English Post >>
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Saturday, June 28, 2025
පන් වඩුකුරුල්ලා (Ploceus manyar flaviceps)
පන් වඩුකුරුල්ලා පහත රට වියලි කලාපයේ වගුරු බිම් සහ වැව් ඉවුරු වල දැකිය හැකි උස් පන් ගාල් වල ස්ථානීය වශයෙන් සුලභ දේශීයව අභිජනනය කරන පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් වෙරළාශ්‍රිත එවන් පරිසර පද්ධති වල දැකිය හැක. කලාතුරකින් පහත රට තෙත් කලාපයේ එවන් ස්ථාන වලටද සංක්‍රමණය වේ. රංචු වශයෙන් හැසිරෙන පන් වඩුකුරුල්ලා කුඹුරු සහ වගුරු බිම් වල බීජ වර්ග සහ කෘමින් ආහාරයට ගනිමින් ජීවත් වේ. පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා මාස වල පන් ගාල් වල විසිරුණු කොලනි වශයෙන් ගෝලාකාර කූඩු තනා අභිජනනය කරයි. පන් වඩු කුරුල්ල සිය කූඩුව රුක් වඩු කුරුල්ලාගේ කූඩුවට වඩා කෙටි පිවිසුමක් සහිතව පන් වලින් තනයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment