Tuesday, October 19, 2021

සිලුටු දෑතුඩුවා (Plegadis falcinellus)


 සිලුටු දෑතුඩුවන් මෙරට තුල අභිජනය කල බවට වූ පැරණි වාර්තා ඇතිමුත් වර්තමානය වන විට තරමක් දුර්ලභ මුත් නිත්‍ය සංචාරක පක්ෂියෙක් ලෙස සැලකේ. සිලුටු දෑතුඩුවා මෙරට තුල සිටින කාලයේදී පහත රට ඇතැම් වගුරු බිම්, කුඹුරු, වැව් සහ කලපු ආශ්‍රිතව කුඩා රංචු වශයෙන් නොගැඹුරු ජලයේ පණුවන්, ජලජ කෘමින්, ක්‍රස්ටේෂියාවන්, ගෙම්බන් සහ වෙනත් එවැනි කුඩා සතුන් ගොදුරු කරගනිමින් ගැවසෙනු දැකිය හැක. ඔවුන් විශේෂයෙන් දිය කූඩැල්ලන් අහාරයට ගැනීමට රුචියක් දක්වන බව පැවසේ. රාත්‍රී කාලයේ වෙනත් ජලජ පක්ෂීන් සමග ජලාශ්‍රිත ගස් මත ලැගුම් ගන්නා බව නිරීක්ෂණය කර ඇත.  

English Post >>

Monday, October 18, 2021

ගෙල සුදු මැදි-පිළිහුඩුවා/පිළිහුඩුවා (Halcyon smyrnensis)

 දිවයින පුරා සියළුම දේශගුණික කලාප වල ඉතාමත් සුලභ පක්ෂියෙකු මුත් ඉහල කඳුකරයේ තරමක් දුර්ලභව හමුවන ගෙල සුදු මැදි-පිළිහුඩුවා (පොදු ව්‍යවහාරයේ පිළිහුඩුවා ලෙසින් හැඳින්වේ) බොහෝවිට අනෙකුත් පිළිහුඩු විශේෂ මෙන් නොව ජලජ පරිසර වලින් ඈත්ව විවෘත බිම් අසල දුරකථන සහ විදුලි රැහැන් වැනි උස් තැන් වල දැක ගත හැක. මේ හේතුව නිසාම අනෙකුත් පිළිහුඩු විශේෂ මෙන් මත්ස්‍යයන් ගෙල සුදු මැදි-පිළිහුඩුවාගේ ප්‍රදාන ආහාරය නොවන බව පැවසේ. ඒ වෙනුවට පලගැටියන්, ගෙම්බන්, කුරුමිණියන්, පණුවන් සහ කටුස්සන්, හිකනලුන් වැනි කුඩා උරගයන් මෙම පිළිහුඩුවාගේ ප්‍රදාන ගොදුරු ලෙස සැලකේ. ගං හෝ වැව් ඉවුරක හෝ මාර්ගයක් අසල කණ්ඩියක ඇතුලට හාරා කෙලවර විශාල කුහරයක් සහිතව සාදන බෙනයක ගෙල සුදු මැදි-පිළිහුඩුවා බිත්තර තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමා වසරේ දෙසැම්බර් සිට ජූනි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. බොහෝවිට මාර්තු සිට අප්‍රියෙල් කාලයේ අභිජනනයේ යෙදෙන පිළිහුඩුවන් බහුලව දැකිය හැක.  කුඩා පැටවුන්ගේ ආහාර සඳහා ගෙල සුදු මැදි-පිළිහුඩුවා පැණි කුරුල්ලන්, බට්ටිච්චන්, වී කුරුල්ලන් වැනි කුඩා පක්ෂීන් මරා ගෙන එන ආකාරය නිරීක්ෂණය කර ඇත. 

English Post >> 


Sunday, October 17, 2021

පොදු සිලිත්තා (Actitis hypoleucos)

 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල මෙරටට පැමිණ ඊලග වසරේ අප්‍රියෙල්- මැයි පමණ දක්වා මෙරට තුල ගත කරන සුලභ සංචාරක පක්ෂියෙකි පොදු සිලිත්තා. එම කාලය තුල මුළු දිවයින පුරාම පාහේ ජලජ පරිසර ආශ්‍රීතව දැකිය හැක. නිබඳව තනි පක්ෂීන් ලෙස හමුවුවත් ඇතැම් විට කුඩා විසිරුණු රංචු ලෙසින්ද දැකිය හැක. මොලුස්කාවන්, කෘමීන් සහ ක්‍රස්ටේෂියාවන් අහාරයට ගන්නා පොදු සිලිත්තා වරින් වර සිය පෙඳය ඉහල පහල කරන හැසිරීමක් දක්වයි.

