පහත රට වියලි කලාපයේ කලපු, වගුරු බිම්, වෙරල ආසන්නයේ පිහිටි මඩ වගුරු සහ රට ඇතුලට වන්නට පිහිටි වැව් වලද දැකිය හැකි දේශීය පක්ෂියෙකි කලපු කිරලා. තවද සංක්‍රමණික පක්ෂීන් ලෙසින් මෙරටට පැමිණෙන කලපු කිරලන්ද පහත රට තෙත් සහ වියලි කලාප දෙකේම සුදුසු ජලජ පරිසර පද්ධතීන් වල එම කාලයේදී හමුවේ. කලපු කිරලන්ගේ ආහාරය ප්‍රධාන වශයෙන් බෙල්ලන් වැනි මොලුස්කාවන්, පණුවන්, ජලජ කෘමීන් මෙන්ම වගුරු වල වැවෙන ශාක කොටස් වලින්ද සමන්විත වේ. නිතරම කුඩා විසිරුණු රංචු වශයෙන් ආහාර සොයමින් සැරිසරන මුත් අනතුරක් දැනුන අවස්ථාවකදී එකට එක්වන ආකාරය නිරීක්ෂණය කල හැක. ජලාශ්‍රීත වෙනත් පක්ෂීන් මෙන් නොව රිටක් වැනි දිගු පාද සහිත කලපු කිරලන්ට තරමක් ගැඹුරු ජලයේ වුවද ගොදුරු සොයමින් ඇවිදීමේ හැකියාව ඇත. කලපු කිරලන් කුඩා රංචු ලෙසින් එක්ව කලපු හෝ වැවක අද්දර හෝ කුඩා දූපත් වල පොළව මතුපිට වලක් හාරා එය වටා ඇතැම්විට පරඩැල්, ජලජ ශාක කොටස් හා වියලුණු ගොම කොටස් ආදිය තබා සාදාගන්නා කූඩුවක බිත්තර දමා වසරේ ජූලි හා ජූනි මාස වලදී අභිජනනයේ යෙදේ.
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Sunday, March 21, 2021
කලපු කිරලා/කළුපිය ඉපල්පාවා (Himantopus Himantopus)
පහත රට වියලි කලාපයේ කලපු, වගුරු බිම්, වෙරල ආසන්නයේ පිහිටි මඩ වගුරු සහ රට ඇතුලට වන්නට පිහිටි වැව් වලද දැකිය හැකි දේශීය පක්ෂියෙකි කලපු කිරලා. තවද සංක්‍රමණික පක්ෂීන් ලෙසින් මෙරටට පැමිණෙන කලපු කිරලන්ද පහත රට තෙත් සහ වියලි කලාප දෙකේම සුදුසු ජලජ පරිසර පද්ධතීන් වල එම කාලයේදී හමුවේ. කලපු කිරලන්ගේ ආහාරය ප්‍රධාන වශයෙන් බෙල්ලන් වැනි මොලුස්කාවන්, පණුවන්, ජලජ කෘමීන් මෙන්ම වගුරු වල වැවෙන ශාක කොටස් වලින්ද සමන්විත වේ. නිතරම කුඩා විසිරුණු රංචු වශයෙන් ආහාර සොයමින් සැරිසරන මුත් අනතුරක් දැනුන අවස්ථාවකදී එකට එක්වන ආකාරය නිරීක්ෂණය කල හැක. ජලාශ්‍රීත වෙනත් පක්ෂීන් මෙන් නොව රිටක් වැනි දිගු පාද සහිත කලපු කිරලන්ට තරමක් ගැඹුරු ජලයේ වුවද ගොදුරු සොයමින් ඇවිදීමේ හැකියාව ඇත. කලපු කිරලන් කුඩා රංචු ලෙසින් එක්ව කලපු හෝ වැවක අද්දර හෝ කුඩා දූපත් වල පොළව මතුපිට වලක් හාරා එය වටා ඇතැම්විට පරඩැල්, ජලජ ශාක කොටස් හා වියලුණු ගොම කොටස් ආදිය තබා සාදාගන්නා කූඩුවක බිත්තර දමා වසරේ ජූලි හා ජූනි මාස වලදී අභිජනනයේ යෙදේ.
Saturday, March 20, 2021
නිල්පෙඳ බිඟුහරයා/මහ කුරුමිණිකුරුල්ලා(Merops philippinus)
ප්‍රධාන වශයෙන් දිවයින පුරාම පාහේ ඝන කැලෑ වල හැර සෙසු ප්‍රදේශ වල දැකිය හැකි සංක්‍රමණික පක්ෂියෙකි නිල්පෙඳ බිඟුහරයා. වසරේ අගෝස්තු මාසයේ මෙරටට පැමිණෙන නිල්පෙඳ බිඟුහරයා ඊලඟ වසරේ මැයි පමණ වනතෙක් රට තුල දැකිය හැක. ප්‍රධාන වශයෙන් සංක්‍රමණික පක්ෂියෙකු වුවත් රටේ ගිණිකොණ දිග වෙරළබඩ කලාපයේ මෙරට තුල අභිජනනය කරන පක්ෂීන් සුළු ප්‍රමාණයක්ද හමුවී ඇත. මීමැස්සන්, සමනලයන්, කූරන් වැනි පියාඹන කෘමීන් වසා සිටින ගස් අතු මත සිට ඉගිලී ගුවනේදී ගොදුරු කරගන්නා නිල්පෙඳ බිඟුහරයා බොහෝවිට 10 කට නොවැඩි කුඩා රංචු වශයෙන් සැරිසරයි. නිල්පෙඳ බිඟුහරයන් පියාඹන අතරතුරේම ගංගා, වැව්, පොකුණු ආදියෙහි ගිලෙමින් ජලස්නානය කරන ආකාරයද බොහෝවිට නිරීක්ෂණය කල හැක.
