Wednesday, October 15, 2025

මූකලන් කොට්ටෝරුවා (Megalaima rubricapillus)


 පහත රට තෙත් කලාපීය ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර සහ ගස් කොළන් සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ ආවේනික පක්ෂියෙකි. නැගෙනහිර කඳුකර ප්‍රදේශ වල සහ ඉහල කඳුකර එවන් පරිසර පද්ධති වලද එතරම් සුලභ නොවන ලෙසින් හමුවේ. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරට ගන්නා මූලකන් කොට්ටොරුවා පෙබරවාරි සිට මැයි දක්වා මාස වල සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරයි. එහෙත් වසරේ වෙනත් මාස වලද කලාතුරකින් අභිජනනය කරන බව නිරීක්ෂණය කර ඇත. මියැදුනු ගසක මෘදු කඳේ හෝ අත්තක හාරන ලද බෙනයක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.

English Post >> 

No comments:

Post a Comment