English Post >>

Monday, September 27, 2021

Mountain thistle (Acanthus montanus)

 
Large prickly herb native to West Africa. Cultivated as an ornamental plant and also possibly escaped and naturalized in the hill country waste places and roadsides.   

Wednesday, September 22, 2021

Phyllanthus gardnerianus

 An indigenous perennial herb or sub shrub of montane rain forests above 1000 m elevations, often in disturbed areas.

Flower size - About 4 mm across.


Sunday, July 11, 2021

කළුකිච්චා (Saxicoloides fulicatus)


වියලි කලාපයේ වියලි විවෘත ප්‍රදේශ වල සුලභව හමුවන, තෙත් කලාපයේ දුර්ලභව ඇතැම් විශේෂිත ප්‍රදේශ වල පමණක් කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා පාහේ හමුවන දේශිය පක්ෂියෙකි. ගෙවතු, වගා බිම් සහ ලඳු බිම් වලට වඩාත් ප්‍රියකරන කළුකිව්ච්චා ඝන වනාන්තර තුල හමු නොවේ. භෞමිකව කුඩා කෘමීන් ආහාරයට ගනිමින් ජෝඩු වශයෙන් හැසිරෙන කළුකිච්චන් වසරේ මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ පස් කණ්ඩියක, ගසක කඳක හෝ ඇතැම් විට ගොඩනැගිල්ලක් තුල වූ කුහරයක කූඩුවක් සාදා බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Saturday, July 10, 2021

Phyllanthus buxifolius

 An introduced small shrub native to the Philippines, Borneo,  Java and the Lesser Sunda islands. Cultivated in home gardens


Tuesday, June 15, 2021

කොන්ඩ කුරුල්ලා (Pycnonotus cafer)

ගෙවතු, වගා බිම්, බඩවැටි වල මෙන්ම වනාන්තර මායිම් වලද දිවයින පුරාම පාහේ හමුවන සුලභ දේශිය පක්ෂියෙකි. නමුත් වනාන්තර අභ්‍යන්තරයේ හමු නොවේ. ජෝඩු වශයෙන් හෝ ඇතැම් විට කුඩා රංචු වශයෙන් දිවිගෙවන කොන්ඩ කුරුල්ලන් කුඩා ගෙඩි වර්ග සහ කෘමීන් ආහාරයට ගනී. වසර පුරාම කිහිප පාරක්ම අභිජනනයේ යෙදෙන පක්ෂියෙකු වුවත් මාර්තු සිට මැයි දක්වා සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ප්‍රධාන අභිජනන සමයන් ඇති බව නිරීක්ෂණය කර ඇත. කුඩා කෝටු කැබැලි, පරඩැල්, මුල් කැබැලි ආදිය යොදා මකුලුදැල් වලින් ඒවා එක් කර සාදන කෝප්පයක භැඩැති කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Thursday, May 6, 2021

Wednesday, May 5, 2021

තෙලබු[Telabu]/(Sterculia foetida)

 An indigenous tree of woodlands, meadows, relicts in grasslands, water edges, bare rocky hillsides and outcrops with grassy pockets from lowlands to about 360  m elevations,  particularly in dry areas. 

Monday, May 3, 2021

ගොඩපර[Godapara] (Dillenia retusa)

An endemic tree grows in primary rain forests, on streams and river banks and occasionally in secondary forests of the wet zone from sea level to about 450 m a.s.l. Flowering throughout the year. Wood used to make furniture and in light construction. Fruit medicinal. 

