Showing posts with label Accipitridae. Show all posts
Showing posts with label Accipitridae. Show all posts

Saturday, February 7, 2026

Pied Harrier/ගෝමර බිම් උකුස්සා/ගෝමර හැරිකුස්සා (Circus melanoleucos)


A very rare winter migrant to open scrubland, grasslands, marshes, and paddy fields across the country, mainly in the dry lowlands. It typically glides slowly just a few feet above the ground over marshes, paddy fields, and other open habitats, feeding on frogs, rodents, lizards, small birds, snakes, grasshoppers, and similar prey. It often perches on the ground and roosts at night in open fields and marshes, sometimes loosely associating with other harriers of the same or different species. The Pied Harrier breeds in the tundra regions of eastern Asia.


Thursday, February 5, 2026

Western Marsh Harrier/වගුරු බිම් උකුස්සා/වගුරු හැරිකුස්සා (Circus aeruginosus)

An uncommon winter migrant to marshes, grasslands, and paddy fields throughout the country, mainly in the lowlands. It is usually encountered as a solitary bird and feeds on frogs, water snakes, fish, and water birds such as teals and waterhens, as well as small mammals and insects including grasshoppers. It hunts with a slow, sailing flight close to the ground. Like other harriers, it often perches on the ground and probably roosts there at night, though it also frequently perches in trees.  The Western Marsh Harrier breeds in Europe and Asia, north of the Himalayas.

Saturday, November 8, 2025

Legge's Hawk-Eagle/මහ කොණ්ඩරාජාලියා/හෙල් කොණ්ඩකුස්සා [Maha Kondarajaaliya/Hel Kondakussa] (Nisaetus kelaarti)

A rather rare breeding resident found in forested areas from the foothills to the higher hills. It lives either solitarily or in pairs and feeds on rats, hares, fowls, and lizards. The breeding season lasts from December to March. The nest, a large mass of sticks lined with green leaves, is built high in a tall tree within dense forest. It lays a single egg.

Monday, November 3, 2025

බඩරතු රාජාලියා/කුසරත් සිළුකුස්සා (Lophotriorchis kienerii)

දිවයින පුරාම පාහේ වනාන්තර සහ හොඳින් ගහ කොළ සහිත ප්‍රදේශ වල දුර්ලභ ලෙසින් හමුවන දේශීය පක්ෂියෙකි. ජෝඩු ලෙසින් හෝ තනි තනි පක්ෂීන් ලෙසින් දිවි ගෙවන මෙම රාජාලියා ප්‍රධාන වශයෙන් වෙනත් පක්ෂීන්, විශේෂයෙන් පරවියන් ගොදුරු කර ගනී. අහසේ ඉහල සිට වේගයෙන් එවන් පක්ෂීන් හඹා ගොස් අල්ලා ගන්නා අතර එයට අමතරව කුඩා ක්ෂිරපායින් සහ උරගයන්ද ආහාරයට ගනී. වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ ගසක් මත කෝටු කැබැලි ගොඩ ගසා වටේට ශාක පත්‍ර යොදා තනන කූඩුවක එක් බිත්තරයක් දමා අභිජනනය කරයි.

English Post >>

Sunday, December 15, 2024

පතන් උකුස්සා/කළු උරිස් පතනකුස්සා (Elanus caeruleus)


 පහත රට වියලි කලාපීය සහ කඳුකර විවෘත භූමි, තෘණ භූමි, කුඹුරු සහ පතන් බිම් වල එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපීය ප්‍රදේශ වලටද ඇතැම් විට සංක්‍රමණය වන අවස්ථා වාර්තා වී ඇත. තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු වශයෙන් හමුවන අතර විවෘත බිම් වල පියාඹමින් නිතර එකතැන නැවතී තටු ගසමින් පලගැටියන්, කටුස්සන්, මීයන් සහ කුරුළු පැටවුන් දඩයම් කරයි. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ සහ ඇතැම්විට නැවතත් ජූලි සිට ඔක්තෝබර් දක්වා මාස වල ගසක මුදුනේ හොඳින් විවෘත ස්ථානයක කෝටු කැබැලි ගොඩ ගසා තනන කපුටු කූඩුවක් වන් වූ කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි. 

English Post >>

Saturday, November 23, 2024

Booted Eagle (Hieraaetus pennatus)

 Rather rare winter migrant inhabiting forests, lightly wooded areas and open country throughout the island. It is mostly a solitary bird though sometimes associate with other raptors. Booted eagle hunts on birds, rats, lizards, etc. 

