Sunday, July 11, 2021

කළුකිච්චා (Saxicoloides fulicatus)


වියලි කලාපයේ වියලි විවෘත ප්‍රදේශ වල සුලභව හමුවන, තෙත් කලාපයේ දුර්ලභව ඇතැම් විශේෂිත ප්‍රදේශ වල පමණක් කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා පාහේ හමුවන දේශිය පක්ෂියෙකි. ගෙවතු, වගා බිම් සහ ලඳු බිම් වලට වඩාත් ප්‍රියකරන කළුකිව්ච්චා ඝන වනාන්තර තුල හමු නොවේ. භෞමිකව කුඩා කෘමීන් ආහාරයට ගනිමින් ජෝඩු වශයෙන් හැසිරෙන කළුකිච්චන් වසරේ මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ පස් කණ්ඩියක, ගසක කඳක හෝ ඇතැම් විට ගොඩනැගිල්ලක් තුල වූ කුහරයක කූඩුවක් සාදා බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

1 comment:

  1. නියමයි. කියවන්නත් ලේසියි. දැනට වාර්ථා වී නැති කුරුළු විශේෂ හෝ සත්ව විශේෂ මේ රටේ තව ඇත්ද? ඕක මට ගොඩක් කල් ඉදලා තියෙන් ප්‍රශ්නයක්

    ReplyDelete