Thursday, April 29, 2021

පොදු ගේ මීයා/Black Rat/Common House Rat (Rattus rattus)

 A very common large rat distributed throughout the island as five sub species. It inhabits areas near human habitation because of the availability of food from household wastes. But it is not uncommon in jungles and open country. It is an omnivorous and mainly feeds on grains and vegetable matters, but also eat meats, dried fish, etc. as well as eggs rob from nests of birds when available. Common House Rat is one of the most prolific mammal and normally a female which commences to breed when she is about 5 to 6 months of age, produces 4 to 5 families each year, each family numbering 3 or 4 young ones, but some time as many as 8. The nest is a collection of grass, straw, fibers, pieces of rags or paper or any other suitable materials gathered together and secreted in some convenient spot such as beneath a rock, log or the root of a tree or if in a building, in or behind a box or in some dark corner in the roof. It is a good climber as well as a swimmer. Common House Rat is usually a solitary mammal except during the breeding season, though sometime several of them can be seen in garbage dumps and such other places where its foods are abundant. It is normally active during the night though sometime can be observed even during the day time if it is undisturbed. 


Friday, April 16, 2021

Eurya ceylanica

 An endemic shrub common in the wet montane forests. Flowering and fruiting throughout the year. 


Flower size - 0.3-0.5 cm across

Wednesday, April 14, 2021

Adenostemma lavenia var. reticulatum [As Adenostemma macrophyllum]

Rather rare native herb grows in moist places in the hill country forests. Flowering throughout the year. 

Flower head size - 0.5 cm across 




Tuesday, April 13, 2021

හිස කළු කොණ්ඩයා/ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා (Pycnonotus melanicterus)

පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශ දක්වා වනාන්තර, වෙනත් එවැනි  ගස් කොළන් බහුල ස්ථාන සහ ආශ්‍රීත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි.  නමුත් තෙත් කලාපයේ සහ වියලි කලාපීය ගංගා දෙපස පිහිටි වනාන්තර වල වඩාත් සුලභය. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් දිවිගෙවන හිස කළු කොණ්ඩයන් ප්‍රධාන වශයෙන් පළතුරු, කුඩා ගෙඩි ජාති මෙන්ම කෘමි සතුන්ද ආහාරයට ගනී. වසරේ මාර්තු සිට අප්‍රේල් දක්වා සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා පඳුරු අතර හෝ කුඩා ගසක අතු පතර මනාව සැඟවුන ස්ථානයක කෝප්පයක හැඩය සහිත කූඩුවක් තනා අභිජනනයේ යෙදේ. 
English Post >>

Monday, April 12, 2021

Impatiens thwaitesii

An endemic slender herb of shady damp banks and riverside rocks in the sub montane forests from 350 to 900 m elevations. Rather rare.




 

Sunday, April 11, 2021

රබර්/Para Rubber(Hevea brasiliensis)

 
Native tree of South America, introduced to Sri Lanka in 1876 by the British colonial rulers. Since then widely cultivated in plantations for the the milky latex extracted from the tree. Which is the primary source of natural rubber. 

Friday, April 2, 2021

ආඩතෝඩ/අගල් ආධාර/පාවට්ටා/වන ඇපල[Adathoda/Agal adara/Pavatta/Wana epala]/Common Cough Cure/Malabar Nut(Justicia adhatoda)

 Common native shrub cultivated as a hedge plant and occasionally on borders of paddy fields in the low and mid country. Widely used in traditional and Ayurvedic medicine as a remedy to cough, asthma, phlegm and fever with several other plant elements.  

Monday, March 29, 2021

ඇටිකුකුලා (Centropus sinensis)

 දිවයින පුරා ගෙවතු, වගා බිම්, ලඳු කැලෑ, තෙත් කලාපයේ වනාන්තර මායිම් සහ වියලි කලාපීය වනාන්තර තුලද හමුවන සුලභ දේශිය පක්ෂියෙකි. බොහෝවිට භෞමිකව ගොදුරු සොයා යන ඇටිකුකුලා ගොළුබෙල්ලන්, කටුස්සන්, ගෙම්බන්, කෘමීන්, සර්පයින් මෙන්ම කුරුළු බිත්තර සහ කුඩා කුරුළු  පැටවුන්ද ආහාරයට ගනී. තනිව හෝ ජෝඩු වශයෙන් හමුවන ඇටි කුකුලන්ගේ ගැහැණු/පිරිමි ජෝඩු ජීවිත කාලය පුරාම එක්ව සිටින බව විශ්වාස කෙරේ. ඔවුන් ගොදුරු සොයා යෑමේදී නිබදවම එකිනෙකා හා ශබ්ද නිකුත් කරගනිමින් සන්නිවේදනය පවත්වා ගනී. පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වාත් නැවත ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වාත් තාල ගසක අතු පතර හෝ කටු සහිත පඳුරු අතර සැඟවුණ ගෝලාකාර කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>