Wednesday, March 6, 2024

කළු රාජාලියා/කළුකුස්සා (Ictinaetus malayaensis)

 පහත රට තෙත් කලාපයේ සිට ඉහල කඳුකරය දක්වා  වනාන්තර සහ වනාන්තර ආශ්‍රීත විවෘත බිම් වල එතරම් සුලභ නොවන ලෙසින් හමුවන දේශීය පක්ෂියෙකි. ඉහල කඳුකරයේ වඩාත් සුලභ වන අතර පහත රට වියලි කලාපයේද රිටිගල වැනි හුදකලා කඳු ප්‍රදේශ වල දැක ගත හැක. බොහෝවිට ජෝඩු වශයෙන් කඳු අතරින්, වනාන්තර උඩු වියනට ආසන්නව සෙමින් පාවෙමින් ගොදුරු සොයන කළු රාජාලියා තුරු මුදුන් අතරින් පියාඹමින් කුරුළු කූඩු සහ වැඩුණු කුරුල්ලන් සිටීදැයි විමසිලිමත් වේ. ගස් අතර ඇති කුඩා විවර ඔස්සේ රවුම් කැරකෙමින් පියඹා යෑම සඳහා කළු රාජාලියාට විස්මිත හැකියාවත් ඇත. කුරුළු බිත්තර, කුරුළු පැටවුන් මෙන්ම කොණ්ඩ කුරුල්ලන්, පරෙවියන්, වී කුරුල්ලන් වැනි වැඩුණු පක්ෂීන්ද ගොදුරු කරගන්නා මෙම රාජාලියා ඊට අමතරව කුඩා ක්ෂීරපායීන්ද ආහාරයට ගනී. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයේ  බොහෝවිට කඳු බෑවුමක වූ උස් ගසක මුදුනේ කෝටු කෑලි විශාල ප්‍රමාණයක් ගොඩගසා තනන කූඩුවක එක් බිත්තරයක් දමා අභිජනනය කරයි.

English Post >>

Saturday, January 6, 2024

කළු උකුස්සා/බොර පරකුස්සා (Milvus migrans)

 දිවයිනේ උතුරු අන්තයේ, ප්‍රධාන වශයෙන් වෙරළබඩ ප්‍රදේශ වල විශේෂයෙන් වෙරළබඩ නගර වල එතරම් සුලභ නොවන ලෙස දැකිය හැකි දේශිය පක්ෂියෙකි. එසේම එම ප්‍රදේශ වලටම සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පැමිණෙන මෙරට අභිජනනය නොකරන පක්ෂීන්ද සිටින බව නිරීක්ෂණය කර ඇත. කලාතුරකින් දිවයිනේ වෙනත් ප්‍රදේශ වලද වාර්තා වේ. කුඩා රංචු වශයෙන් හෝ තනි තනි පක්ෂීන් වශයෙන් ප්‍රධාන වශයෙන් මිනිස් වාසස්ථාන ආශ්‍රිතව ඉවත දමන ආහාර මත යැපෙමින් දිවි ගෙවයි. දෙසැම්බර් සිට අප්‍රියෙල් දක්වා කාලයේ ගසක උඩු වියනේ හෝ පොල් ගසක පොල් අත්ත කඳට සවිවන ස්ථානයේ කෝටු කැබලි ගොඩ ගසා තනන කූඩුවක බිත්තර දෙකේ සිට හතර දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය සිදු කරයි.

English Post >>

Monday, November 13, 2023

Rufous Bellied Eagle/බඩරතු රාජාලියා/කුසරත් සිළුකුස්සා [Badaratu Rajaliya/Kusarath Silukussa ] (Lophotriorchis kienerii)

Rather rare breeding resident of forests and such well-wooded areas throughout the country. It lives as solitary birds or as pairs. Rufous Bellied Eagle feeds mainly on birds, mostly doves and pigeons, which it capture on the wing by stooping from a height, with wings nearly closed and winglets elevated, rather like falcons. Also takes small mammals and reptiles. The breeding season lasts from December to March and it build a nest, a large pile of sticks lined with green leaves placed in a tree and lays a single egg. 

