Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Thursday, March 31, 2022
පොඩි ගොමරිට්ටා/කිරුළළු බිම්රිට්ටා (Eremopterix griseus)
Wednesday, March 30, 2022
දම් සූටික්කා (Nectarinia asiatica asiatica)
පහත රට වියලි කලාපයේ සහ ආසන්න කඳුකර පෙදෙස් වල මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර, ලඳු කැලෑ සහ ගෙවතු වල තරමක් සුලභව හමුවන දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේ සහ කඳුකරයේද දුර්ලභව ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. දම් සූටික්කා ප්‍රධාන වශයෙන් මල් වල පැණි ආහාරයට ගන්නා මුත් කුඩා කෘමින්ගේ පිලවුන්, මකුළුවන් සහ එවන් වෙනත් කුඩා කෘමි සතුන්ද ගොදුරු කර ගනී. වසරේ පෙබරවාරි සිට මැයි දක්වා මාස වල එල්ලෙන මල්ලක ආකාරයේ කූඩුවක් තනා හෝ වියලි කලාපයේ ගස් වල ඇති එක්තරා මකුළුවෙකුගේ ඝන දැල තුල කුහරයක් තනා හෝ ඒ තුල බිත්තර දෙකක් දමා අභිජනනය කරයි.
English Post >>
Tuesday, March 29, 2022
කොළ පා සිලිවටුවා/පොදු පලාපා සිලිබිල්ලා (Tringa nebularia)
පහත රට වෙරළබඩ ප්‍රදේශ වලට පැමිණෙන සුලභ සංක්‍රමණික පක්ෂියෙකි කොළ පා සිලිවටුවා නැතහොත් පොදු පලාපා සිලිබිල්ලා. වියලි කලාපයේ කලපු, වැව්, ලේවායන් සහ ගං මෝය අසල වඩාත් සුලභ ලෙසින් හමුවන අතර පහත රට තෙත් කලාපයේ ස්ථානීය වශයෙන් දුර්ලභව දැකිය හැක. බොහෝවිට තනි පක්ෂින් ලෙසින්ද, ඇතැම් විට විසිරුණු රංචු ලෙසින්ද එවන් ස්ථාන වල ඉවුරට ආසන්නව හෝ ඇතැම් අවස්ථා වල තරමක් ගැඹුරු ජලයේ පවා බැස මඩේ සිටින කකුළුවන්, පණුවන්, කෘමීන් සහ බෙල්ලන් ආදිය ගොදුරු කරගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක. මෙම පක්ෂියා යුරෝපයේ උතුරු කොටසේ මෙන්ම උතුරු සහ මධ්‍යම ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.
English Post >>
Monday, March 28, 2022
මල් කොට්ටෝරුවා/රත්ළය කොට්ටෝරුවා (Megalaima haemacephala)
Sunday, March 27, 2022
රන් ඔලෙයියා/සෙත්කර රන් මහ ඔලෙවියා (Pluvialis fulva)
පහත රට කලපු, වැව් වැනි විශාල ජලාශ අසල පිහිටි තෘණ භූමි, වගුරු බිම් සහ මඩ වගුරු වල මෙන්ම ගොයම් කපා අවසාන වූ වියලි කුඹුරු වලද හමුවන සුලභ සංචාරක පක්ෂියෙකි. වියලි කලාපයේ වඩාත් සුලභව හමුවේ. කුඩා හෝ විශාල විසිරුණු රංචු වශයෙන් දැකිය හැකි මෙම පක්ෂියා පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමීන් මෙන්ම පණුවන් සහ කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන්ද ආහාරයට ගනී. කුඩා දුරවල් දුවමින් එකවර නතර වෙමින් එවන් සතුන් අහුලාගන්නා රන් ඔලෙයියා උතුරු සයිබීරියාවේ සහ ඇලැස්කාවේ අභිජනනය කරයි.
English Post >>
Saturday, March 26, 2022
කුඩා වැලි ඔලෙයියා/හීන් වැලි ඔලෙවියා (Charadrius mongolus)
ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ වෙරළට ආසන්න ලේවායන්, කලපු, මඩ වගුරු වැනි විවිධ තෙත් බිම් සහ තෙත් තෘණ භූමි වල සුලභව හමුවන සංචාරක පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද ඇතැම් සුදුසු පරිසර පද්ධති වල ඇතැම් විට දැකිය හැක. කුඩා හෝ විශාල රංචු වශයෙන් එවන් පරිසර වල කුඩා පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමින් සහ කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන් ආහාරයට ගනී.කුඩා වැලි ඔලෙයියා මධ්‍යම ආසියනු ප්‍රදේශ වල අභිජනනය කරයි.