Sunday, March 28, 2021

ඉන්දු දියකාවා (Phalacrocorax fuscicollis)

පහත රට වියලි කලාපයේ ඉතාමත්ම සුලභ දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ මෙන්ම කඳුකරයේ පහල කොටසේද තරමක් දුර්ලභ ලෙසින් හමුවේ. කුඩා රංචු වශයෙන් පුංචි දියකාවන් වැනි වෙනත් ජලාශ්‍රීත පක්ෂීන්ද සමගින් වගුරු බිම්, වැව්, කලපු, ගංගා සහ විශාල ඇල මාර්ග වල ජලයේ කිමිදී මත්ස්‍යයන් ගොදුරු කරගනිමින් හැසිරේ.වසරේ ඔක්තෝබර් සිට අප්‍රියෙල් දක්වා මාස වල ජලයේ වැඩී ඇති ගස් වල අතු මත කෝටු කෑලි තබා සැදූ කූඩුවක බිත්තර දමා අභිජනනයේ යෙදේ. බොහෝවිට සමූහ වශයෙන් කොකුන් සහ වෙනත් දියකා විශේෂද එම ගස් වලම එකම කාලයකදී එක්ව කූඩු තනන ආකාරය දැක ගත හැක.

English Post >>

Saturday, March 27, 2021

සිවුරු හොරා (Terpsiphone paradisi)

 බෞද්ධ භික්ෂූන්ගේ සිවුරේ පඬු පැහැයට සමාන පැහැයක් සහිත පිහාටු සහිත හෙයින් පොදු ව්‍යවහාරයේ සිවුරු හොරා ලෙසින් හැඳින්වෙන මෙම පක්ෂියා උප විශේෂ දෙකක් ලෙසින් මෙරටදී හමුවේ. ඉන් එක උප විශේෂයක් (T.P.ceylonensis) දේශිය පක්ෂියෙකු වන අතර අනික් උප විශේෂය (T.P.paradisi) මෙරටට වසරේ එක් කාලයකදී පමණක් සංක්‍රමණය වන සංක්‍රමණික පක්ෂියෙකි. දේශිය උප විශේෂය ඔවුන්ගේ අභිජනන සමයේදී පහත රට වියලි කලාපයේ වාසය කරන අතර, එම උප විශේෂය මෙන්ම සංක්‍රමණික ඉන්දියානු උප වීශේෂයද වසරේ පක්ෂි සංක්‍රමණය සිදු වන මාස තුලදී දිවයින පුරාම 1700m  ක පමණ උසක් දක්වා වනාන්තර සහ ගෙවතු වල දැකිය හැක.  කෙසේ වෙතත් මෙරටට සංක්‍රමණය වන උප විශේෂයේ වැඩුණු පිරිමි සතුන් සුදු පැහැති පිහාටු දරන අතර පොදු ව්‍යවහාරයේ එම පක්ෂීන් සුදු රෙදි හොරුන් ලෙස හැඳින්වේ. එසේම එම පිරිමි සතුන් හට දිගු පෙඳයක්ද ඇත. මෙරටදී අභිජනනය කරන දේශීය උප විශේෂයේ වැඩුණු පිරිමි සතුන්ටද දිගු පෙඳයක ඇති මුත් ඔවුන්ගේ ශරීර වර්ණය පඬු පැහැතිය. දේශිය උප විශේෂයේ මෙන්ම සංක්‍රමණික ඉන්දියානු උප විශේෂයේද ගැහැණු සතුන් සහ නොවැඩුණු ගැහැණු මෙන්ම පිරිමි පක්ෂීන්ද ඉහත රූපයේ මෙන් කෙටි පෙඳයක් සහිත පඬුපැහැති පක්ෂීන් වේ. මෙම පක්ෂීන්ගේ ප්‍රධාන අහාරය පියාඹන කුඩා කෘමීන් වන අතර කෘමීන් ගුවනේදී හඹා ගොසින් අල්ලා ගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක.

English Post >>

Thursday, March 25, 2021

කහ හැලපෙන්දා (Motacilla flava thunbergi)

 මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙකු වන කහ හැලපෙන්දන් උප විශේෂ කිහිපයක්ම මෙරටින් වාර්තා වී ඇති මුත් ඒ අතරින් වඩාත්ම සුලභ වන්නේ දිවයින පුරාම තෘණභූමි සහ වගුරු බිම් වල හමුවන M.f. thunbergi උප වීශේෂයයි. ඊට අමතරව (M.f. bema, M.f lutea, M.f. melanogrisea සහ M.f. simillima යන උප විශේෂද දුර්ලභ හෝ ඉතාමත් දුර්ලභ ලෙස පහත රට වියලි කලාපයේ විවිධ ස්ථාන වලින් වරින් වර වාර්තා වී ඇත. මෙරට සිටින කාලය තුලදි කහ හැලපෙන්දන් විසිරුණු රංචු ලෙසින් තෘණභූමි, වියලී ගිය වැව් පිටි,කුඹුරු සහ වෙනත් එවැනි පරිසර පද්ධති වල ආහාර සොයමින් හැසිරෙන අතර රාත්‍රී කාලයේදී සමූහ වශයෙන් වගුරු වල වැවෙන පඳුරු හෝ පන් ගාල් අතර ලැග සිටී. 

English Post >>


Wednesday, March 24, 2021

කහ කුරුල්ලා (Oriolus xanthornus)

 පහතරට සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා වනාන්තර, ගෙවතු සහ වෙනත් එවැනි ගස් කොලන් සහිත ප්‍රදේශ වල සුලභව හමුවන දේශීය පක්ෂියෙකි කහ කුරුල්ලා. ජෝඩු වශයෙන් හෝ කුඩා පවුල් රංචු වශයෙන් ගසින් ගසට ඉගිලෙමින් පළතුරු සහ කෘමීන් ආහාරයට ගන්නා කහ කුරුල්ලන් ඔක්තෝබර් සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ.

English Post >>

Tuesday, March 23, 2021

කන කොකා (Ardeola grayii)

 දිවයින පුරාම පාහේ බහුලව කුඹුරු වල දැකිය හැකි සුලභ පක්ෂියෙකි. එසේම වැව්, වගුරු බිම් සහ කලපු වලද හමුවේ. දිවා කාලයේ ගොදුරු සොයන අතරතුරේ තනි තනි පක්ෂීන් ලෙස හැසිරුනද, සවස් යාමය එලඹීමත් සමග රංචු වශයෙන් රාත්‍රියේ සමූහ වශයෙන් ලැගුම් ගන්නා ගස් මුදුන් කරා පියාඹන කන කොකුන් නිරීක්ෂණය කල හැක. මත්ස්‍යයන්ට අමතරව ගෙම්බන් සහ ජලජ කෘමීන් ආදියද ආහාරයට ගන්න කන කොකා දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන අතර, වෙනත් කොකුන්, දියකාවන් ආදීන් සමග එකම ගස් පෙලක කූඩු තනන ආකාරය දැකිය හැක. ගසක මුදුනේ අතු අතර කෝටු කෑලි එකතු කර තනන වේදිකාවක් වැනි කූඩුවක බිත්තර 3ක් හෝ 4 ක් දමා අභිජනනය සිදු කරයි.

English Post >>

Monday, March 22, 2021

ලතුවැකියා/ඇඹල මානකොකා (Mycteria leucocephala)

 පහතරට වියලි කලාපයේ වැව්, වගුරු බිම් සහ කලපු ආශ්‍රිතව හමුවන දේශීය පක්ෂියෙකි ලතුවැකියා. දෙහිවල සත්වෝද්‍යානයෙන් පලාගිය පක්ෂීන්ගෙන් පැවතෙන කොළඹ සහ ඒ අවට තෙත්බිම් වලට සීමා වූ පක්ෂි ගහණයක්ද එයට අමතරව තෙත් කලාපයේ හමුවේ. සාමාන්‍යයෙන් කුඩා රංචු වශයෙන් දිවිගෙවන මුත් ලතුවැකියන් ඇතැම් විට තනි පක්ෂීන් ලෙස මෙන්ම විශාල රංචු වශයෙන්ද හමුවේ. මාළුන්, ගෙම්බන්, කකුළුවන්, ජලජ සර්පයන් මෙන්ම වෙනත් කුඩා කටුස්සන් වැනි උරගයන්ද ගොදුරු කරගන්නා ලතුවැකියන් කෝටු කැබලි එකතු කර සාපෙක්ෂව කුඩා කූඩුවක්, බොහෝවිට ජලයේ වැඩෙන ගසක මුදුනේ තනා වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදේ. ලතුවැකියන් වෙනත් ජලජ පක්ෂීන්ද සමග එකතුව සමූහ වශයෙන් එකම ගසක කූඩු තනන ආකාරය නිරීක්ෂණය කල හැක. මෙම පක්ෂීන්ගේ අසාමාන්‍ය හැසිරීමක් G.M. හෙන්රි වාර්තා කර ඇත. එනම් ඔවුන් විවේකයෙන් සිටින විට සිය වසුරු ඔවුන්ගේම පාද පුරා විසුරුවා පාද සුදු පැහැ කරගැනීමක් කරන බවයි.

English Post >>

Sunday, March 21, 2021

කලපු කිරලා/කළුපිය ඉපල්පාවා (Himantopus Himantopus)


 පහත රට වියලි කලාපයේ කලපු, වගුරු බිම්, වෙරල ආසන්නයේ පිහිටි මඩ වගුරු සහ රට ඇතුලට වන්නට පිහිටි වැව් වලද දැකිය හැකි දේශීය පක්ෂියෙකි කලපු කිරලා. තවද සංක්‍රමණික පක්ෂීන් ලෙසින් මෙරටට පැමිණෙන කලපු කිරලන්ද පහත රට තෙත් සහ වියලි කලාප දෙකේම සුදුසු ජලජ පරිසර පද්ධතීන් වල එම කාලයේදී හමුවේ. කලපු කිරලන්ගේ ආහාරය ප්‍රධාන වශයෙන් බෙල්ලන් වැනි මොලුස්කාවන්, පණුවන්, ජලජ කෘමීන් මෙන්ම වගුරු වල වැවෙන ශාක කොටස් වලින්ද සමන්විත වේ. නිතරම කුඩා විසිරුණු රංචු වශයෙන් ආහාර සොයමින් සැරිසරන මුත් අනතුරක් දැනුන අවස්ථාවකදී එකට එක්වන ආකාරය නිරීක්ෂණය කල හැක. ජලාශ්‍රීත වෙනත් පක්ෂීන් මෙන් නොව රිටක් වැනි දිගු පාද සහිත කලපු කිරලන්ට තරමක් ගැඹුරු ජලයේ වුවද ගොදුරු සොයමින් ඇවිදීමේ හැකියාව ඇත.  කලපු කිරලන් කුඩා රංචු ලෙසින් එක්ව කලපු හෝ වැවක අද්දර හෝ කුඩා දූපත් වල පොළව මතුපිට වලක් හාරා එය වටා ඇතැම්විට පරඩැල්, ජලජ ශාක කොටස් හා වියලුණු ගොම කොටස් ආදිය තබා සාදාගන්නා කූඩුවක බිත්තර දමා වසරේ ජූලි හා ජූනි මාස වලදී අභිජනනයේ යෙදේ.

English Post >>

Saturday, March 20, 2021

නිල්පෙඳ බිඟුහරයා/මහ කුරුමිණිකුරුල්ලා(Merops philippinus)

ප්‍රධාන වශයෙන් දිවයින පුරාම පාහේ ඝන කැලෑ වල හැර සෙසු ප්‍රදේශ වල දැකිය හැකි සංක්‍රමණික පක්ෂියෙකි නිල්පෙඳ බිඟුහරයා. වසරේ අගෝස්තු මාසයේ මෙරටට පැමිණෙන නිල්පෙඳ බිඟුහරයා ඊලඟ වසරේ මැයි පමණ වනතෙක් රට තුල දැකිය හැක. ප්‍රධාන වශයෙන් සංක්‍රමණික පක්ෂියෙකු වුවත් රටේ ගිණිකොණ දිග වෙරළබඩ කලාපයේ මෙරට තුල අභිජනනය කරන පක්ෂීන් සුළු ප්‍රමාණයක්ද හමුවී ඇත. මීමැස්සන්, සමනලයන්, කූරන් වැනි පියාඹන කෘමීන් වසා සිටින ගස් අතු මත සිට ඉගිලී ගුවනේදී ගොදුරු කරගන්නා නිල්පෙඳ බිඟුහරයා බොහෝවිට 10 කට නොවැඩි කුඩා රංචු වශයෙන් සැරිසරයි. නිල්පෙඳ බිඟුහරයන් පියාඹන අතරතුරේම ගංගා, වැව්, පොකුණු ආදියෙහි ගිලෙමින් ජලස්නානය කරන ආකාරයද බොහෝවිට නිරීක්ෂණය කල හැක. 

