Monday, April 27, 2026

අලු ගිරවා (Psittacula calthropae)

 පහත රට තෙත් කලාපයේ සිට කදුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වාත්, පහත රට වියලි කලාපයේ කදුකරයේ පහල මට්ටම් වලත් වනාන්තර සහ හොදින් ගහ කොළ සහිත ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. කෙසේ නමුත් අලු ගිරවා වඩාත් සුලභ ලෙස හමුවන්නේ කදු පාමුල සිට මීටර 1500 උස් මට්ටම් දක්වා ප්රදේශ වලය. ජෝඩු ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් දිවි ගෙවන මේ පක්ෂියා ප්‍රධාන වශයෙන් පළතුරු, මල් වර්ග සහ මල් පැණි ආහාරයට ගනී. අලු ගිරවා ජනවාරි සිට මැයි දක්වාත්, නැවත ජූලි සිට සැප්තැම්බර් දක්වාත් ගසක කදක ඇති බෙනයක බිත්තර 2 හෝ 3 ක් දමා අභිජනනය කරයි. 

English Post >>

Sunday, April 26, 2026

නීලකොබෙයියා (Chalcophaps indica robinsoni)

 මෙරට සියළුම දේශගුණික කලාප වල පාහේ වනාන්තර සහ හොදින් ගහ කොළ සහිත ගෙවතු සහ වගා බිම් වල සුලභ දේශීය පක්ෂියෙකි. ඉහල කදුකරයේ දුර්ලභ වන අතර වියලි කලාපයේ එතරම් සුලභ නොවේ. විවිධ ධාන්‍ය වර්ග, ශාක බීජ සහ ගෙඩි වර්ග ආහාරයට ගන්නා නීලකොබෙයියා තනිව හෝ ජෝඩු වශයෙන් බොහෝවිට භූමිය මත දැකිය හැක. වසර පුරාම පාහේ අභිජනන ක්‍රියාවලියේ නිරත වන මුත් පෙබරවාරි-මාර්තු සහ බොහෝවිට නැවතත් සැප්තැම්බර් මාසයේ අභිජනන ක්‍රියාවලියේ වැඩිවීමක් නිරීක්ෂණය කල හැක. වනාන්තරයේ කුඩා ගසක් හෝ පදුරක් මත තනන කූඩුවක බිත්තර දෙකක් පමණ දමා නීලකොබෙයියා අභිජනනය කරයි.

English Post >>

Thursday, April 23, 2026

Ashy-headed Laughingthrush/හිස අළු දෙමළිච්චා/ශ්‍රී ලංකා හිසළු උප-දෙමළිච්චා (Argya cinereifrons)

An endemic and uncommon species, it is locally occurs in dense forests of the wet lowlands and adjacent hills. It typically forages on the forest floor in small flocks, feeding mainly on insects. The Ashy-headed Laughingthrush often joins mixed-species feeding flocks. Breeding occurs primarily during the first part of the year—most likely from March to May—as well as from August to January. The nest is a rather untidy structure of twigs and leaves, with a neat nest-cup on top, in which three eggs are laid. 


 

Wednesday, April 22, 2026

Ashy Drongo/අළු කවුඩා (Dicrurus leucophaeus)

An uncommon winter migrant to open woodlands and forest edges, mainly in the lowlands. It occurs as solitary birds, in pairs, or in small flocks, feeding on insects caught in flight, often by sallying from a high, exposed perch. It breeds in the hills of tropical southern Asia, ranging from eastern Afghanistan to southern China and the islands of southern Japan, as well as in Indonesia.

 





Tuesday, April 21, 2026

White-faced Starling/හිස සුදු මයිනා/ශ්‍රීලංකා වත සුදු ශාරිකාවා (Sturnornis albofrontatus)

An endemic species, locally uncommon to rare in occurrence, inhabiting forests and adjacent well-wooded areas from the wet lowlands to the adjoining higher hills. It lives as pairs or as small flocks, feeding mainly on wild fruits in the canopy of tall trees. It also supplements its diet probably with insects and is particularly fond of nectar from flowers such as the red cotton tree. It nests in tree cavities, laying two eggs, with breeding recorded in April.

Monday, April 20, 2026

Lesser Yellownape/කොල කෑරලා/හීන් කහගෙලැසි කෑරලා (Picus chlorolophus)

A rather uncommon breeding resident of forests and well-wooded areas in the wet lowlands, extending into adjacent drier regions up to the mid hills, and occasionally occurring in the higher hills. It is usually found in pairs and often joins mixed-species feeding flocks. Unlike most woodpeckers, it readily descends to the ground to forage, probing fallen logs and dry cow dung for insects. Its diet consists mainly of wood-boring insects, their larvae, as well as termites and ants. The breeding season extends from February to May; the nest is a cavity excavated in a tree trunk or branch, where one or two eggs are laid.


Sunday, April 19, 2026

Black-throated Munia/කඳු වී කුරුල්ලා/ගෙල කළු වී කුරුල්ලා (Lonchura kelaarti)

A rather rare and locally distributed breeding resident, found in wooded home gardens, cultivated areas, forest clearings, scrublands, tea estates, and forests from the wet-zone foothills to the higher hills. It occurs in pairs or small flocks, sometimes associating with other munia species, and feeds mainly on seeds and grains. Breeding likely takes place throughout the year, with a peak from April to September. The nest is a loosely constructed ball of grass, placed in a densely foliaged tree or creeper, where 4–5 eggs are laid. 

Sunday, April 12, 2026

සැළලිහිණියා (Gracula ptilogenys)

එතරම් සුලභ නොවන ලෙසට පහත රට තෙත් කලාපයේ සිට කදුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත හොදින් ගහ කොළ සහිත ගෙවතු සහ වගාබිම් ආදියේ ස්ථානීය වශයෙන් හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. ජෝඩු හෝ කුඩා රංචු වශයෙන් වනාන්තර උඩු වියනේ සැරිසරමින් පළතුරු සහ කුඩා ගෙඩි වර්ග ආහාරයට ගන්නා මෙම සැළලිහිණියා වසරේ පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගස් බෙනයක බිත්තර දමා අභිජනනය කරයි. 

English Post >>