English Post >>
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Tuesday, July 4, 2023
රෙදි දියන්/හිස දුඹුරු දෙමළිච්චා/ශ්‍රි ලංකා බොරග පිරී දෙමළිච්චා (Pellorneum fuscocapillus)
හිස දුඹුරු දෙමළිච්චා පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල ස්ථානිය වශයෙන් තරමක් දුර්ලභ ලෙස හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. වනාන්තර යටි වියනේ වැඩි වශයෙන් කාලය ගත කරන මෙම පක්ෂියා බොහෝවිට ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් කොළ රොඩු අතර කෘමීන් සොයමින් හැසිරේ. හිස දුඹුරු දෙමළිච්චාගේ නොනැවතී ඇසෙන නාදය රෙදි දියන් ලෙසින් ඇසෙන හෙයින් ගැමියන් අතර රෙදි දියන් ලෙසින් හැඳින්වෙන මෙම පක්ෂියා වසරේ නොවැම්බර් සිට මාර්තු අතර කාලයේ හෝ නැවතත් සැප්තැම්බර් මාසයේ ඝන වනාන්තරයේ ගසක් හෝ පඳුරක් පාමුල වියලි කොළ වලින් අපිලිවෙලකට තැනූ ගෝලාකාර කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ.
Saturday, July 1, 2023
උස්වටුවා/අළු උස්සවටුවා (Francolinus pondicerianus)
තරමක් සුලභ ලෙස දිවයිනේ වයඹ, උතුර සහ ඊසාන දිග වෙරළ තීරයේ සහ ඒ ආසන්නව රට තුලට වන්නට පිහිටි වියලි විවෘත ලඳු කැලෑ සහ තැනින් තැන විසිරුණ පඳුරු වලින් සමන්විත තෘණ භූමි වල පමණක් හමුවන දේශීය පක්ෂියෙකි. එසේම එම ප්‍රදේශ වල මුහුදේ පිහිටි ඇතැම් දූපත් වලද දැකිය හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් දිවිගෙවන උස් වටුවා පොළව හාරමින් තෘණ වර්ග සහ වෙනත් එවන් වල් පැලෑටි වල බීජ, ධාන්‍ය වර්ග මෙන්ම කුහුඹුවන්, වේයන්, තණකොලපෙත්තන්, වැනි කෘමි සතුන්ද ආහාරයට ගනී. වැඩි වශයෙන් ඇවිදිමින් සහ දුවමින් එහෙ මෙහෙ යන මෙම පක්ෂියා හදිස්සි තර්ජනයකදී එයින් මිදීමට විනා බොහෝවිට පියාඹීම සිදු නොකරයි. මැයි සිට අගෝස්තු මාස අතර කාලයේ කුඩා පඳුරක් හෝ තණ පඳුරක් යට පොළව සූරා දමා ඒ වටා තණකොල මුල් අතුරා තනා ගන්නා කූඩුවක බිත්තර හතරේ සිට අට දක්වා ප්‍රමාණයක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Thursday, June 29, 2023
Tuesday, June 27, 2023
පාදිලි මානාවා (Ciconia episcopus)
පාදිලි මානවා පහත රට වියලි කලාපයේ වැව් පිටි, වගුරු බිම්, විවෘත තෘණ භූමි සහ කුඹුරු ආදියේ වාසය කරන දුර්ලභ දේශිය පක්ෂියෙකි. බොහෝවිට ජෝඩු වශයෙන් හමුවන මුත් විශාල ජලාශ සිදීගෙන යන විට විශාල රංචු ලෙසින්ද එම ස්ථාන වල ඒකරාශි වේ. මත්ස්‍යයන්, ගෙම්බන්, බෙල්ලන් මෙන්ම විශාල පලගැටියන් වැනි කෘමීන්ද, ජලජ කෘමි විශේෂද ගොදුරු කර ගන්නා පාදිලි මානාවා පෙබරවාරි සිට මාර්තු අතර කාලයේ වනාන්තරය මධ්‍යයේ උස් ගසක මුදුනේ කෝටු කැබැලි විශාල වශයෙන් එකතු කර කූඩුවක් තනා අභිජනනයේ යෙදේ. වෙනත් කොකුන් සහ මානාවන් මෙන් තෝරාගත් ප්‍රදේශයක අභිජනන කොලනි ආකාරයෙන් එකතු නොවී තනිව කූඩු සෑදිම මෙම පාදිලි මානාවාගේ විශේෂත්වයකි.
English Post >>
Saturday, June 24, 2023
Saturday, June 17, 2023
කෑරලා (Dinopium psarodes)
දිවයිනේ උතුරු ප්‍රදේශයේ හැර අනෙකුත් පහත රට සහ කඳුකර ප්‍රදේශ වල වනාන්තර, වගා බිම් සහ ගෙවතු වල සුලභ ලෙස හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. ජෝඩු වශයෙන් දිවි ගෙවන මෙම කෑරලා ගස් පොතු තුල සිටින කුහුඹුවන් වැනි කුඩා කෘමීන් ආහාරයට ගනී. කලාතුරකින් භූමිය මතද වසා එවැනි කෘමින් ගොදුරු කරගන්නා ආකාරය දැකිය හැක. මාර්තු සිට ජූනි දක්වා සහ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක අත්තක් හෝ කඳ තුලට හෑරු බෙනයක බිත්තර දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Monday, June 12, 2023
Grey Francolin/Indian Grey Partridge/උස්වටුවා/අළු උස්සවටුවා (Francolinus pondicerianus)
Rather common breeding resident confined to the dry open scrublands and pastures with scattered bushes of the coastal and near by lowland areas from north western to north and north eastern part of the country, together with the adjacent islands. It lives as pairs or as small coveys and feeds on grass and weed-seeds, grains, ants, termites, grasshoppers and such other insects by scratching the ground. Grey Francolin is a great runner and a walker, seldom flying except to escape from an enemy when suddenly startled. The breeding season lasts from May to August. The nest is a scrape in the ground under small bush or tussock, lined with grass roots, where it lays four to eight eggs.
සිංහලෙන් කියවන්න >>
Sunday, June 11, 2023
ඉඳි (Phoenix pusilla)
An indigenous small palm widespread in the wet and dry lowlands up to 500 m elevations. Flowering in May and June.
Sunday, June 4, 2023
Subscribe to:
Comments (Atom)