේවායන්, කලපු ආදියේ සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන මාස වලදි සුලභව දැකගත හැක. තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අතර කළාතුරකින් රට අභ්‍යන්තරයෙන්ද වාර්තා වේ. කකුළුවන්, මොලුස්කාවන්, පණුවන් වැනි ජලජ සතුන් ගොදුරු කර ගන්නා මෙම පක්ෂියා තනිව හෝ කුඩා රංචු වශයෙන් හැසිරේ. ඇතැම්විට වෙනත් ජලජ පක්ෂීන් සමගද ආහාර සුලභ ස්ථාන වල එක්ව සිටිනු දැකිය හැක. පොදු රත්පා සිලිබිල්ලා මධ්‍යම ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.

English Post >>

Saturday, January 21, 2023

Common Snipe/Fantail snipe/අවන්පෙඳ කැස්වටුවා/පොදු කැස්වටුවා[Awanpenda Kaeswatuwa/Podu Keswatuwa] (Gallinago gallinago)

 Fairly rare but regular winter migrant to the low country marshlands, grassy tank edges, wet paddy fields and likes. It is mainly nocturnal and usually solitary snipe feeds on earth worms, and insect larvae in muddy grounds by probing deep into mud with its highly sensitive long bill. Common Snipe breeds in Europe, Asia and also in North America

සිංහලෙන් කියවන්න >>

Sunday, January 8, 2023

Ruff/ලොවිච්චි සිලිවටුවා/ලොවිච්චි හින්නා[Lowichchi /Siliwatuwa/Lowichchi Hinna] (Philomachus pugnax)

An uncommon winter migrant to marshlands, paddy fields, flooded meadows, lagoons and salt-pans, etc. mainly of the dry coastal areas. Rare in the wet zone coastal areas. Ruff occurs as single birds feeding alone with other waders or as several birds together. It feeds mainly on insects though sometimes eat grain such as paddy. It breeds in northern Europe and Asia

Sunday, January 1, 2023

Temminck's Stint/සිඟිති සිලිවටුවා/ටෙමින් හින්නා [Singithi Siliwatuwa/Temin Hinna] (Calidris temminckii)

Rather rare winter migrants to the shores of shallow creeks and muddy places with grass and low vegetation in the lowlands. Temminck's Stint usually found in small parties of 3 to 4  birds, sometimes with other Stints or with Little Ringed Plovers, Wood Sandpipers etc. It breeds in northern Europe and Asia.  

සිංහලෙන් කියවන්න >>

Tuesday, March 29, 2022

කොළ පා සිලිවටුවා/පොදු පලාපා සිලිබිල්ලා (Tringa nebularia)

 පහත රට වෙරළබඩ ප්‍රදේශ වලට පැමිණෙන සුලභ සංක්‍රමණික පක්ෂියෙකි කොළ පා සිලිවටුවා නැතහොත් පොදු පලාපා සිලිබිල්ලා. වියලි කලාපයේ කලපු, වැව්, ලේවායන් සහ ගං මෝය අසල වඩාත් සුලභ ලෙසින් හමුවන අතර පහත රට තෙත් කලාපයේ ස්ථානීය වශයෙන් දුර්ලභව දැකිය හැක. බොහෝවිට තනි පක්ෂින් ලෙසින්ද, ඇතැම් විට විසිරුණු රංචු ලෙසින්ද  එවන් ස්ථාන වල ඉවුරට ආසන්නව හෝ ඇතැම් අවස්ථා වල තරමක් ගැඹුරු ජලයේ පවා බැස මඩේ සිටින කකුළුවන්, පණුවන්, කෘමීන් සහ බෙල්ලන් ආදිය ගොදුරු කරගන්නා  ආකාරය නිරීක්ෂණය කල හැක. මෙම පක්ෂියා යුරෝපයේ උතුරු කොටසේ මෙන්ම උතුරු සහ මධ්‍යම ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.