English Post >>
Thursday, March 24, 2022
දෑකැති සිලිවටුවා/කලිති හින්නා (Calidris ferruginea)
Wednesday, March 23, 2022
බමුණු පියාකුස්සා/බ්‍රාහ්මණ උකුස්සා (Haliastur indus)
ප්‍රධාන වශයෙන් වෙරළ බඩ ප්‍රදේශ වල සහ පහත රට විශාල වගුරු බිම් වල මෙන්ම වැව් සහ ජලාශ වලද සුලභ දේශීය පක්ෂියෙකි. කලාතුරකින් කඳුකරයේද දැකිය හැක. කටුස්සන්, කුරුළු පැටවුන් සහ ආබාදිත වූ පක්ෂීන්, මාළුන්, කකුළුවන්, ප්‍රමාණයෙන් විශාල කෘමීන් ආදිය ප්‍රධාන වශයෙන් ගොදුරු කරගන්නා බ්‍රාහ්මණ උකුස්සා ඔක්තෝබර් සිට අප්‍රියෙල් දක්වා කාලයේ කෝටු කැබැලි එකතු කර ගස් මුදුනක තනන කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනය කරයි.
English Post >>
Tuesday, March 22, 2022
මහ ගොළුකිරළා/ගල් කිරළා (Esacus recurvirostris)
පහත රට වියලි කලාපයේ විශාල වැව් අද්දර, කලපු සහ මෝය පරිසරයන්හි හමුවන එතරම් සුලභ නොවන දේශීය පක්ෂියෙකි. දිවා කාලයේ විවෘත ස්ථාන වල විවේකිව ගත කරන අතර හවස් යාමයේ අඳුර වැටෙන විට සහ රාත්‍රියේදී ක්‍රියාශිලී වේ. නිතරම ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙස හමුවන අතර කෘමින්, කකුළුවන්, පණුවන් සහ බෙල්ලන් වර්ග ආහාරයට ගනී. මහ ගොළුකිරළා ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ ජලයට ආසන්න ස්ථානයක පොලොව මත බිත්තර එකක් හෝ දෙකක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Monday, March 21, 2022
බෝල ඔලෙයියා/කෙන්ටි ඔලෙවියා (Charadrius alexandrinus)
C. a. seebohmi උප විශේෂය පහත රට වියලි කලාපයේ සුලභ දේශීය පක්ෂියෙකු වන අතර C. a. curonicus උප විශේෂයේ සංක්‍රමණික පක්ෂීන් සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල හමුවන කාල සීමාවේදී පහත රට වියලි හා තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අයුරින් හමුවේ. කලපු, විශාල වැව්, මඩ වගුරු, වගුරු බිම් සහ වෙරළ ආසන්නයේ ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් බොහෝවිට වෙනත් එවන් පරිසර වල හමුවන කරදිය ආශ්‍රිත පක්ෂීන් (Waders/Shorebirds) සමග දැක ගත හැක. ඉතාම ක්‍රියාශීලී ලෙසින් එහෙ මෙහෙ දුවමින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන කෘමින් අහුලා ගනිමින් හැසිරෙන මෙම ඔලෙවියාගේ අභිජනන සමය වසරේ මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සිදුවේ. වතුරට ආසන්න ස්ථානයක නොඋස් තණකොල අතර කුඩා වලක (ඉහල දකුණු පස රූපය) බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Sunday, March 20, 2022
කැටපෙරලන්නා/රත් ගල්පෙරලියා (Arenaria interpres)
වසරේ සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල දැකිය හැකි මාසයන්හි වියලි කලාපයේ වෙරලබඩ මඩ වගුරු, කලපු සහ ගං මෝය ආදියෙහි, විශේෂයෙන් ගල්පර සහ බොරළු සහිත පරිසරයන්හි සුලභ සංක්‍රමණික පක්ෂියෙකි. තෙත් කලාපයේද ඇතැම්විට කලාතුරකින් ගැලපෙන පරිසර පද්ධති වල නිරීක්ෂණය කර ඇත. නිතර තනි පක්ෂීන් ලෙස ගොදුරු සොයන මුත් ඇතැම් විට කුඩා විසිරුණු රංචු ලෙසින්ද හමුවේ. මුහුදු පාසි, කුඩා ගල් කැබැලි සහ සිප්පි කටු ආදිය හරවමින් ඒවා යට සැඟව සිටින කුඩා සතුන් අල්ලා කන හෙයින් ඉංග්‍රිසි භාෂාවෙන් Ruddy Turnstone යන නම මේ පක්ෂියාට යොදා ඇත. සිංහල නම්ද ඒ අනුසාරයෙන් නිර්මාණය කර තිබේ.
