 An endemic shrub common in the wet montane forests. Flowering and fruiting throughout the year.
 An endemic shrub common in the wet montane forests. Flowering and fruiting throughout the year. 
Flower size - 0.3-0.5 cm across
Flower head size - 0.5 cm across
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශ දක්වා වනාන්තර, වෙනත් එවැනි  ගස් කොළන් බහුල ස්ථාන සහ ආශ්‍රීත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි.  නමුත් තෙත් කලාපයේ සහ වියලි කලාපීය ගංගා දෙපස පිහිටි වනාන්තර වල වඩාත් සුලභය. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් දිවිගෙවන හිස කළු කොණ්ඩයන් ප්‍රධාන වශයෙන් පළතුරු, කුඩා ගෙඩි ජාති මෙන්ම කෘමි සතුන්ද ආහාරයට ගනී. වසරේ මාර්තු සිට අප්‍රේල් දක්වා සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා පඳුරු අතර හෝ කුඩා ගසක අතු පතර මනාව සැඟවුන ස්ථානයක කෝප්පයක හැඩය සහිත කූඩුවක් තනා අභිජනනයේ යෙදේ. 
English Post >>
දිවයින පුරා ගෙවතු, වගා බිම්, ලඳු කැලෑ, තෙත් කලාපයේ වනාන්තර මායිම් සහ වියලි කලාපීය වනාන්තර තුලද හමුවන සුලභ දේශිය පක්ෂියෙකි. බොහෝවිට භෞමිකව ගොදුරු සොයා යන ඇටිකුකුලා ගොළුබෙල්ලන්, කටුස්සන්, ගෙම්බන්, කෘමීන්, සර්පයින් මෙන්ම කුරුළු බිත්තර සහ කුඩා කුරුළු පැටවුන්ද ආහාරයට ගනී. තනිව හෝ ජෝඩු වශයෙන් හමුවන ඇටි කුකුලන්ගේ ගැහැණු/පිරිමි ජෝඩු ජීවිත කාලය පුරාම එක්ව සිටින බව විශ්වාස කෙරේ. ඔවුන් ගොදුරු සොයා යෑමේදී නිබදවම එකිනෙකා හා ශබ්ද නිකුත් කරගනිමින් සන්නිවේදනය පවත්වා ගනී. පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වාත් නැවත ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වාත් තාල ගසක අතු පතර හෝ කටු සහිත පඳුරු අතර සැඟවුණ ගෝලාකාර කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
බෞද්ධ භික්ෂූන්ගේ සිවුරේ පඬු පැහැයට සමාන පැහැයක් සහිත පිහාටු සහිත හෙයින් පොදු ව්‍යවහාරයේ සිවුරු හොරා ලෙසින් හැඳින්වෙන මෙම පක්ෂියා උප විශේෂ දෙකක් ලෙසින් මෙරටදී හමුවේ. ඉන් එක උප විශේෂයක් (T.P.ceylonensis) දේශිය පක්ෂියෙකු වන අතර අනික් උප විශේෂය (T.P.paradisi) මෙරටට වසරේ එක් කාලයකදී පමණක් සංක්‍රමණය වන සංක්‍රමණික පක්ෂියෙකි. දේශිය උප විශේෂය ඔවුන්ගේ අභිජනන සමයේදී පහත රට වියලි කලාපයේ වාසය කරන අතර, එම උප විශේෂය මෙන්ම සංක්‍රමණික ඉන්දියානු උප වීශේෂයද වසරේ පක්ෂි සංක්‍රමණය සිදු වන මාස තුලදී දිවයින පුරාම 1700m ක පමණ උසක් දක්වා වනාන්තර සහ ගෙවතු වල දැකිය හැක. කෙසේ වෙතත් මෙරටට සංක්‍රමණය වන උප විශේෂයේ වැඩුණු පිරිමි සතුන් සුදු පැහැති පිහාටු දරන අතර පොදු ව්‍යවහාරයේ එම පක්ෂීන් සුදු රෙදි හොරුන් ලෙස හැඳින්වේ. එසේම එම පිරිමි සතුන් හට දිගු පෙඳයක්ද ඇත. මෙරටදී අභිජනනය කරන දේශීය උප විශේෂයේ වැඩුණු පිරිමි සතුන්ටද දිගු පෙඳයක ඇති මුත් ඔවුන්ගේ ශරීර වර්ණය පඬු පැහැතිය. දේශිය උප විශේෂයේ මෙන්ම සංක්‍රමණික ඉන්දියානු උප විශේෂයේද ගැහැණු සතුන් සහ නොවැඩුණු ගැහැණු මෙන්ම පිරිමි පක්ෂීන්ද ඉහත රූපයේ මෙන් කෙටි පෙඳයක් සහිත පඬුපැහැති පක්ෂීන් වේ. මෙම පක්ෂීන්ගේ ප්‍රධාන අහාරය පියාඹන කුඩා කෘමීන් වන අතර කෘමීන් ගුවනේදී හඹා ගොසින් අල්ලා ගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක.