සිංහලෙන් කියවන්න >>  
 




Friday, February 3, 2023

කුරුළුගොයා (Accipiter badius badius)


දිවයින පුරාම පාහේ දැකිය හැකි මෙරට තුල අභිජනනය සිදු කරන පක්ෂියෙකු වන කුරුළුගොයා ඝන වනාන්තර නොවන විවෘත භූමි, වගා බිම්, ගෙවතු සහ ඇතැම් අවස්ථා වල නගර වල තුරු සහිත ස්ථාන වලද දැකිය හැක. ප්‍රධාන වශයෙන් කුඩා පක්ෂීන් සහ කටුස්සන්, හිකනලන් වැනි උරගයන් ගොදුරු කර ගන්නා අතර උස ගසක් මත වසා සිටිමින් ගොදුර කරා හඹා ගොස් පාදයේ නිය වලින් ගොදුර ඩැහැ ගනී. වසරේ මාර්තු සිට මැයි දක්වා මාස වල සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරන කුරුළුගොයා උස ගසක් මත කොළ අතු අතර කෝටු කෑලි සහ පරඩැල් උපයෝගී කරගනිමින් කූඩුවක් සාදා බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනය සිදු කරයි.
 
English Post >>

Sunday, January 15, 2023

මාළු උකුස්සා/කුරලුකුස්සා (Pandion haliaetus)

 දුර්ලභ නමුත් සෑම වසරකම පාහේ උතුරු අර්ධගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේ මෙරටට සංක්‍රමණය කරන පක්ෂියෙකි. වියලි කලාපයේ වෙරළබඩ කලපු, ගංගා මෝයවල් සහ වෙනත් විශාල ජලාශ ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් හමුවන අතර ඇතැම්විට තෙත් කලාපයේ සහ කඳුකරයේ ජලාශ වලද වාර්තා වී ඇත. මාළුන් ප්‍රධාන වශයෙන් ගොදුරු කරගන්නා මෙම පක්ෂියා මෙරට තුල සිටින කාලයේදී නාද නොකරන අතර සෞම්‍ය කලාපීය රටවල අභිජනනය කරයි.

English Post >>

Sunday, December 18, 2022

Osprey/මාළු උකුස්සා/කුරලුකුස්සා[Malu Ukussa/Kuralukussa] (Pandion haliaetus)

Rare but regular winter visitor mainly to coastal lagoons, estuaries and large reservoirs of the dry lowlands. It is occasionally travel to others inland water bodies of wet zone and the hill country . Osprey feeds mainly on fish. It is generally silent while in Sri Lanka and breeds in temperate regions.  

සිංහලෙන් කියවන්න >>


Sunday, November 27, 2022

වැව් රාජාලියා/අළුහිස් මසුකුස්සා (Ichthyophaga ichthyaetus)

 එතරම් සුලභ නොවන දේශීය පක්ෂියෙකු වන වැව් රාජාලියා පහත රට වියලි කලාපයේ වනාන්තර ආශ්‍රිත වැව්, විල්ලු සහ ගංගා  වාසභූමිය කරගනිමින් වෙසේ. බොහෝ වේලාවක් වතුර මතුපිටට ඉහලින් වැටී ඇති අත්තක් මතට වී ගොදුරු කරගැනීමට මත්ස්‍යයෙකු දිය මතු පිටට එනතුරු බලා සිටින වැව් රාජාලියා උදෑසන සහ ගොම්මන් කාලයේ, විශේෂයෙන්ම අභිජනන සමයේ  ඝෝෂාකාරි ලෙස හඬ නගයි. වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ  උස ගසක් මුදුනේ කෝටු කෑලි විශාල ප්‍රමාණයක ගොඩක් ලෙස වූ කූඩුවක් තනා එහි බිත්තර එකක් හෝ දෙකක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Wednesday, March 23, 2022

බමුණු පියාකුස්සා/බ්‍රාහ්මණ උකුස්සා (Haliastur indus)

ප්‍රධාන වශයෙන් වෙරළ බඩ ප්‍රදේශ වල සහ පහත රට විශාල වගුරු බිම් වල මෙන්ම වැව් සහ ජලාශ වලද සුලභ දේශීය පක්ෂියෙකි. කලාතුරකින් කඳුකරයේද දැකිය හැක. කටුස්සන්, කුරුළු පැටවුන් සහ ආබාදිත වූ පක්ෂීන්, මාළුන්, කකුළුවන්, ප්‍රමාණයෙන් විශාල කෘමීන් ආදිය ප්‍රධාන වශයෙන් ගොදුරු කරගන්නා බ්‍රාහ්මණ උකුස්සා ඔක්තෝබර් සිට අප්‍රියෙල් දක්වා  කාලයේ කෝටු කැබැලි එකතු කර ගස් මුදුනක තනන කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනය කරයි.

