Monday, November 3, 2025

බඩරතු රාජාලියා/කුසරත් සිළුකුස්සා (Lophotriorchis kienerii)

දිවයින පුරාම පාහේ වනාන්තර සහ හොඳින් ගහ කොළ සහිත ප්‍රදේශ වල දුර්ලභ ලෙසින් හමුවන දේශීය පක්ෂියෙකි. ජෝඩු ලෙසින් හෝ තනි තනි පක්ෂීන් ලෙසින් දිවි ගෙවන මෙම රාජාලියා ප්‍රධාන වශයෙන් වෙනත් පක්ෂීන්, විශේෂයෙන් පරවියන් ගොදුරු කර ගනී. අහසේ ඉහල සිට වේගයෙන් එවන් පක්ෂීන් හඹා ගොස් අල්ලා ගන්නා අතර එයට අමතරව කුඩා ක්ෂිරපායින් සහ උරගයන්ද ආහාරයට ගනී. වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ ගසක් මත කෝටු කැබැලි ගොඩ ගසා වටේට ශාක පත්‍ර යොදා තනන කූඩුවක එක් බිත්තරයක් දමා අභිජනනය කරයි.

English Post >>

No comments:

Post a Comment