English Post >>
Saturday, March 19, 2022
Streaked Weaver/Striated Weaver/පන් වඩුකුරුල්ලා (Ploceus manyar flaviceps)
Locally common breeding resident inhabiting tall reedbeds in marshes and tank edges in the dry lowlands, mainly in coastal areas. Occasionally also visits similar habitats in the wet lowlands. It lives as flocks and feeds on seeds and insects in paddy fields and marshes. Streaked Weaver breeds from February to October by laying two to four eggs in globular nests with much shorter entrance than Baya Weaver's nest, woven with reeds in scattered colonies.
සිංහලෙන් කියවන්න >>
Friday, March 18, 2022
වන සිලිබිල්ලා/වන සිලිවටුවා (Tringa glareola)
සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල හමුවන මාස වල පහත රට වියලි කලාපයේ වෙරළ බඩ ප්‍රදේශ, කලපු, වගුරු බිම්, මඩ වගුරු වල මෙන්ම වැව් සහ කුඹුරු වලද සුලභව දැකිය හැකි සංක්‍රමණික පක්ෂියෙකි. කලාතුරකින් කඳුකරයේ සහ පහත රට තෙත් කලාපයෙන්ද වාර්තා වී ඇත. වෙනත් බොහෝ සංක්‍රමණික ජලාශ්‍රිත පක්ෂීන් මෙන් නොව මෙම පක්ෂියා මිරිදිය ජල පද්ධති වලට වැඩි කැමැත්තක් දක්වයි. බොහෝවිට තනිව හැසිරෙන මුත් ඇතැම් විට ලොකු කුඩා රංචු වශයෙන්ද හමුවන වන සිලිබිල්ලා ජලයේ වෙසෙන කුරුමිණියන්, මකුණන් සහ කීටයන් වැනි කුඩා ජලජ කෘමීන් ආහාරයට ගනී.
English Post >>
Thursday, March 17, 2022
මල් පිළිහුඩුවා (Alcedo atthis)
English Post >>
Wednesday, March 16, 2022
ශ්‍රී ලංකා වනසැරටිත්තා/කැළෑ ඇස්පටියා ((Tephrodornis affinis))
ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ සහ ස්ථානීය වශයෙන් ඇතැම් පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස මට්ටම් ප්‍රදේශ දක්වා හමුවන මෙරටට ආවේනික සුලභ පක්ෂියෙකි. ජෝඩු ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් වනාන්තර, අතරින් පතර උස ගස් සහිත ලඳු කැලෑ වල මෙන්ම හොඳින් ගහකොළ සහිත ගෙවතු වලද දැකිය හැක. උඩු වියනේ සැරිසරන කෘමින් ශ්‍රී ලංකා වනසැරටිත්තාගේ ප්‍රධාන ආහාරය වේ. පෙබරවාරි සිට ජූනි දක්වා කාලයේ ගහක අත්තක් හෝ දෙබලක් මත නොගැඹුරු කූඩුවක් තනා (ඉහත වම පස ඡායාරූපය) එහි බිත්තර දෙකක් හෝ තුනක් පමණ දමා අභිජනනය කරයි.
