Sunday, October 22, 2023

තල්ගස් කුරුල්ලා/අළු වනලිහිණියා (Artamus fuscus)

සියළුම දේශගුණික කලාප වල සුලබ දේශීය පක්ෂියෙකි. කඳුකරයේ තරමක් දුර්ලභය. බොහෝවිට වනාන්තර අද්දර, කුඹුරු ආදී ගහකොළ සහිත විවෘත බිම් වල හමුවේ. දුරකතන සහ විදුලි රැහැන් මත නිතර දැකිය හැක. පක්ෂීන් 10-15 පමණ සහිත කුඩා රංචු ලෙසින් හෝ ඇතැම්විට ජෝඩු වශයෙන් හමුවේ. ගුවනේ පියාඹන කෘමීන් ගොදුරු කර ගන්නා මෙම පක්ෂියා පෙබරවාරි සිට ජූනි දක්වා කාලයේදී තාල වර්ගයේ ගසක අත්ත ගසට සම්බන්ධ වන ස්ථානයේ හෝ මැරුණ ගසක කොටයක් මත කුඩා ශාක මුල් සහ කෙඳි උපයෝගි කරගනිමින් නොගැඹුරු කෝප්පයක හැඩැති කූඩුවක් තනා බිත්තර 3 ක් පමණ දමා  අභිජනනය කරයි. මෙම පක්ෂියා කාලගුණ තත්වයන් මත හෝ කෘමීන්ගේ සුලභතාවය අනුව නිතර රට තුල වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වන පක්ෂියෙකු ලෙස සැලකේ.

 English Post >>

No comments:

Post a Comment