Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Sunday, December 28, 2025
Mongolian Short-toed Lark (Calandrella dukhunensis)
Thursday, March 9, 2023
කොණ්ඩ ගොමරිට්ටා/පෙරදිගු අහස්රිට්ටා (Alauda gulgula)
ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ තෘණ භූමි, වියලි කුඹුරු, සහ වෙනත් එවැනි විවෘත ප්‍රදේශ වල ස්ථානීයව සුලභ දේශීය පක්ෂියෙකි. ඇතැම් විට තෙත් කලාපයට තාවකාලිකව සංක්‍රමණය වන අතර කලාතුරකින් කඳුකරයේ අභිජනනය කරයි. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් භූමිය මත දිවිගෙවන අතර කුඩා කොට මත ගල් බැමි ආදිය මත විනා ගස් මත වසා සිටිනු දැකිය නොහැක. කොණ්ඩ ගොමරිට්ටා පළගැටියන් වැනි කුඩා කෘමීන් ගොදුරු කර ගන්නා අතර තෘණ සහ වෙනත් එවැනි වල් පැලෑටි වල බීජ ආදියද ආහාරයට ගනී. වසරේ මාර්තු සිට ජූලි දක්වා කාලයේ පොළොව මත බොහෝවිට තෘණ පඳුරක් හෝ වෙනත් එවැනි පඳුරක් යට කුඩා වලක තණකොල සහ කෙඳි ජාති උපයෝගි කරගනිමින් තනන කූඩුවක බිත්තර එකත් තුනත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.
English Post >>
Sunday, April 3, 2022
පඳුරු ගොමරිට්ටා (Mirafra affinis)
පහත රට වියලි කලාපයේ සුලභ දේශිය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද දුර්ලභ ලෙසින් ඇතැම් ප්‍රදේශ වල හමුවේ. ජෝඩු වශයෙන් කුඹුරු සහ තෘණභූමි වැනි විවෘත බිම් වල හමුවන පඳුරු ගොමරිට්ටා පලගැටියන් වැනි භූමියේ හමුවන කෘමීන් අහාරයට ගනී. වසරේ මාර්තු සිට ජූලි දක්වා කාලයේ උස් තණකොල පදුරක මුල කුඩා වලක් හාර මනාව සැගවුන කූඩුවක් සාදා එහි බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>