English Post >>
මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙකු වන කහ හැලපෙන්දන් උප විශේෂ කිහිපයක්ම මෙරටින් වාර්තා වී ඇති මුත් ඒ අතරින් වඩාත්ම සුලභ වන්නේ දිවයින පුරාම තෘණභූමි සහ වගුරු බිම් වල හමුවන M.f. thunbergi උප වීශේෂයයි. ඊට අමතරව (M.f. bema, M.f lutea, M.f. melanogrisea සහ M.f. simillima යන උප විශේෂද දුර්ලභ හෝ ඉතාමත් දුර්ලභ ලෙස පහත රට වියලි කලාපයේ විවිධ ස්ථාන වලින් වරින් වර වාර්තා වී ඇත. මෙරට සිටින කාලය තුලදි කහ හැලපෙන්දන් විසිරුණු රංචු ලෙසින් තෘණභූමි, වියලී ගිය වැව් පිටි,කුඹුරු සහ වෙනත් එවැනි පරිසර පද්ධති වල ආහාර සොයමින් හැසිරෙන අතර රාත්‍රී කාලයේදී සමූහ වශයෙන් වගුරු වල වැවෙන පඳුරු හෝ පන් ගාල් අතර ලැග සිටී.
English Post >>
පහතරට සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා වනාන්තර, ගෙවතු සහ වෙනත් එවැනි ගස් කොලන් සහිත ප්‍රදේශ වල සුලභව හමුවන දේශීය පක්ෂියෙකි කහ කුරුල්ලා. ජෝඩු වශයෙන් හෝ කුඩා පවුල් රංචු වශයෙන් ගසින් ගසට ඉගිලෙමින් පළතුරු සහ කෘමීන් ආහාරයට ගන්නා කහ කුරුල්ලන් ඔක්තෝබර් සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ.
English Post >>
දිවයින පුරාම පාහේ බහුලව කුඹුරු වල දැකිය හැකි සුලභ පක්ෂියෙකි. එසේම වැව්, වගුරු බිම් සහ කලපු වලද හමුවේ. දිවා කාලයේ ගොදුරු සොයන අතරතුරේ තනි තනි පක්ෂීන් ලෙස හැසිරුනද, සවස් යාමය එලඹීමත් සමග රංචු වශයෙන් රාත්‍රියේ සමූහ වශයෙන් ලැගුම් ගන්නා ගස් මුදුන් කරා පියාඹන කන කොකුන් නිරීක්ෂණය කල හැක. මත්ස්‍යයන්ට අමතරව ගෙම්බන් සහ ජලජ කෘමීන් ආදියද ආහාරයට ගන්න කන කොකා දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන අතර, වෙනත් කොකුන්, දියකාවන් ආදීන් සමග එකම ගස් පෙලක කූඩු තනන ආකාරය දැකිය හැක. ගසක මුදුනේ අතු අතර කෝටු කෑලි එකතු කර තනන වේදිකාවක් වැනි කූඩුවක බිත්තර 3ක් හෝ 4 ක් දමා අභිජනනය සිදු කරයි.