English Post >>
Thursday, March 4, 2021
කළුකුරුල්ලා/කළු බිම්සැරියා (Turdus simillimus)
මීටර් 1000 ට වඩා උස කඳුකරයේ පමණක් හමුවන දේශිය පක්ෂියෙකි. වනාන්තර යටිරෝපනයේ, මනාව තුරු ගොමු සහිත ගෙවතු වල මෙන්ම තේ වතු වලද වැඩිවශයෙන් පොළොව මත කොළ රොඩු අතර කෘමීන් සොයමින් හැසිරේ. කෘමීන්ට අමතරව කුඩා ගෙඩි වර්ගද ආහාර කර ගනී. ප්‍රධාන වශයෙන් උදෑසන සහ ගොම්මං යාමයේ ක්‍රියාශීලි වන පක්ෂියෙකි. වසරේ මාර්තු සිට අප්‍රේල් දක්වා සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. ගහක අත්තක කරුවක් මත පාසි, මුල් කැබලි සහ වෙනත් එවැනි කෙඳි වර්ග උපයෝගි කරගනිමින් තරමක් ගැඹුරු කෝප්පයක හැඩය සහිත කූඩුවක් තනා බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.
Wednesday, March 3, 2021
වයිරපිය මැසිසැරටිත්තා/පුංචි කොවුල් ඇස් පටියා (Hemipus picatus)
Tuesday, March 2, 2021
Monday, March 1, 2021
Pied Thrush/Pied Ground Thrush/ගෝමර වල් අවිච්චියා/ගෝමර තිරාසිකයා[Gomara Wal Awichchiya/Gomara Tirasikaya] (Zoothera wardii)
Rather uncommon winter migrant to forests, ravines and well -wooded gardens in the mid hills and above, arriving in October to November and leaving back to its breeding grounds in the Himalayas about March. Pied Thrush mainly feeds on insects on the ground, turning over the leaves beneath the undergrowth. It also eats berries of tall trees.
Sunday, February 28, 2021
Ceylon Hedge Blue/Sri Lanka Hedge Blue (Udara lanka)
An endemic butterfly common in the forested areas above 1100 m elevations. It is much common in the first four months of the year, especially at the Horton Plains National Park and the vicinity. Both male and female flies in the canopy to feed on nectar of forest flowers. The male also descends to the ground to mudsip and to feed on scats. Its larva feeds on flower buds and seed pods of Smithia blanda. Persicaria chinensis is also identified as a larval food plant of this butterfly.
Saturday, February 27, 2021
Friday, February 26, 2021
Monday, February 22, 2021
Thursday, January 28, 2021
Wednesday, January 13, 2021
Monday, January 4, 2021
බොර මුගටියා [Bora Mugatiya]/Indian Brown Mongoose (Herpestes fuscus)
Indian Brown Mongoose is a mammal inhabiting forest patches, well wooded home gardens, tea estates, and similar habitats throughout the western third of the island from northwest arid zone to higher hills. It is seldom to be found in heavy forests. However it can be also seen in urban and suburban home gardens, even within the heart of Colombo. It is usually seen as a solitary animal though mating pairs or mother-pups families occasionally encountered. Indian Brown Mongoose is a omnivorous and mainly preys on rodents, frogs, snakes, lizards, spiders, birds their eggs and young, worms, grubs, etc. It also eats berries and even flowers. Depending on the habitat, it is active both during the day and night but usually forages in the early mornings and late afternoons. Indian Brown Mongoose breeds mostly during the first few months of the year. Female Indian Brown Mongoose give birth to three or four pups in a chamber dug into an anthill or an earthen bank usually by the mother. Three sub species of Indian Brown Mongoose are accepted as H.f. phillipsi from Central Province, H.f. rubidior from the Western Province and H.f. siccatus from the Northern Province mainly base on size and color.
Sunday, January 3, 2021
Saturday, January 2, 2021
Pogostemon reflexus
Friday, January 1, 2021
Taxillus sclerophyllus
Thursday, December 31, 2020
ගෝමර සිටිබිච්චා/ගෝමර බට්ටි කුරුල්ලා (Saxicola caprata atrata)
Wednesday, December 30, 2020
Polygala arillata
An indigenous shrub, small tree or sometimes a scandent climber in semi shade of montane forests above 1300 m elevations. Flowering all the year round.