Sunday, November 12, 2023

කහ කොණ්ඩයා/බැම කහ ගුලූගුඩුවා (Actritillas indica)

පහත රට තෙත් කලාපයේ වනාන්තර සහ එවැනි මනාව ගහ කොළ සහිත වෙනත් ස්ථාන වලත්, වනාන්තර අවට ගෙවතු වලත්  වියලි කලාපයේ ඝන වනාන්තර වලත් ස්ථානීය වශයෙන් සුලභ දේශීය පක්ෂියෙකි. මුහුදු මට්ටමේ සිට මීටර 1500 දක්වා කඳුකරයේ හමුවන මුත් දිවයිනේ උතුරු අන්තයේ හමු නොවේ. ප්‍රධාන වශයෙන් කෘමීන් සහ පළතුරු ආහාරයට ගන්නා කහ කොණ්ඩයා ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් ජීවත් වේ. මාර්තු සිට අප්‍රියෙල් දක්වා හෝ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක කරුවක හෝ අත්තක කෙලවරේ වෙනත් සතුන්ට පහසුවෙන් ලගාවිය නොහැකි තැනක එල්ලා වැටෙන ආකාරයෙන් හෝ වියලි කොළ, සිහින් ගස් මුල් සහ මකුළු දැල් උපයෝගී කරගෙන කෝප්පයක හැඩයට තනන කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනය කරයි.
 
English Post >>

No comments:

Post a Comment