English Post >>

Thursday, March 24, 2022

දෑකැති සිලිවටුවා/කලිති හින්නා (Calidris ferruginea)


වියලි කලාපයේ කලපු, ලේවායන්, ගං මෝය සහ වෙරලට ආසන්න මඩ වගුරු සහ වගුරු බිම් වල ඉතාමත් සුලභ සංචාරක පක්ෂියෙකි. කලාතුරකින් තෙත් කලාපයේද එවන් පරිසරයන්හි හමුවේ. විශාල හෝ කුඩා රංචු වශයෙන්, ඇතැම්විට වෙනත් එවැනි වෙරලබඩ පරිසර පද්ධති වල හමුවන ජලජ පක්ෂීන්ද සමග විශේෂයෙන්ම බාදිය සමග ගසාගෙන නොයන පණුවන්, බෙල්ලන් වැනි විවිධ කුඩා ජීවින් කඩිසරව ගොදුරු කරගනිමින් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක.  නැගෙනහිර ආසියානු ආක්ටික් තුන්ද්‍රා බිම් වල අභිජනනය කරයි.

English Post >>

Sunday, March 20, 2022

කැටපෙරලන්නා/රත් ගල්පෙරලියා (Arenaria interpres)

 වසරේ සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල දැකිය හැකි මාසයන්හි වියලි කලාපයේ වෙරලබඩ මඩ වගුරු, කලපු සහ ගං මෝය ආදියෙහි, විශේෂයෙන් ගල්පර සහ බොරළු සහිත පරිසරයන්හි සුලභ සංක්‍රමණික පක්ෂියෙකි. තෙත් කලාපයේද ඇතැම්විට කලාතුරකින් ගැලපෙන පරිසර පද්ධති වල නිරීක්ෂණය කර ඇත.  නිතර තනි පක්ෂීන් ලෙස ගොදුරු සොයන මුත් ඇතැම් විට කුඩා විසිරුණු රංචු ලෙසින්ද හමුවේ.  මුහුදු පාසි, කුඩා ගල් කැබැලි සහ සිප්පි කටු ආදිය හරවමින් ඒවා යට සැඟව සිටින කුඩා සතුන් අල්ලා කන හෙයින් ඉංග්‍රිසි භාෂාවෙන් Ruddy Turnstone යන නම මේ පක්ෂියාට යොදා ඇත. සිංහල නම්ද ඒ අනුසාරයෙන් නිර්මාණය කර තිබේ.  

English Post >>

Friday, March 18, 2022

වන සිලිබිල්ලා/වන සිලිවටුවා (Tringa glareola)

 සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල හමුවන මාස වල පහත රට වියලි කලාපයේ වෙරළ බඩ ප්‍රදේශ, කලපු, වගුරු බිම්, මඩ වගුරු වල මෙන්ම වැව් සහ කුඹුරු වලද සුලභව දැකිය හැකි සංක්‍රමණික පක්ෂියෙකි. කලාතුරකින් කඳුකරයේ සහ පහත රට තෙත් කලාපයෙන්ද වාර්තා වී ඇත. වෙනත් බොහෝ සංක්‍රමණික ජලාශ්‍රිත පක්ෂීන් මෙන් නොව මෙම පක්ෂියා මිරිදිය ජල පද්ධති වලට වැඩි කැමැත්තක් දක්වයි. බොහෝවිට තනිව හැසිරෙන මුත් ඇතැම් විට ලොකු කුඩා රංචු වශයෙන්ද හමුවන වන සිලිබිල්ලා ජලයේ වෙසෙන කුරුමිණියන්, මකුණන් සහ කීටයන් වැනි  කුඩා ජලජ කෘමීන් ආහාරයට ගනී.

English Post >> 

Thursday, March 10, 2022

දෑතුඩු වටුවා/විඹුරැලි කලිත්තා(Numenius phaeopus)

පහත රට ප්‍රදේශ වලට, විශේෂයෙන්ම වියලි කලාපයේ වෙරළ බඩ ප්‍රදේශ වල වගුරු බිම්, මඩ වගුරු, සහ කලපු වලට වසරේ සැප්තැම්බර්-ඔක්තෝබර් මාස වලදී පැමිණ ඊලග වසරේ අප්‍රියෙල් දක්වා සිටින එතරම් සුලභ නොවන සංක්‍රමණික පක්ෂියෙකි. කකුළුවන්, බෙල්ලන්, සහ පණුවන් ගොදුරු කරගන්නා මෙම පක්ෂියා තනිව හෝ ඇතැම්විට 4 ක් හෝ 5 ක් පමණ වන කුඩා රංචු ලෙසින් හමුවේ. මෙම පක්ෂියා උතුරු යුරෝපයේ සහ බටහිර ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි. 

English Post >>