English Post >>

Tuesday, March 15, 2022

කුසඇලි මුහුදුකුස්සා/මුහුදු රාජාලියා (Haliaeetus leucogaster)

 
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල ප්‍රදේශ දක්වා හමුවන එහෙත් එතරම් සුලභ නොවන දේශිය පක්ෂියෙකි. පහත රට වියලි කලාපයේ තරමක් සුලභ වන අතර කලාතුරකින් තෙත් කලාපයේ විශාල ජලාශ වල හමුවේ. නිතර ඉහල කඳුකර ප්‍රදේශ වලට සංක්‍රමණය කරයි. තනිව හෝ ජෝඩු වශයෙන්, වෙරළ බඩ ප්‍රදේශ, විශාල වැව්, ගංගා දෙපස, කලපු සහ මෝයවල් අසල සැරිසරන මුහුදු රාජාලියා ප්‍රධාන වශයෙන් මාලුන් සහ මුහුදු සර්පයන් ආහාරයට ගනී. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ අභිජනනය කරන මුහුදු රාජාලියා  උස ගසක් මත කෝටු කැබැලි එක් කර විශාල කූඩුවක් තනන අතර වසරක් පාසා එම කූඩුවම වැඩි දියුණු කරමින් අභිජනන ක්‍රියාවලිය සිදුකරයි. බොහෝවිට කූඩුව කුඩා දූපතක පිහිටි ගසක් මත හෝ ගල් කඳු සහිත උස් ප්‍රදේශයක හෝ ඉදිකරන අතර සාමාන්‍යයෙන් වරකට බිත්තර දෙකක් පමණ දමා පැටවුන් දෙදෙනෙකු බිහි කරයි.

English Post >>

Tuesday, February 15, 2022

සර්ප රාජාලියා (Spilornis cheela spilogaster)



 සුලභ දේශීය පක්ෂියෙකු වන සර්ප රාජාලියා දිවයින පුරාම පාහේ වනාන්තර සහ වෙනත් එවැනි ගස් කොළන් සහිත ප්‍රදේශ වල හමුවේ. එවන් ප්‍රදේශ වල ඉර එලිය හොඳින් පවතින දිනවල අහසේ කැරකෙමින් එහෙමෙහෙ යමින්, නිතර ඔවුන්ගේ ඝෝෂාකාරී අධික නාදය නිකුත්කරමින් ඉතා ඉහලට ඉහල නගින සර්ප රාජාලියන් බොහෝ විට ජෝඩු වශයෙන් දැක ගත හැක. නමින්ම කියැවෙන පරිදි සර්ප රාජාලියන් ප්‍රධාන වශයෙන් සර්පයන් ගොදුරු කරගනී. එමෙන්ම ගෙම්බන්, මීයන් සහ බොහෝවිට තුවාල වූ සහ අසනීප සහිත කුරුල්ලන්ද සර්ප රාජාලියන් ආහාරයට ගනී. පෙබරවාරි සිට මැයි දක්වා මාස වල වනාන්තරයේ වූ ගසක කුඩා සහ විශාල කෝටු කෑලි විශාල ප්‍රමාණයක් එකතු කරගනිමින් සාදන කූඩුවක බිත්තර එකක් හෝ ඇතැම්විට කලාතුරකින් දෙකක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Wednesday, May 27, 2020

බඹර උකුස්සා/සිළු බඹරකුස්සා (Pernis ptilorhynchus)

තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකු වන බඹර උකුස්සා දිවයින පුරාම පාහේ දැකිය හැකි පක්ෂියෙකි. දේශීය පක්ෂීන්ට අමතරව සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන නොවැම්බර සිට අප්‍රේල් දක්වා මාස වල විදේශයන්හි සිට මෙරටට පැමිණෙන බඹර උකුස්සන්ද සිටින බව හඳුනාගෙන ඇත. බොහෝවිට මෙරටදී දැකිය හැකි බහුතරයක් පක්ෂීන් සංක්‍රමණික පක්ෂීන් බවට විශ්වාස කෙරේ. මෙරට තුල අභිජනනය සඳහා බඹර උකුස්සන් කූඩු හදන අවස්ථා සුළු ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, කූඩු සෑදීම උදෙසා අමුද්‍රව්‍ය රැස් කරන පක්ෂීන් මෙන්ම කුඩා පැටවුන්ද නිරීක්ෂණය කර ඇත. එපමණක් නොව පූර්ව සංවාස හැසිරිම් වල යෙදෙන සහ සංවාසයේ යෙදෙන බඹර උකුස්සන් ජෝඩු ද දුටු බවට වූ වාර්තා ඇත. ප්‍රධාන වශයෙන් වනාන්තර වල සැරිසරන පක්ෂියෙකු වන අතර කලාතුරකින් විවෘත ප්‍රදේශ වලද හමුවේ. ප්‍රධාන වශයෙන් මීමැස්සන්ගේ සහ බඹරුන්ගේ වද සහ ඒවායේ සිටින පිළවුන් ආහාරයට ගන්නා බඹර උකුස්සන් ඊට අමතරව විවිධ කෘමීන්, කටුස්සන් සහ කුඩා ක්ෂීරපායීන්ද ගොදුරු කර ගනී. ඉන්දියන් වාර්තා වලට අනුව බඹර උකුස්සන් කෝටු කෑලි, රිකිලි සහ කොල උපයෝගි කරගනිමින් වනාන්තරයේ ගසක් මත හදන කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>