English Post >>
පහතරට වියලි කලාපයේ වැව්, වගුරු බිම් සහ කලපු ආශ්‍රිතව හමුවන දේශීය පක්ෂියෙකි ලතුවැකියා. දෙහිවල සත්වෝද්‍යානයෙන් පලාගිය පක්ෂීන්ගෙන් පැවතෙන කොළඹ සහ ඒ අවට තෙත්බිම් වලට සීමා වූ පක්ෂි ගහණයක්ද එයට අමතරව තෙත් කලාපයේ හමුවේ. සාමාන්‍යයෙන් කුඩා රංචු වශයෙන් දිවිගෙවන මුත් ලතුවැකියන් ඇතැම් විට තනි පක්ෂීන් ලෙස මෙන්ම විශාල රංචු වශයෙන්ද හමුවේ. මාළුන්, ගෙම්බන්, කකුළුවන්, ජලජ සර්පයන් මෙන්ම වෙනත් කුඩා කටුස්සන් වැනි උරගයන්ද ගොදුරු කරගන්නා ලතුවැකියන් කෝටු කැබලි එකතු කර සාපෙක්ෂව කුඩා කූඩුවක්, බොහෝවිට ජලයේ වැඩෙන ගසක මුදුනේ තනා වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදේ. ලතුවැකියන් වෙනත් ජලජ පක්ෂීන්ද සමග එකතුව සමූහ වශයෙන් එකම ගසක කූඩු තනන ආකාරය නිරීක්ෂණය කල හැක. මෙම පක්ෂීන්ගේ අසාමාන්‍ය හැසිරීමක් G.M. හෙන්රි වාර්තා කර ඇත. එනම් ඔවුන් විවේකයෙන් සිටින විට සිය වසුරු ඔවුන්ගේම පාද පුරා විසුරුවා පාද සුදු පැහැ කරගැනීමක් කරන බවයි.
English Post >>
ප්‍රධාන වශයෙන් දිවයින පුරාම පාහේ ඝන කැලෑ වල හැර සෙසු ප්‍රදේශ වල දැකිය හැකි සංක්‍රමණික පක්ෂියෙකි නිල්පෙඳ බිඟුහරයා. වසරේ අගෝස්තු මාසයේ මෙරටට පැමිණෙන නිල්පෙඳ බිඟුහරයා ඊලඟ වසරේ මැයි පමණ වනතෙක් රට තුල දැකිය හැක. ප්‍රධාන වශයෙන් සංක්‍රමණික පක්ෂියෙකු වුවත් රටේ ගිණිකොණ දිග වෙරළබඩ කලාපයේ මෙරට තුල අභිජනනය කරන පක්ෂීන් සුළු ප්‍රමාණයක්ද හමුවී ඇත. මීමැස්සන්, සමනලයන්, කූරන් වැනි පියාඹන කෘමීන් වසා සිටින ගස් අතු මත සිට ඉගිලී ගුවනේදී ගොදුරු කරගන්නා නිල්පෙඳ බිඟුහරයා බොහෝවිට 10 කට නොවැඩි කුඩා රංචු වශයෙන් සැරිසරයි. නිල්පෙඳ බිඟුහරයන් පියාඹන අතරතුරේම ගංගා, වැව්, පොකුණු ආදියෙහි ගිලෙමින් ජලස්නානය කරන ආකාරයද බොහෝවිට නිරීක්ෂණය කල හැක. 
English Post >>
Rather uncommon winter migrant to forests, ravines and well -wooded gardens in the mid hills and above, arriving in October to November and leaving back to its breeding grounds in the Himalayas about March. Pied Thrush mainly feeds on insects on the ground, turning over the leaves beneath the undergrowth. It also eats berries of tall trees.