Saturday, October 7, 2023

කළු තුරිතයා/පුංචි තුරිතයා (Apus affinis)


පහත රට ප්‍රදේශ වල සිට කඳුකරය දක්වා, විශේෂයෙන් විශාල ගල් තලා අසල ස්ථානීය වශයෙන් සුලභ දේශීය පක්ෂියෙකි. විශාල විසිරුණු රංචු ලෙසින් පියාඹන කෘමීන් ගොදුරු කරගනිමින් වේගයෙන් පියාඹන පුංචි තුරිතයන් බොහෝවිට වෙනත් තුරිතයන් විශේෂ මෙන්ම වැහිලිහිණියන් සමගද එකට දැකිය හැක. වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදෙන මෙම පක්ෂියා ගල් ගුහාවක වහලයේ හෝ පාලමක යටිපැත්ත වැනි ස්ථානයක හෝ වෙනත් එවැනි තැනක තණකොළ, පිදුරු සහ පිහාටු සිය කෙල වලින් එකට අලවා තනන විශාල කෝප්පයක හැඩැති කූඩු සමූහ වශයෙන් තනා අභිජනනය කරයි. බොහෝවිට එම කූඩු ලැග සිටීම සඳහාද භාවිතා කරන බැවින් වසර පුරාම පාහේ පුංචි තුරිතයන් එම කූඩු පිහිටි ස්ථානය අවට නිතර දැක ගත හැක. 

 English Post >>

No comments:

Post a Comment