English Post >>
Sunday, November 12, 2023
කහ කොණ්ඩයා/බැම කහ ගුලූගුඩුවා (Actritillas indica)
English Post >>
Tuesday, June 15, 2021
කොන්ඩ කුරුල්ලා (Pycnonotus cafer)
ගෙවතු, වගා බිම්, බඩවැටි වල මෙන්ම වනාන්තර මායිම් වලද දිවයින පුරාම පාහේ හමුවන සුලභ දේශිය පක්ෂියෙකි. නමුත් වනාන්තර අභ්‍යන්තරයේ හමු නොවේ. ජෝඩු වශයෙන් හෝ ඇතැම් විට කුඩා රංචු වශයෙන් දිවිගෙවන කොන්ඩ කුරුල්ලන් කුඩා ගෙඩි වර්ග සහ කෘමීන් ආහාරයට ගනී. වසර පුරාම කිහිප පාරක්ම අභිජනනයේ යෙදෙන පක්ෂියෙකු වුවත් මාර්තු සිට මැයි දක්වා සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ප්‍රධාන අභිජනන සමයන් ඇති බව නිරීක්ෂණය කර ඇත. කුඩා කෝටු කැබැලි, පරඩැල්, මුල් කැබැලි ආදිය යොදා මකුලුදැල් වලින් ඒවා එක් කර සාදන කෝප්පයක භැඩැති කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Tuesday, April 13, 2021
හිස කළු කොණ්ඩයා/ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා (Pycnonotus melanicterus)
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශ දක්වා වනාන්තර, වෙනත් එවැනි ගස් කොළන් බහුල ස්ථාන සහ ආශ්‍රීත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. නමුත් තෙත් කලාපයේ සහ වියලි කලාපීය ගංගා දෙපස පිහිටි වනාන්තර වල වඩාත් සුලභය. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් දිවිගෙවන හිස කළු කොණ්ඩයන් ප්‍රධාන වශයෙන් පළතුරු, කුඩා ගෙඩි ජාති මෙන්ම කෘමි සතුන්ද ආහාරයට ගනී. වසරේ මාර්තු සිට අප්‍රේල් දක්වා සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා පඳුරු අතර හෝ කුඩා ගසක අතු පතර මනාව සැඟවුන ස්ථානයක කෝප්පයක හැඩය සහිත කූඩුවක් තනා අභිජනනයේ යෙදේ.
English Post >>
Friday, December 25, 2020
ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා/ගුරු කොණ්ඩයා (Pycnonotus penicillatus)
කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත ගස් කොළන් බහුල ගෙවතු වල සුලභව හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. බොහෝවිට ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් හමුවන කහකන් කොණ්ඩයන් පඳුරු සහ නොඋස් ගස් අතර පළතුරු සහ කුඩා කෘමීන් ආහාරයට ගනිමින් පියඹා යනු දැකිය හැක. මාර්තු සිට අප්‍රේල් දක්වා කාලයේ සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් මාස වල අභිජනනයේ යෙදෙන කහකන් කොණ්ඩයන් ගසක පහත් අත්තක පිහිටි දෙබලක පාසි, ගස් වල කුඩා මුල් ආදිය උපයෝගි කරගනිමින් සාදන කෝප්පයක හැඩය සහිත කූඩුවක බිත්තර දෙකක් දමයි.
English Post >>
Thursday, April 9, 2020
කළු කොණ්ඩයා/කළු පිරි-කොණ්ඩයා (Hypsipetes leucocephalus)
English Post >>