Saturday, April 4, 2020

කොණ්ඩ රාජාලියා/පෙරැළි කොණ්ඩකුස්සා(Spizaetus cirrhatus)

පහත රට වියලි කලාපයේ සහ කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා (මීටර 1500 පමණ වන තෙක්) විවෘත වනාන්තර වල සහ උස ගස් සහිත හේන් සහ වැව් ආශ්‍රිත ලඳු කැලෑ වන් ප්‍රදේශ වල සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේද හමුවන මුත් එතරම් සුලභ නොවේ. දවසේ වැඩි කාලයක් උස ගසක විවෘත අත්තක් මස සිටිමින් කටුස්සන්, මීයන් සහ කුරුල්ලන් වැනි ගොදුරු කරගන්නා සත්වයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින කොණ්ඩ රාජාලියන් එවන් ගොදුරක් දුටු විට වේගයෙන් ඒ කරා පියාඹා යන ආකාරය නිරීක්ෂණය කල හැක. සාමාන්‍යයෙන් වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදෙන මුත් ජූනි - ජුලි මාස වලද අභිජනනයේ යෙදෙන කොණ්ඩ රාජාලියන් දැකිය හැක. සාමාන්‍යයෙන් කඳු බෑවුමක හෝ ගිරිකඳුරක පිහිටි උස ගසක, මීටර 12 සිට 30 පමණ වූ උසක කෝටු කෑලි එක මත එක තබා සාදන විශාල වේදිකාවක් බඳු වූ කූඩුවක බොහෝවිට එක් බිත්තරයක් පමණක් දමයි. කූඩුව සෑදීමේදි පිරිමි සහ ගැහැණු පක්ෂීන් දෙදෙනාම සම්මාදම් වන මුත් බිත්තර රැකීම ගැහැණු පක්ෂියා පමණක් සිදු කරයි.
English Post >>

Sunday, January 6, 2019

White-bellied Sea Eagle/White-bellied Fish Eagle/කුසඇලි මුහුදුකුස්සා/මුහුදු රාජාලියා (Haliaeetus leucogaster)

Rather uncommon breeding resident of lowlands to lower hills, while more common in the dry lowlands. Also a regular visitor to the higher hills and occasionally seen in large lakes of the wet zone. It inhabits coastal areas, large tanks, along rivers, estuaries and lagoons as solitary birds or usually as pairs. As its name implies its principal food consists of fish and sea-snakes. White-bellied Sea Eagle breeds from December to March, making a huge nest of sticks in a tall tree, often on a small island or rocky promontory. The same nest is added to year by year. Normally two eggs forms the clutch.

සිංහලෙන් කියවන්න >>

Friday, March 30, 2018

Oriental Honey-Buzzard/බඹර උකුස්සා/සිළු බඹරකුස්සා[Bambara Ukussa/Silu Bambarakussa] (Pernis ptilorhynchus)

Rather rare breeding resident occurs throughout the island while population may increase during the winter months by migrant birds. However it is considered that the majority of our Honey-buzzards are winter visitors arriving  from November to December and leaving in April. Eventhough few instances of nest building of this raptor has so far reported in the island, collecting of nesting materials and young birds have been observed. Also courting behavior and mating of pairs have been noted. It is mainly a forest bird though occasionally seen in open areas. Oriental Honey-Buzzard feeds mainly on wild bees and wasps and their larvae by raiding their nests. It also eats others insects, lizards and small mammals. In India, Oriental Honey-Buzzard builds its nest with sticks, twigs and green leaves in a forest tree and lays two eggs.

සිංහලෙන් කියවන්න >>