English Post >>


Thursday, March 4, 2021

කළුකුරුල්ලා/කළු බිම්සැරියා (Turdus simillimus)


 මීටර් 1000 ට වඩා උස කඳුකරයේ පමණක් හමුවන දේශිය පක්ෂියෙකි. වනාන්තර යටිරෝපනයේ, මනාව තුරු ගොමු සහිත ගෙවතු වල මෙන්ම තේ වතු වලද වැඩිවශයෙන් පොළොව මත කොළ රොඩු අතර කෘමීන් සොයමින් හැසිරේ. කෘමීන්ට අමතරව කුඩා ගෙඩි වර්ගද ආහාර කර ගනී. ප්‍රධාන වශයෙන් උදෑසන සහ ගොම්මං යාමයේ ක්‍රියාශීලි වන පක්ෂියෙකි. වසරේ මාර්තු සිට අප්‍රේල් දක්වා සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. ගහක අත්තක කරුවක් මත පාසි, මුල් කැබලි සහ වෙනත් එවැනි කෙඳි වර්ග උපයෝගි කරගනිමින් තරමක් ගැඹුරු කෝප්පයක හැඩය සහිත කූඩුවක් තනා බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Wednesday, March 3, 2021

වයිරපිය මැසිසැරටිත්තා/පුංචි කොවුල් ඇස් පටියා (Hemipus picatus)

සියළුම දේශගුණික කලාප වල පාහේ වනාන්තර සහ මනාව තුරු ගොමු සහිත පරිසර වල තරමක් දුර්ලභව හමුවන දේශිය පක්ෂියෙකි.නමුත් කඳුකරයේ සුලභව හමුවන අතර වියලි කලාපයේදී ගංගාධාර වනාන්තර වලට අඩු වැඩි වශයෙන් සීමාවේ. ජෝඩු වශයෙන් හෝ රංචු වශයෙන් දැකිය හැකි අතර, ආහාර සොයා විවිධ විශේෂ වල කුරුළු වර්ග එකම මගක ගමන් කරන කුරුළු නඩ වලද සාමාජිකයෙකි. වනාන්තර වියනේ හමුවන කෘමි විශේෂ ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා මෙම පක්ෂියා මැසිමාරාවුන් (Flycatchers) සේ අත්තක් මත සිට එකවර පියාඹා ගොස් ඉගිලෙන කෘමීන් ගොදුරු කර ගනී. මාර්තු සිට මැයි අතර කාලයේ අභිජනනයේ යෙදෙන අතර, වනාන්තර උඩු වියනේ ගසක අත්තක උඩු පැත්තේ විවිධ කෙඳි වර්ග , මකුළු දැල් ආදියෙන් තනා පිටතින් ගස් වල පොතු කැබලි, ලයිකන ආදියෙන් මනාව එම පරිසරය තුලම සැඟවූ, නොගැඹුරු කෝප්පයක හැඩය සහිත කූඩුවක බිත්තර තුනක් පමණ දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Tuesday, March 2, 2021

Monday, March 1, 2021

Pied Thrush/Pied Ground Thrush/ගෝමර වල් අවිච්චියා/ගෝමර තිරාසිකයා[Gomara Wal Awichchiya/Gomara Tirasikaya] (Zoothera wardii)

Rather uncommon winter migrant to forests, ravines and well -wooded gardens in the mid hills and above, arriving in October to November and leaving back to its breeding grounds in the Himalayas about March. Pied Thrush mainly feeds on insects on the ground, turning over the leaves beneath the undergrowth. It also eats berries of tall trees.  

Sunday, February 28, 2021

Ceylon Hedge Blue/Sri Lanka Hedge Blue (Udara lanka)


An endemic butterfly common in the forested areas above 1100 m elevations. It is much common in the first four months of the year, especially at the Horton Plains National Park and the vicinity. Both male and female flies in the canopy to feed on nectar of forest flowers. The male also descends to the ground to mudsip and to feed on scats. Its larva feeds on flower buds and seed pods of Smithia blanda. Persicaria chinensis is also identified as a larval food plant of this butterfly. 