English Post >>
Tuesday, March 15, 2022
කුසඇලි මුහුදුකුස්සා/මුහුදු රාජාලියා (Haliaeetus leucogaster)
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල ප්‍රදේශ දක්වා හමුවන එහෙත් එතරම් සුලභ නොවන දේශිය පක්ෂියෙකි. පහත රට වියලි කලාපයේ තරමක් සුලභ වන අතර කලාතුරකින් තෙත් කලාපයේ විශාල ජලාශ වල හමුවේ. නිතර ඉහල කඳුකර ප්‍රදේශ වලට සංක්‍රමණය කරයි. තනිව හෝ ජෝඩු වශයෙන්, වෙරළ බඩ ප්‍රදේශ, විශාල වැව්, ගංගා දෙපස, කලපු සහ මෝයවල් අසල සැරිසරන මුහුදු රාජාලියා ප්‍රධාන වශයෙන් මාලුන් සහ මුහුදු සර්පයන් ආහාරයට ගනී. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ අභිජනනය කරන මුහුදු රාජාලියා උස ගසක් මත කෝටු කැබැලි එක් කර විශාල කූඩුවක් තනන අතර වසරක් පාසා එම කූඩුවම වැඩි දියුණු කරමින් අභිජනන ක්‍රියාවලිය සිදුකරයි. බොහෝවිට කූඩුව කුඩා දූපතක පිහිටි ගසක් මත හෝ ගල් කඳු සහිත උස් ප්‍රදේශයක හෝ ඉදිකරන අතර සාමාන්‍යයෙන් වරකට බිත්තර දෙකක් පමණ දමා පැටවුන් දෙදෙනෙකු බිහි කරයි.
English Post >>
Sunday, March 13, 2022
Purple Sunbird/දම් සූටික්කා[Dham Sootikka] (Nectarinia asiatica asiatica)
Saturday, March 12, 2022
Clamorous Reed-warbler/Great Reed-warbler/Indian Great Reed Warbler (Acrocephalus stentoreus)
Locally rather common breeding resident of reedbeds in wetlands and tangled vegetations growing in or near tanks and marshes of the dry lowlands. Also occasionally occurs in similar habitats of the wet zone. It lives as pairs and feeds on small insects. Clamorous Reed-warbler breeds from March to August. The nest is a large deep cup made up of dry reed leaves, placed among reed stems where it lays two or three eggs.
Friday, March 11, 2022
හැඳි ආලාවා (Platalea leucorodia)
පහත රට වියලි කලාපයේ කලපු, වැව් සහ වගුරු බිම් වල හමුවන එතරම් සුලභ නොවන දේශිය පක්ෂියෙකි. නිතරම කුඩා රංචු වශයෙන් දැකිය හැකි හැඳි ආලාවුන් නොගැඹුරු ජලයේ සමූහ වසයෙන් එකතු වී ඉස්ගෙඩියන්, බත්කූරන්ගේ කීටයන් වැනි කුඩා ජලජ සත්වයන් මෙන්ම ඇතැම් ශාක කොටස් අහාරයට ගනී. බොහෝවිට දිවා කාලයේ විවේකිව වගුරු බිමක ඇති කුඩා දූපතක හෝ ගසක අත්තක් මත ලැග සිටින හැඳි ආලාවුන් ගොම්මන් යාමයේ වඩාත් ක්‍රියාශීලී බවක් පෙන්වයි. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ වෙනත් කොකුන් සමග සමූහ වශයෙන් කලපුවක හෝ වගුරක ජලයට ආසන්න පඳුරක් මත හෝ ගසක පහල මට්ටමේ පිහිටි අත්තක කෝටු කැබිලි රාශියක් එක්කොට කූඩුවක් තනා එහි බිත්තර 2 ත් 5 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Thursday, March 10, 2022
දෑතුඩු වටුවා/විඹුරැලි කලිත්තා(Numenius phaeopus)
පහත රට ප්‍රදේශ වලට, විශේෂයෙන්ම වියලි කලාපයේ වෙරළ බඩ ප්‍රදේශ වල වගුරු බිම්, මඩ වගුරු, සහ කලපු වලට වසරේ සැප්තැම්බර්-ඔක්තෝබර් මාස වලදී පැමිණ ඊලග වසරේ අප්‍රියෙල් දක්වා සිටින එතරම් සුලභ නොවන සංක්‍රමණික පක්ෂියෙකි. කකුළුවන්, බෙල්ලන්, සහ පණුවන් ගොදුරු කරගන්නා මෙම පක්ෂියා තනිව හෝ ඇතැම්විට 4 ක් හෝ 5 ක් පමණ වන කුඩා රංචු ලෙසින් හමුවේ. මෙම පක්ෂියා උතුරු යුරෝපයේ සහ බටහිර ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.
English Post >>