Sunday, September 24, 2023

පෝරු කෑදැත්තා/පොරෝ කෑදැත්තා (Anthracoceros coronatus)


 වියලි කලාපයේ පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල උස මට්ටම දක්වා වනාන්තර සහ එවැනි ගහකොළ සහිත පරිසර වල සුලභ දේශීය පක්ෂියෙකි. ගංගා ඉවුරු වල ඇති උස ගස් වල ජෝඩු ලෙසින් සහ විශාල රංචු ලෙසින් නිතර හමුවේ. නුග, පලු වැනි කුඩා ගෙඩි වර්ග ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා පොරෝ කෑදැත්තා ඊට අමතරව කුඩා සතුන්ද ගොදුරු කරගනී. අප්‍රියෙල් සිට අගෝස්තු දක්වා කාලයේ අභිජනනය කරන මෙම පක්ෂියාගේ ගැහැණු සතා ගස් බෙනයක් තුල බිත්තර දමා එය තුලම සිටින අතර පිරිමි පක්ෂියා මඩ වලින් බෙනයේ කට මුද්‍රා තබයි. පැටවුන් තරමක් වැඩී බෙනය තුල ඉඩ මද වන විට ගැහැණු පක්ෂියා බෙනයේ මුද්‍රා කඩාගෙන පිටතට පැමිණ නැවතත් එය මුද්‍රා තබයි. පැටවුන් ප්‍රමාණවත් තරමට වැඩුණු පසු නැවත එම මුද්‍රාව කඩාගෙන ඔවුන් එලියට පැමිණෙන අතර, එතෙක් ගැහැණු සහ පිරිමි පක්ෂියා ඔවුනට ආහාර සපයයි. ගැහැණු සතා බෙනය තුල සිරවී සිටින කාලය තුලද පිරිමි සතා එහි ඇති කුඩා විවරයකින් ගැහැණු සතා හට ආහාර සැපයීම සිදු කරයි.

English Post >>

No comments:

Post a Comment