 


Monday, February 22, 2021

Thursday, January 28, 2021

Monday, January 4, 2021

බොර මුගටියා [Bora Mugatiya]/Indian Brown Mongoose (Herpestes fuscus)

 Indian Brown Mongoose is a mammal inhabiting forest patches, well wooded home gardens, tea estates, and similar habitats throughout the western third of the island from northwest arid zone to higher hills. It is seldom to be found in heavy forests. However it can be also seen in urban and suburban home gardens, even within the heart of Colombo. It is usually seen as a solitary animal though mating pairs or mother-pups families occasionally encountered. Indian Brown Mongoose is a omnivorous and mainly preys on rodents, frogs, snakes, lizards, spiders, birds their eggs and young, worms, grubs, etc. It also eats berries and even flowers. Depending on the habitat, it is active both during the day and night but usually forages in the early mornings and late afternoons. Indian Brown Mongoose breeds mostly during the first few months of the year. Female Indian Brown Mongoose give birth to  three or four pups in a chamber dug into an anthill or an earthen bank usually by the mother. Three sub species of Indian Brown Mongoose are accepted as H.f. phillipsi from Central Province, H.f. rubidior from the Western Province and H.f. siccatus from the Northern Province mainly base on size and color.   

Sunday, January 3, 2021

Saturday, January 2, 2021

Pogostemon reflexus

An endemic semi-shrubby herb  in exposed or partly shaded rocky area of submontane and montane zones from 1700 to 2400 m elevations.
Rather common and flowering from October to March.

Friday, January 1, 2021

Taxillus sclerophyllus

An endemic half-parasitic shrub growing on branches of trees in high montane zone from 1200 to 2100 m elevations.  Flowering from March to June and fruiting from July to September.

Thursday, December 31, 2020

ගෝමර සිටිබිච්චා/ගෝමර බට්ටි කුරුල්ලා (Saxicola caprata atrata)

 තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකු වුවත් කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා තෘණ භූමි, පතන් බිම්, ගෙවතු සහ විවෘත භූමි වල සුලභව දැකිය හැක. ජොඩු වශයෙන් හමුවන ගෝමර සිටිබිච්චන් මිටි පඳුරු සහ එවන් ස්ථාන වල සිට ඉගිලෙමින් කෘමි සතුන් ගොදුරු කරගනී. ගෝමර සිටිබිච්චා වසරේ පෙබරවාරි සිට මාර්තු මාස වල තණකොළ පත්‍ර, කුඩා මුල් සහ වෙනත් එවැනි දෑ උපයෝගි කරගනිමින්  කඳු බෑවුමක හෝ කණ්ඩියක් මත මනාව සැඟවුන ස්ථානයක සාදන විවෘත කෝප්පයක හැඩය සහිත කූඩුවක බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>


Wednesday, December 30, 2020

Polygala arillata

 An indigenous shrub, small tree or sometimes a scandent climber in semi shade of montane forests above 1300 m elevations. Flowering all the year round. 

Tuesday, December 29, 2020

Impatiens macrophylla

An endemic large herb of moist shaded places in montane rain forests from 1650 to 2400 m elevations. Often grows by streams and rivers.  Occasionally also occurs on road banks or rock outcrops.

Monday, December 28, 2020

Sunday, December 27, 2020

ඉඟුරු[Inguru]/Ginger (Zingiber officinale)

The root ginger of commerce which is widely used as a spice or as a medicine in traditional medicine. Country of origin unknown. Cultivated in tropical countries throughout the world.

Saturday, December 26, 2020

Calanthe triplicata

Rather rare native terrestrial herb in the shade of trees in montane forests up to about 2134 m elevations. 

Friday, December 25, 2020

ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා/ගුරු කොණ්ඩයා (Pycnonotus penicillatus)

කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත ගස් කොළන් බහුල ගෙවතු වල සුලභව හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. බොහෝවිට ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් හමුවන කහකන් කොණ්ඩයන් පඳුරු සහ නොඋස් ගස් අතර පළතුරු සහ කුඩා කෘමීන් ආහාරයට ගනිමින් පියඹා යනු දැකිය හැක. මාර්තු සිට අප්‍රේල් දක්වා කාලයේ සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් මාස වල අභිජනනයේ යෙදෙන කහකන් කොණ්ඩයන් ගසක පහත් අත්තක පිහිටි දෙබලක පාසි, ගස් වල කුඩා මුල් ආදිය උපයෝගි කරගනිමින් සාදන කෝප්පයක හැඩය සහිත කූඩුවක බිත්තර දෙකක් දමයි.

English Post >>