Wednesday, August 14, 2024

මොණරා (Pavo cristatus)

පහත රට වියලි කලාපයේ සහ අතරමැදි කලාපයට අයත් සමහර ප්‍රදේශ වල ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. විවෘත ප්‍රදේශ, හේන් සහ ලඳු කැලෑ වල දැකිය හැකි අතර ඝන කැලෑ වල හමු නොවේ. ධාන්‍ය වර්ග, ගස් වල කොළ, තණකොලපෙත්තන්, වේයන්, සහ කුඩා උරගයන්ද ආහාරයට ගන්නා මොණරා බොහෝවිට උදෑසන කාලයේ සහ ඉර බැස යෑමට පෙර හෝරාවන් වලදී ආහාර සොයමින් හැසිරේ. රාත්‍රියේදි ගස් මත ලැග සිටින අතර, දහවල් කාලයේදී බොහෝවිට කුඩා රංචු ලෙසින් ආහාර සොයමින් භූමිය මත බොහෝදුර ඇවිදිමින් කාලය ගත කරයි. බාධකයක් හමුවූ විට එය මගහැරීමට, උදාහරණයක් ලෙසට ගඟකින් එතෙර වීමට වැනි අවස්ථාවලදී මෙන්ම හදිසි අනතුරක් දැණුන විට පමණක් පියෑඹීම සිදු කරයි. දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ ඝනව වැඩුණු පඳුරු අතර පොළොව මත මඳක් හෑරූ වලක බිත්තර තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය කරන අතර, එම කාලයේදී පමණක් පිරිමි පක්ෂියාගේ දිගු පෙඳයක් දැකිය හැක.
 
English Post >>

No comments:

Post a Comment