Wednesday, October 22, 2025

ලය තැඹිලි මැසිමාරා/ලය රන් නිල් මැසිමාරා (Niltava tickelliae jerdoni)


දිවයිනේ සෑම දේශගුණික කලාපයකම පාහේ වනාන්තර මෙන්ම ගෙවතු  සහ වගා බිම් වල හොඳින් වදුල සහිත ස්ථාන වල සුලභ දේශීය පක්ෂියෙකි. බොහෝවිට දිය පාරවල් දෙපස හමුවන මෙම පක්ෂියා හවස් කාලයේදී ඉතාමත් ක්‍රියාශීලි වේ. යටිරෝපනයේ එහෙ මෙහෙ ඉගිලෙමින් ප්‍රධාන වශයෙන් කුඩා ඉගිලෙන කෘමීන් ආහාරයට ගන්නා ලය තැඹිලි මැසිමාරා වසරේ පෙබරවාරි සිට ජූනි දක්වා මාස වල පාසි, ශාක පත්‍ර වල නටු, දිරාගිය කොළ කැබලි, කුඩා කෙඳි වැනි දේ භාවිතා කරමින් කණ්ඩියක වූ කුහරයක හෝ නොඋස් කොටයක සාදනු ලබන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.  

English Post >>

Sunday, October 19, 2025

Sri Lanka Drongo/කොණ්ඩ කවුඩා/ශ්‍රී ලංකා සිළු කවුඩා [Konda Kawuda/Sri Lanka Silu Kawuda] (Dicrurus lophorinus)

An endemic bird, locally common in tall forests, adjoining woodland habitats, and well-wooded gardens across a range of elevations from the wet lowlands to mid-hills. This drongo is observed either in pairs or small flocks and is primarily insectivorous, specializing in catching flying insects. Its breeding season occurs from April to May, during which it builds a small, cup-shaped nest in the canopy of a tall tree.

Wednesday, October 15, 2025

මූකලන් කොට්ටෝරුවා (Megalaima rubricapillus)


 පහත රට තෙත් කලාපීය ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර සහ ගස් කොළන් සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ ආවේනික පක්ෂියෙකි. නැගෙනහිර කඳුකර ප්‍රදේශ වල සහ ඉහල කඳුකර එවන් පරිසර පද්ධති වලද එතරම් සුලභ නොවන ලෙසින් හමුවේ. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරට ගන්නා මූලකන් කොට්ටොරුවා පෙබරවාරි සිට මැයි දක්වා මාස වල සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරයි. එහෙත් වසරේ වෙනත් මාස වලද කලාතුරකින් අභිජනනය කරන බව නිරීක්ෂණය කර ඇත. මියැදුනු ගසක මෘදු කඳේ හෝ අත්තක හාරන ලද බෙනයක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.

English Post >> 

Sunday, October 12, 2025

Red faced Malkoha/වත රතු මල්කොහා [Wata Ratu Malkoha] (Phaenicophaeus pyrrhocephalus)

 An endemic and fairly rare bird found locally in the dense, tall forests of the wet zone, ranging from the lowlands to the mid-hills. It is very rare in the dry lowland forests and the higher hills. Red-faced Malkoha is usually seen alone, in pairs, or in small parties. A shy bird by nature, it inhabits mainly the canopy of tall, dense forests. Red-faced Malkoha feeds primarily on the berries of forest trees. Its breeding season occurs during the first half of the year, with a possible second breeding period from August to September. The nest is a shallow saucer made of grass, roots, and twigs, placed in high bushes within thick forest undergrowth, where it lays two or three eggs.