වියලි කලාපයේ මෙන්ම තෙත් කලාපයේත් පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වනාන්තර සහ ගස් කොළන් සහිත ගෙවතු වල දැකිය හැකි මෙරටට ආවේනික සුලභ පක්ෂියෙකි අලු කෑදැත්තා. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් ජීවත් වල අලු කෑදැත්තන් ඇතැම් විට විශාල රංචු වශයෙන්ද පළතුරු බහුල ගස් වල නිරීක්ෂණය කල හැක. කුඩා ගෙඩි වර්ග, කටුස්සන්, ගස් ගෙම්බන්, සහ කෘමීන් ආහාර කරගන්නා මෙම පක්ෂියා අප්‍රියෙල් සිට අගෝස්තු දක්වා කාලයේ විශාල ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනය කරයි.
ලස්සනයි
ReplyDeleteපට්ට
ReplyDelete